-0.8 C
New York

විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්

Published:

වැසි රහිත වියළි කාලාගුණික තත්වය දිගින් දිගටම පවතින්නේ නම් විදුලි ගාස්තු ඉහළ දැමීමට සිදුවිවනු ඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි ඊයේ (23) මාතලේ දී කීවේය.

ඔහු මේ බව කියා සිටියේ මාතලේ දිස්ත්‍රික් ඉංජිනේරු හමුවට එක්වෙමිනි.

“අපි විදුලි ගාස්තු 20%කින් පහත දැම්මා. නමුත් පෑවිල්ල දිගටම ඇල්ලුවෙත් වැඩි කරන්න සිදුවෙනවා.  අපිට අඛණ්ඩ විදුලි සැපයුමක් පවත්වාගෙන යන්න සංශෝධනවලට යන්න වෙනවා. ලාභ සහ ඉතිරිය ගැන නෙවෙයි පිරිවැය ගැන සිතන්න වෙනවා. විදුලිබල මණ්ඩලය රුපියල් බිලියන 140ක් ලාභයි කියා හැමදාම කියනවා. ඒක බොරුවක්. විදුලිබල මණ්ඩලයේ ලාභ නෙවෙයි ඉතිරියක් එනවා. කාර්තුවෙන් කාර්තුවේ මිල වෙනස් කිරීමේ දී පෙර මාස 06ක ඉතිරිය ඊළඟ මාස 06ට ගන්නවා. එතකොට අවුරුද්ද අවසානයේ ලාභයක් ඉතිරි වන්නේ නෑ. පසුගිය වසරේ බිලියන 140ක් තිබිල තියෙනවා. ඒක විදයම්වලට අන්තර්ගත වෙලා තියෙනවා. ඒකෙන් ඉතිරි වෙලා තියෙන්නේ බිලියන 46යි. ඒ 46 මේකට අන්තර්ගත කළාම බිලියන 42ක විතර පාඩුවෙනවා. මේ මාස 06 ගියාම. ඊටත් වැඩි වෙයි මේ පෑවිල්ල ගියාම.”

Related articles

Recent articles

spot_img