spot_img

“පාප්වහන්සේගේ සෞඛ්‍ය පිරිහිලා” වතිකානුවෙන් නිවේදනයක්

පුවත්

විදෙස්

පාප්වහන්සේගේ සෞඛ්‍ය තත්වය තරමක් පිරිහී ඇතැයි වතිකානු රාජ්‍යය නිවේදනය කරයි.

මේ වනවිට 88 හැවිරිදි වියේ පසුවන ෆ්‍රැන්සිස් පාප්පහන්සේ පසුගිය සතියේ දී ශ්වසන මාර්ගය ආශ්‍රිත රෝගී තත්වයක් හේතුවෙන් රෝහල්ගත කෙරිණි. විදෙස් මාධ්‍ය වාර්තා කළේ එය නිව්මෝනියා තත්වයක් දක්වා වර්ධනය වී ඇති බවයි.

දිනකට පමණ පෙර වෛද්‍ය කණ්ඩායම කියා සිටියේ පාප් වහන්සේගේ රෝගී තත්වය ජීවිත අවදානම් මට්ටමක නොමැති බවයි. නමුත් මේ වනවිට උන්වහන්සේගේ තත්වය බරපතළ වී ඇතැයි නවතම නිවේදනවල දක්වා ඇත. ඊයේ (22) වනවිට ඇදුම රෝගී තත්වයක් ද දරුණු වී ඇති බව වාර්තා වෙයි.

මේ රෝගී තත්වයන් සමඟ රුධිර පට්ටිකා මට්ටම පහත ගොස් ඇති බැවින් රුධිරය ලබාදීම ද සිදුකර ඇත. ශ්වසන ආධාරක යන්ත්‍ර ද සවිකර ඇති බව වාර්තා වේ.

තම සෞඛ්‍ය තත්වය පිළිබඳ ජනතාවට විවෘතව දැනුම් දෙන ලෙස ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ඉල්ලීමක් කර ඇති බැවින් වතිකානු රාජ්‍යය උන්වහන්සේගේ සෞඛ්‍ය තත්වය පිළිබඳ ‍වරින්වර නිවේදන නිකුත් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles