කොළඹ අලුත්කඩේ උසාවි සංකීර්ණයේ මීට ටික වේලාවකට පෙර සිදුවූ වෙඩි තැබීමකින් පසු සංවිධානාත්මක අපරාධකල්ලි නායකයෙකු වන ගණේමුල්ල සංජීව මියගොස් ඇතැයි වාර්තා වේ.
මෙම වෙඩි තැබීම සිදුව ඇත්තේ ගණේමුල්ල සංජීව නැමැත්තා නඩු කටයුත්තක් සඳහා බූස්ස බන්ධනාගාරයේ සිට අලුත්කඩේ අධිකරණය වෙත රැගෙන ආ අවස්ථාවේදීය.
මෙම සිදුවීම සම්බන්ධයෙන් මූලික විමර්ශනවලින් අනාවරණය වී ඇත්තේ නීතිඥවරයෙකු ලෙස වෙස්වලාගෙන පැමිණි පුද්ගලයෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි.
අලුත්කඩේ අංක 05 මහේස්ත්‍රාත් අධිකරණයේදී රිමාන්ඩ් දීර්ඝ කිරීම සඳහා නඩුව කැඳවූ අවස්ථාවේ සංජීවට වෙඩි තබා ඇති අතර සංජීව විත්ති කූඩුවට ගොඩවූ අවස්ථාවේ නීතීඥ මේසයෙන් නැගී සිටි වෙඩික්කරු විත්තිකරු එල්ලකර වෙඩි තබා පළාගොස් තිබේ.
බරපතළ තුවාල ලැබූ සංජීව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගියේය.
“ගනේමුල්ල සංජීව” 2023 සැප්තැම්බර් 13 වන දින නේපාලයේ සිට ආපසු පැමිණි පසු කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී (BIA) අත්අඩංගුවට ගන්නා ලදී.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔහු සතුව ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයක් තිබූ අතර, එහි තිබුනේ දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචිකාරියක යැයි විශ්වාස කෙරෙන කාන්තාවකගේ පෞද්ගලික තොරතුරු බව සඳහන් විය.
නීතිවිරෝධී ලෙස බෝට්ටුවකින් ඉන්දියාවට ඇතුළු වූ බවට සැලකෙන “ගනේමුල්ල සංජීව” පසුව නේපාලයට පලා ගොස් ඇති බවත්, ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර ‘රතු වරෙන්තුවක්’ නිකුත් කිරීමෙන් පසු ව්‍යාජ ගමන් බලපත්‍රයක් සකස් කරගෙන ශ්‍රී ලංකාවට ආපසු පැමිණ ඇති බවත් වාර්තා වී තිබිණ.
එහිදී ඔහු සඳහන්කර තිබුණේ තමන් දේශපාලනඥයින්ගේ සහයෝගයෙන් රටින් පළාගිය බවයි.