2025 වර්ෂය සඳහා වන අයවැය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අද (17) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය.
නව රජයේ මංගල අයවැය ඉදිරිපත් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසුවේ මේ වසරේ සියයට පහක ආර්ථික වර්ධනයක් අපේක්ෂා කරන බවයි.
එමෙන්ම රාජ්‍ය සේවකයින්ගේ අවම මාසික මූලික වැටුප රුපියල් 24,250 සිට රුපියල් 40,000 දක්වා ඉහළ නැංවීමටත්, රුපියල් 15,750ක අවම මාසික මූලික වැටුප් වැඩිවීමට අමතරව වාර්ෂික වැටුප් වර්ධකයේ වටිනාකම 80%කින් ඉහළ නැංවීමටත් අයවැයෙන් යෝජනා කර තිබේ.
මේ අතර මේ වසරේ මන්ත්‍රීවරුන්ට වාහන හෝ වාහන බලපත්‍ර හිමි නොවන බවත් රජයේ සියලුම සුඛෝපභෝගී වාහන වෙන්දේසි කිරීමට යෝජනා කරන බවත් අයවැය යෝජනා ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.
ජනාධිපතිවරයා විසින් පාර්ලිමෙන්තුවට ඉදිරිපත් කළ සම්පූර්ණ අයවැය යෝජනාව පහතින්.
2025 අයවැයේ මූලධර්ම
අයවැයක් යනු ඉදිරි වසර සඳහා වන ආදායම් සහ වියදම් යෝජනා මාලාවක් පමණක් නොවේ. එය ආර්ථිකය නගා සිටුවීමේ සහ සමස්ත ප්‍රතිපත්ති සම්බන්ධයෙන් රජයේ ප්‍රවේශය පිළිබද පිළිබිඹුවක්. මෙම අයවැය තුළ ආර්ථික ප්‍රතිපත්ති අරමුණුවල සැපයුම් අංශයේ ප්‍රධාන අංශ තුනක් ඇතුළත් වනවා.
- කර්මාන්ත, සේවා හා කෘෂිකර්මාන්ත අංශවල නිෂ්පාදනය වර්ධනය.
- මෙම නිෂ්පාදනය සදහා ජනතාවගේ සක්‍රීය දායකත්වය සහ සහභාගීත්වය ඇතිව සිදුවිය යුතු වීම.
- නිෂ්පාදනයෙන් ලැබෙන ප්‍රතිලාභ සහ වර්ධනයන් සමාජය පුරා සාධාරණව බෙදී යා යුතු වීම.
ඒ හා සමානව, භාණ්ඩ හා සේවා සඳහා ඉල්ලුම සැලකීමේ දී රජයේ ප්‍රතිපත්ති අරමුණු වන්නේ;
- අත්‍යාවශ්‍ය භාණ්ඩ හා සේවා අඛණ්ඩව සැපයීම සහතික කිරීම.
- එවැනි භාණ්ඩ හා සේවා සාධාරණ මිලකට සැපයිය යුතුවීම.
- භාණ්ඩ හා සේවා පිළිගත හැකි මට්ටමේ ගුණාත්මක බවකින් යුක්ත විය යුතුය යන්නයි.
මෙම සැපයුම සහ ඉල්ලුමේ අරමුණු සාක්ෂාත් කර ගැනීමේ යාන්ත්‍රණය පහත සඳහන් සියල්ලෙහි එකතුවක් වනු ඇති.
- වෙළඳපොළ බලවේග ඔස්සේ සැපයුම, ඉල්ලුම සහ මිල තීරණය කරනු ලබන තරඟකාරී වෙළඳපොළ.
- නියාමනය: එහිදී රජය විසින් නියාමන ආයතන හරහා වෙළඳපොළ නියාමනය කිරීම.
- ඇතැම් ක්ෂේත්‍රවල, සැපයුම සහ ඉල්ලුම සඳහා සක්‍රීය රාජ්‍ය සහභාගීත්වය.
- සමහර ක්ෂේත්‍රවල නිෂ්පාදන සංවිධානය කිරීම.
