8.6 C
New York

ප්‍රදේශ කිහිපයකට වැසි

Published:

ගාල්ල, මාතර, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කයේ අද (18) සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි යැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පුරෝකථනය කරයි. එමෙන් ම ඌව පළාතෙත්, අම්පාර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව එම නිවේදනයේ දැක්වේ.

රටේ සෙසු ප්‍රදේශවල තවදුරටත් වියළි කාලගුණික තත්වය පවතිනු ඇත.

මේ අතර ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ , උතුරු පළාත සහ උතුරු මැද පළාත්වලත් උදෑෂන කාලයේ දී ශීත කාලගුණික තත්වයක් අපේක්ෂා කළ හැකියැයි ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දක්වා ඇත.

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල, මාතර සහ බදුල්ල දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදී මීදුම් තත්වයක් දක්නට ලැබෙනු ඇත.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

Related articles

Recent articles

spot_img