අද(19) උදෑසන 10.00ට පමණ අලුත්කඩේ උසාවි සංකීර්ණයේ අංක 05 දරණ අධිකරණය තුළදී වෙඩිතබා ඝාතනය කළ අපරාධ කල්ලි නායකයෙකු වන ගනේමුල්ලේ සංජීව නොහොත් සංජීව කුමාර සමරරත්න නැමැත්තාගේ ආරක්ෂාවට ආරක්ෂක නිලධාරීන් 12දෙනකු යොදවා සිටි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පවසයි.
විත්තිකරු කූඩුවෙන් බැසීමට සූදානම් වන අවස්ථාවේ විත්තිකූඩුව අසලට පැමිණ ඇති වෙඩික්කරු වෙඩි ප්‍රහාර කිහිපයක් එල්ලකර එම රිවෝල්වරයද බිමදමා විත්තිකූඩුව ආසන්න දොරකින් පලාගොස් ඇති බව ඔහු වැඩිදුරටත් පැවසීය.
ඇතුලේ වෙඩිතැබීමක් සිදුවන බව පවසමින් වෙඩික්කරු පිටවගොස් තිබේ. එහිදී අධිකරණ පරිශ්‍රයේ පිටත සිටි පිරිස කලබලවීම හේතුවෙන් මෙම පුද්ගලයා මගහැරී ඇතැයි සඳහන් වේ.
නීතීඥවරුන් භාවිතාකරන “අපරාධ නඩු විධාන සංග්‍රහය” නමින් හැඳින්වෙන පොතෙහි පිටු ඉතා සූක්ෂම ආකාරයෙන් කපා ඒ තුළ රිවෝල්වරය සඟවාගෙන පැමිණ ඇති අතර එය අධිකරණ භූමිය වෙත රැගෙනවිත් ඇත්තේ නීතීඥවරියක ලෙස සැරසුනු කාන්තාවක විසින් බවද මේ වනවිට අනාවරණය වී තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසන්නේ මෙම සැකකරුවන් දෙදෙනාම මේවනවිට හඳුනාගෙන ඇති බවයි. ඔවුන් රටින් පළායාමේ උත්සාහයන් ව්‍යර්ථ කිරීම සඳහා අදාල අංශ මේවනවිටත් දැනුම්වත් කර ඇති බවද සඳහන් වේ.
මෙම ඝාතන සිද්ධියට අදාලව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු විශේෂ කණ්ඩායම් පහක් යටතේ මේ වනවිට විමර්ශන ආරම්භකර ඇති අතර ඒ සඳහා අවශ්‍ය සීසීටීවී දර්ශන පොලිසිය වෙත ලබාදීමට පියවර ගන්නා ලෙස අධිකරණය නියෝග කර ඇත.
මේ සම්බන්දව කෙසෙල්වත්ත පොලිසිය විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි ඉදිරියේ කරුණු වාර්තා කර තිබේ.
අධිකරණ පරිශ්‍රය තුළට ඇතුළු වන විනිසුරුවරුන්ගේ, නීතිඥයන්ගේ හෝ ආරක්ෂක අංශ සාමාජිකයන්ගේ ශරීර පරීක්ෂා කිරීමක් මෙතෙක් සිදුනොකළ බවත් ඒ හේතුවෙන් සැකකරු අධිකරණ භූමියට පහසුවෙන් ඇතුළු වී ඇති බවත් මාධය ප්‍රකශක පැවසීය. කෙසේවෙතත් මේ සම්බන්දව නීතීඥ සංගමය සමග ද සාකච්ඡාකර ඉදිරි පියවර ගන්නා බව ඔහු වැඩිදුරටත් පැවසීය.