spot_img
spot_imgspot_img

අලි 07කට මරු කැඳවූ මීනගයා අනතුරේ, දුම්රිය රියදුරා ගියේ නීති විරෝධී ගමනක් ?

පුවත්

විදෙස්

අලි හත් දෙනකුට ජීවිත අහිමි කරමින් අනතුරට පත් වූ මීනගයා දුම්රිය එදින පදවා ඇත්තේ රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ හෝ අනුමැතියක් නොමැතිව සේවයට යෙදාගත් විශ්‍රාමික දුම්රිය රියදුරකු යැයි වනජීවී සංරක්ෂණ සංසදය චෝදනා කරයි.

එහි ලේකම් නයනක රන්වැල්ල සඳහන් කරන්නේ එම රියදුරා වයස අවුරුදු 67 ඉක්මවූ අයෙක් බවයි. ඔහු විශ්‍රාම ලැබීමෙන් පසු දුම්රිය දෙපාර්තමේන්තුවේ ම කොන්ත්‍රාත් පදනමින් සේවය කර ඇති අතර එම කොන්ත්‍රාත්තුව ද පසුගිය ජනවාරි 15 වැනි දා අවසන්ව තිබී ඇත. වනජීවී සංරක්ෂණ සංසදය පවසන්නේ එවැනි රියදුරන් 19 දෙනකු දුම්රිය දෙපාර්තමේන්තුවේ මේ දක්වා ම සේවයට යෙදවා ඇති බවයි.

මෙම රියදුරා දුම්රිය ධාවනය කර ඇත්තේ තමන්ට ඉහළ නිලධාරියකු ලබාදුන් වාචික උපදෙස් මත බව ද මේ වනවිට අනාවරණය වී තිබේ.

වනාන්තර ප්‍රදේශවල දී වන අලි දුම්රියේ ගැටීම වැළැක්වීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 17ක් වැය කරමින් දුම්රිය එන්ජින්වල සංවේදන උපකරණ සවිකර ඇතත් ඒවා මේ වනවිට ක්‍රියාත්මක තත්වයේ නැත. නමුත් එම උපකරණ හොඳින් ක්‍රියාත්මක වන බව පවසමින් උපකරණ සවිකළ සමාගම්වලට සම්පූර්ණ ගෙවීම් පවා සිදුකර තිබේ. එම ව්‍යාපෘතිය මගින් දුම්රියවලට සවිකිරීම සඳහා ප්‍රමාණවත් තරම් උපකරණ ලබාගෙන නැතැයි ද චෝදනාවක් එල්ල වී ඇත.

වනජීව සංරක්ෂණ සංසදය පෙන්වා දෙන්නේ දුම්රියේ අලි ගැටීම වැළැක්වීම සඳහා රජය විධිමත් වැඩපිළිවෙලක් වහාම ක්‍රියාත්මක කළ යුතු බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!