-0.8 C
New York

අර්ජුන් ඇලෝෂියස් කලින් ම නිදහස්

Published:

රුපියල් බිලියන 3.5ක අගය එකතු කළ බද්ධ (Vat) ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් මාස 06ක සිර දඬුවම් ලබා සිටි අර්ජුන් ඇලෝෂියස් සහ තවත් දෙදෙනකු සෙනසුරාදා (22) වැලිකඩ බන්ධනාගාරයෙන් නිදහස් කර තිබේ.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණී දිසානායක පවසන්නේ ඔවුන්ගේ යහපත් කල්ක්‍රියාව හේතුවෙන් මාස නියමිත සිර දඬුවමේ මාස දෙකකට පෙර නිදහස් කළ බවයි.

ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් ඩිස්ටිලරිස් සමාගම වැට් බඳු නොගෙවීමට දඬුවම් ලෙස එහි අධ්‍යක්ෂවරුන් මෙලෙස සිරගත කරන ලද්දේ පසුගිය 2024 වර්ෂයේ ඔක්තෝබර් මාසයේ දී ය. ඒ මාස හයක සිරදඬුවමක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් පැනවීම හේතුවෙනි.

සිරකරුවන්ට ඔවුන්ගේ හැසිරීම සහ බන්ධනාගාරය තුළ වැඩ වැඩසටහන් සඳහා ක්‍රියාකාරී සහභාගීත්වය මත පදනම්ව ලකුණු උපයා ගැනීමේ හැකියාව පවතී. ඔවුන් උපයාගත් ලකුණු අනුව දඬුවම තුනෙන් එකකින් අඩුකිරීමට දායක වූ බව මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේය.

Related articles

Recent articles

spot_img