මෙවර අයවැය මෙම මූලධර්ම මත පදනම්ව සකස් කර තිබෙන අතර, සියලුම පුරවැසියන් ක්‍රියාකාරී සහභාගිවන්නන්, ක්‍රියාකාරී පාර්ශවකරුවන් සහ ක්‍රියාකාරී ප්‍රතිලාභීන් වන ආර්ථිකයක් නිර්මාණය කිරීමට පදනමක් සැකසීමට අප අදහස් කරනවා. රජයේ කාර්යභාරය වන්නේ මිනිසුන්ට තම ආර්ථික විභවයන් සපුරා ගැනීමට ඇති බාධා ඉවත් කර පහසුකම් සැලසීමයි. දුෂ්කර ප්‍රදේශයක ජීවත් වීම හේතුවෙන්, යම් පුද්ගලයකු ආබාධිතභාවයක් හේතුවෙන්, අධ්‍යාපන අවස්ථා හිඟකම හේතුවෙන්, මූලික යටිතල පහසුකම් නොමැතිකම හේතුවෙන් තම ආර්ථික හැකියාව සපුරා ගැනීමට නොහැකි වූ විට එ්ක අසාධාරණයක්. මෙය එක රැයකින් විසඳිය හැකි පහසු ක්‍රියාවලියක් නොවෙයි. පුරවැසියන් ඔවුන්ගේ ආර්ථික විභවයන් සපුරාලීම සඳහා බලගැන්වීම සඳහා විශාල උත්සාහයක් අවශ්‍ය වනවා. මෙහිදී ජනතාවගේ අවශ්‍ය කුසලතා සහ ධාරිතාව ගොඩනැගීම සඳහා අධ්‍යාපනය සහ පුහුණුව සඳහා ආයෝජනය කිරීම වැදගත්. මිනිසුන්ට ඔවුන්ගේ හැකියාවන් සපුරාලීමට අවස්ථාව ඇති බව සහතික කිරීම සඳහා සෞඛ්‍ය සේවා සඳහා ආයෝජනය කිරීම අත්‍යවශ්‍යයි. ශ්‍රී ලංකාවේ සහ විදේශයන්හි වෙළෙඳපොළ වෙත ප්‍රවේශ වීමට සහ ආර්ථික අවස්ථා සමඟ සම්බන්ධ වීමට ජනතාවට හැකිවන පරිදි යටිතල පහසුකම් සැපයිය යුතුයි. සැමට සම අවස්ථා නිර්මාණය කරන වෙළෙඳපොළ බලයේ අධික සංකේන්ද්‍රණයක් නොමැති ලෙස තරඟය සාධාරණ වන බවට රජය විසින් සහතික කළ යුතුය. මෙම අයවැය යෝජනා මඟින් මේ රටේ ජනතාව ආර්ථික වශයෙන් සවිබල ගැන්වීම ආරම්භ කරනවා. මෙය ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රජාතන්ත්‍රීකරණය සඳහා පදනම වනු ඇති.
අඛණ්ඩ ඵලදායිතා වර්ධනය සඳහා ආර්ථිකය ඩිජිටල්කරණය අත්‍යවශ්‍යයි. ආර්ථික ප්‍රගමනය සඳහා පමණක් නොව, සමාජ නඟාසිටුවීම සහ දේශපාලන ප්‍රතිසංස්කරණ සඳහා වන තවත් තීරණාත්මක පදනමක් වන්නේ යහපත් ආණ්ඩුකරණය සහ දූෂණය ඉවත් කිරීමයි. යහපත් ආණ්ඩුකරණය සඳහා වන ප්‍රතිසංස්කරණ සහ දුෂණ විරෝධී ක්‍රියාමාර්ග අප රජයේ ප්‍රධානතම ප්‍රමුඛතාවයන් වෙනවා. මෙම අභිලාෂයට ජීවය ලබාදීම ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනේ අරමුණයි.
මධ්‍ය කාලීන සාර්ව ආර්ථික දිශාව
මෙවර අයවැයෙන් ඉදිරිපත් කර ඇති යෝජනා සමඟින් අපි සාර්ව ආර්ථික ගමන් මාර්ගයේ නව පෙරලියකට අඩිතාලම දමමින් සිටිනවා. මූර්ත දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය සියයට 5 කට වඩා වැඩියෙන් අපි මැදි කාලීනව අපේක්ෂා කරනවා. ආර්ථිකයේ සැපයුම් ධාරිතාව වැඩි දියුණු කිරීම සඳහා අප ගනිමින් සිටින ක්‍රියාමාර්ග තුළින්, මිල නිසා හටගත හැකි කම්පන අවම කර ගැනීමටත්, එමඟින් අඩු සහ ස්ථාවර උද්ධමනයක් තවදුරටත් පවත්වා ගැනීමටත් අපි අපේක්ෂා කරනවා. සාර්ව ආර්ථික ප්‍රතිපත්ති මාර්ගය, විශාල ජංගම ගිණුම් හිඟයක් පැවති යුගයට තිත තබමින් විදේශ අංශයේ ජංගම ගිණුමෙහි ස්ථාවර ශේෂයක් අපේක්ෂා කරනවා. ඒ අනුව, වෙළඳපොළ මූලධර්ම මත පදනම් වූ අපගේ විනිමය අනුපාතය තවදුරටත් ඉහළ උච්ඡාවචනයන්ට ලක් නොවනු ඇතැයි අපි අපේක්ෂා කරනවා.
