-1.1 C
New York

පාසල් ළමුන් අත තිබී ජීව උණ්ඩ තොගයක් සොයා ගනී

Published:

නිවසක ලිපේ තිබී පුපුරා ගිය ජීව උණ්ඩයක් සම්බන්ධයෙන් ලැබුණු තොරතුරක් අනුව පරීක්ෂණ පැවැත්වූ පොලිසිය පාසල් සිසුන් පිරිසක් සන්තකයේ තිබී ජීව උණ්ඩ කිහිපයක් සොයාගෙන තිබේ.

හසලක, හතේ ඇළ ප්‍රදේශයේ සිසුන් පිරිසක් සන්තකයේ මෙම උණ්ඩ තිබී ඇත.

පොලිසිය පවසන්නේ එක් සිසුවකු තමන්ට ලැබුණු ජීව උණ්ඩයක් සිය නිවසේ ලිපට දමා තිබිය දී එය පුපු‍රා ගොස් ඇති බවයි. නිවසේ ලිපේ ඇති වූ හදිසි පිපිරීම සම්බන්ධයෙන් පොලිසියට දැනුම් දීමෙන් අනතුරුව මෙම ජීව උණ්ඩ සොයාගෙන ඇත.

දරුවන් කිහිප දෙනකු ඊයේ (19) සිය නිවෙස් අවට සෙල්ලම් කරමින් සිටිය දී එක් දරුවකුට එම ජීව උණ්ඩ හමු වී ඇත. පසුව ඔවුන් ඒවා එකිනෙකා අතර බෙදාගෙන තිබේ. ලිපට දමා ඇත්තේ එලෙස එක් දරුවකු විසින් නිවසට රැගෙන ගිය උණ්ඩයකි.

යුද හමුදාව, පොලීසිය සහ සොකෝ නිලධාරීන් පැමිණ පිපිරීම සිදු වූ නිවස පරීක්ෂා කර ඇති අතර ප්‍රශ්න කිරීම්වල දී මේ තොරතුරු අනාවරණය වී තිබිණි.

මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂා කිරීමේ දී අනාවරණය වී ඇත්තේ එක් දරුවකුගේ නිවසට ආසන්න නිවසක දර මඩුවක තිබී මේ උණ්ඩ තොගය හමුවී ඇති බවයි.

හසළක පොලිසිය මේ සම්බන්ධ වැඩදුර පරීක්ෂණ සිදුකරන අතර දරුවන් පිරිස සන්තකයේ තිබී ජීව උණ්ඩ 30ක් සොයාගෙන ඇත.

Related articles

Recent articles

spot_img