අළුත්කඩේ උසාවි සංකීර්ණයේ පසුගියදා සිදුවූ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්දව අත්අඩංගුවට ගත් සැකකරුගේ, සමාජ මාධ්‍යවල පළවූ සමහර ඡායාරූප සැබෑ ඒවා නොවන අතර ඒවා AI තාක්ෂණය භාවිතයෙන් සංස්කරණය කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල අද(21) පැවසීය.
චාමර සම්පත් දසනායක මන්ත්‍රීවරයා විසින් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පාර්ලිමේන්තුවේදී පැවසීය.
සැකකරු වෑන් රථයකින් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සමාජ මාධ්‍යවල සහ ප්‍රධාන ධාරාවේ මාධ්‍යවල හුවමාරු වූ ඡායාරූප කිහිපයක් මගින් සැකකරු සැහැල්ලුවෙන් සිටින බවත් හමුදා නිලධාරීන් ඔහුට මිත්‍රශීලීව සැලකූ බවත් පෙන්නුම් කරන බව මන්ත්‍රීවරයා පැවසීය.
AI තාක්ෂණය භාවිතයෙන් සමහර ඡායාරූප සංස්කරණය කර ඇති බව පැවසූ අමාත්‍යවරයා, AI පිළිබඳව දැනුවත් වන ලෙස මන්ත්‍රීවරයාට පැවසීය.