spot_img
spot_imgspot_img

නීතිඥ සංගමයේ සභාපති ධූරය, රජීව් ට

පුවත්

විදෙස්

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නව සභාපතිවරයා ලෙස අද (19) නීතිඥ රජීව් අමරසූරිය තේරී පත්ව ඇත.

කොළඹ විශ්වවිද්‍යාලයෙන් නීති උපාධියක් ලබා ඇති අමරසූරිය මහතා, නීති විද්‍යාලයේ අවසාන විභාගයෙන් ඉහළින් ම සමත් වී ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතීඥවරයෙකු ලෙස පත් විය. එමෙන් ම ඔහු එක්සත් රාජධානියේ  වරලත් කළමනාකරණ ගණකාධිකාරීවරුන්ගේ ආයතනයේ අධි සාමාජිකයෙකු වන අතර, ශ්‍රී ලංකා සහතිකලත් කළමනාකරණ ගණකාධිකාරී ආයතනයේ අධි සාමාජිකයෙකු මෙන්  ම, හාවඩ් කෙනඩි පාසලේ (විධායක අධ්‍යාපනය) ආදි සිසුවෙකු ද වේ. 2022 අප්‍රේල් මාසයේ දී, ඔහු AFGG – රයිසිනා අධි සාමාජිකත්වයෙන් (AFGG – Raisina Fellow) පිදුම් ලැබුවේ ය.

රජීව් අමරසූරිය මීට ඉයහත ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ලේකම්වරයකු ලෙස කටයුතු කර ඇත. අභියාචනාධිකරණයේ කොන්ත්‍රාත්, වාණිජ, දේපළ, බදුකරණය, බැංකු සහ පොදු නීතිය ද ඇතුළු සිවිල් නීති කටයුතුවල පලපුරුද්දක් ඔහමු සතුය.

අමරසූරිය මහතා ශ්‍රී ලංකා ගිණුම්කරණ හා විගණන ප්‍රමිති අධීක්ෂණ මණ්ඩලය, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නීති අධ්‍යයන නිත්‍ය කමිටුව ඇතුළු රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ ආයතන කිහිපයක අධ්‍යක්ෂ මණ්ඩල / කමිටු සාමාජිකයෙකු ලෙස කටයුතු කර ඇත.

කොළඹ විශ්වවිද්‍යාලයේ පාලක සභාවේ ද සාමාජිකයෙක් ලෙස ද කටයුතු කර ඇත. ඔහු පොදුරාජ්‍ය මණ්ඩලීය නීති අධ්‍යාපන සංගමයේ ශ්‍රී ලංකා නියෝජිතයා සහ LAWASIA හි විධායක කමිටු සාමාජිකයෙකු ද වේ.

ශ්‍රී ලංකා නීති අධ්‍යාපන කවුන්සිලයේ හිටපු සාමාජිකයෙකු මෙන්ම, ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ හිටපු කොමසාරිස්වරයෙකු, ශ්‍රී ලංකා ජාතික බේරුම්කරණ මධ්‍යස්ථානයේ පාලක මණ්ඩලයේ හිටපු සාමාජිකයෙකු සහ කොළඹ විශ්ව විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයේ හිටපු හිටපු සභාපතිවරයා ද වේ.

2013 දී ඔහු වයස අවුරුදු 40 ට අඩු වඩාත්ම කැපී පෙනෙන CIMA සාමාජිකයා සඳහා වන CIMA ස්ටාර් ගෝල්ඩ් (Star Gold) සම්මානයෙන් පිදුම් ලැබූ අතර, 2021 දී CIMA – LMD ට්‍රේල්බ්ලේසර් (Trailblazer) ලෙස නම් කරන ලදී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!