spot_img
spot_imgspot_img

අලුත් ආණ්ඩුවේ විදුලිබල ඇමතිට ටෙන්ඩර් මගිඩි චෝදනාවක්. බිලියන 03ක් පාඩුකළැයි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නොතීසි

පුවත්

විදෙස්

සූර්ය විදුලි බලාගාරයක් සම්බන්ධයෙන් ටෙන්ඩරයක් ලබාදීමේ දී රජයට රුපියල් බිලියන 03ක පාඩුවක් සිදු වී ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමකට අදාළව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි ඇතුළු පිරිසකට නොතීසි නිකුත්කර තිබේ.

ඇතිමලේ, සියඹලාණ්ඩුව ප්‍රදේශයේ මෙගාවොට් 100ක සූර්ය බලාගාරයක් ඉදිකිරීමට ලංකා විදුලිබල මණ්ඩලය ටෙන්ඩර් කැඳවූ අවස්ථාවේ දී අඩුම ලංසුව නොසලකා වැඩි ලංසුවකට එම කොන්ත්‍රාත්තුව ලබාදී රජයට මූල්‍ය පාඩුවක් සිදුකර ඇතැයි පෙත්සම්කරු මිලින්ද ප්‍රසන්න මඩුගල්ල පවසයි.

ඇමතිවරයා ඇතුළු වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කරන්න යැයි නියෝගය නිකුත් කළ ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම්කරුගේ වියදමින් පෙබරවාරි 24 වැනි දිනට පෙර කුරියර් සේවාවක් හරහා නොතීසි යවන ලෙස දැනුම් දී තිබේ.

එස්. තුරෙයිරාජා සහ සම්පත් බී. අබේකෝන් යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත්කරන ලදී.

එම පෙත්සමේ දැක්වෙන්නේ කිලෝවොට් පැයකට අමෙරිකානු ඩොලර් 0.08 බැගින් විදුලිය සැපයීමට ඉදිරිපත් වූ සමාගමක්, ලංසුකරුවකු විසින් කිලෝවොට්-පැයකට අමෙරිකානු ඩොලර් 0.122ක් පිරිනැමීම හමුවේ නොසළකා හැර ඇති බවයි.

කොන්ත්‍රාත්තුව ලබාදුන් සමාගම පසුව කිලෝවොට් පැයකට ඩොලර් 0.08 බැගින් විදුලිය ලබාදීමට එකඟ වී ඇතැයි ද පෙත්සමේ වැඩිදුරටත් සඳහන් වේ.

එහෙත් වියදම් සැළකිව යුතු ලෙස වැඩිකරමින් වසර 10ක කාලයක් තුළ අමතර සම්ප්‍රේෂණ පහසුකම් පිරිවැය ආවරණය කිරීමට රජය එකඟ වී ඇති බැවින් රජයට රුපියල් බිලියන 03ක මූල්‍ය පාඩුවක් සිදුවන බව ද පෙත්සම මගින් වැඩිදුරටත් පෙන්වා දී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!