-1.1 C
New York

ආයුධ පෙන්වන්න ගිය ඝාතන සැකකරුවන් පොලිස් වෙඩිල්ලෙන් මරුට

Published:

කොටහේන වෙඩි තැබීමට සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයන් දෙදෙනා ඊයේ (21) රාත්‍රියේ සඟවා තිබූ ආයුධ පෙන්වීමට රැගෙන ගිය අවස්ථාවේ දී වෙඩි තැබීමකින් මියගිය බව පොලිසිය සඳහන් කරයි.

පොලිසිය පවසන්නේ එම අවස්ථාවේ දී පොලිසියේ ගිනි අවියක් උදුරාගෙන වෙඩි තැබීමට උත්සාහ ගත් අවස්ථාාවේ දී එය ව්‍යර්ථ කිරීමට ඔවුන්ට වෙඩි තැබූ බවයි.

මෙම අවස්ථාවේ දී පොලිස් නිලධාරියකු ද තුවාල ලබා ඇත.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ට පොලිස් අධිකාරී බුද්ධික මනතුංග පවසන්නේ ඊයේ රාත්‍රී 9.00ට පමණ කොටහේන වීදිය ජංගම දුරකථන අළෙවිසළක් තුළ දී 38 හැවිරිදි ශෂී කුමාර් නම් පුද්ගයකුටට වෙඩි තැබීමක් සිදු වූ බවයි.

එම පුද්ගලයා රෝහල්ගත කිරීමෙන් පසු මියගිය අතර යතුරු පැදියෙන් පැමිණ වෙඩි තැබූ පුද්ගලයන් දෙදෙනා පසුපස හඹා ගිය පොලිසිය විසින් ඔවුන් අත්අඩංගුවට ගෙන තිබිණි

පසුව ඊයේ රාත්‍රියේ ම සඟවා තිබූ අවි ආයුධ පිළිබඳ පොලිසියට කරන ලද ප්‍රකාශයක් අනුව සැකකරුවන් දෙදෙනා ඒවා සෙවීමට රැගෙන ගිය බවත් එම අවස්ථාවේ දී ඔවුන් වෙඩි තැබීමට උත්සාහ කළ බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක වරයා කියා සිටියේ ය.

පොලිසිය තම ජීවිතාරක්ෂාව වෙනුවෙන් තැබූ වෙඩි ප්‍රහාරවලින් තුවාල ලැබූ සැකකරුවන් දෙදෙනා රෝහල්ගත කිරීමෙන් පසු මියගිය බව ද මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

Related articles

Recent articles

spot_img