2025 දී භාණ්ඩ හා සේවා අපනයනය ඩොලර් බිලියන 19කට ආසන්න වාර්තාගත ඉහළම මට්ටමක් අපි අපේක්ෂා කරනවා. ශක්තිමත් අපනයන අංශයක් මඟින් ආර්ථික වර්ධනය තවදුරටත් ඉහළ යනු ඇතැයි බලාපොරොත්තු වනවා. ශක්තිමත් ආර්ථික වර්ධනයක් සමඟින් ණය නොවන ගලාඒම්වල වර්ධනය සහ දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 2.3 ක රාජ්‍ය අයවැයෙහි ප්‍රාථමික ගිණුමේ අතිරික්තයක් පවත්වා ගැනීම මඟින් ශ්‍රී ලංකාව 2028 වසරේ සිට ක්‍රමානුකූලව වැඩි වන ණය සේවාකරණ ගෙවීම් සඳහා ඉතා හොඳ සූදානමක සිටින බව තහවුරු කරනවා.
ලෝක බැංකු ඇස්තමේන්තුවලට අනුව, 2023 වසරේ දී රටේ දරිද්‍රතා අනුපාතය සියයට 25.9 ක්. ස්වෛරීත්ව ණය පැහැර හැරීමට ලක් වූ බොහෝ රටවල් දිළිඳුකමෙන් දිගු කාලසීමාවක් අත්විඳින අතර, 2025 වසර වන විට මෙම ප්‍රවණතාවය ආපසු හැරීමක් දැකීමට අපි බලාපොරොත්තු වෙනවා. මෙම අයවැය යෝජනා මගින් සමාජයේ දිළිඳුම සහ වඩාත්ම අවදානමට ලක්විය හැකි සාමාජිකයන් සවිබල ගැන්වීමේ පුළුල් ප්‍රයත්නයකට පළමු පියවර තබන අතර, දරිද්‍රතාවයේ අඛණ්ඩ අඩුවීමක් අපේක්‍ෂා කරනවා.
නිසි මුදල් කළමනාකරණය, වගකීමෙන් යුතුව ණය කළමනාකරණය කිරීම මානව ප්‍රාග්ධනය සඳහා වූ ආයෝජන, ශක්තිමත් සමාජ ආරක්ෂණ ජාල, ආර්ථික විවිධාංගීකරණය, අපනයන ප්‍රවර්ධනය, ආයෝජන පරිසරයෙහි වර්ධනය, කෘෂිකර්මාන්තය නවීකරණය, හරිත ආර්ථික ප්‍රතිපත්ති, නවෝත්පාදන, ඩිජිටල්කරණය, ව්‍යවසායකත්වය සහ නව ව්‍යාපාර ආරම්භ කිරීම සඳහා අවශ්‍ය වටපිටාව සකස් කර දීම, රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්වය, දූෂණ විරෝධී ක්‍රියාමාර්ග සහ විනිවිදභාවය සහ තිරසාර වර්ධන ක්‍රමෝපාය ප්‍රවර්ධනය කිරීම මඟින් දිගුකාලීන ආර්ථික ස්ථාවරත්වය සහ සමෘද්ධිය ළඟා කර ගැනීම සඳහා ශ්‍රී ලංකා ආර්ථිකයේ පරිවර්තනීය වෙනසක් ඇති කිරීම සඳහා පශ්චාත් අර්බුද අවස්ථාව වඩාත් හොඳින් යොදා ගැනීමට අප අපේක්ෂා කරනවා.
මම දැන් මේ පාර්ලිමේන්තුවට 2025 අයවැය යෝජනා ඉදිරිපත් කරනවා.
1. භාණ්ඩ හා සේවා අපනයනය පුළුල් කිරීම
ශ්‍රී ලංකාවේ ගෝලීය වෙළෙඳ පොළවලට අපනයනය කිරීමේ හැකියාව වැඩි දියුණු කිරීම මගින් ශ්‍රී ලංකාවේ භාණ්ඩ හා සේවා අපනයන හැකියාව මහා පරිමාණයෙන් වැඩි කිරීමේ අරමුණින් රජය ජාතික අපනයන සංවර්ධන සැලැස්මක් (2025-2029) සකස් කරනු ඇත. නව අපනයන වෙළෙඳ පොළවල් අත්පත් කර ගැනීමට, පවතින වෙළෙඳපොළවල් පුළුල් කිරීමට හෝ මහා පරිමාණ අපනයනකරුවන්ගේ අගය දාමයන් සහ ගෝලීය අගය දාමයන් සමඟ සම්බන්ධ වීමට ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් (MSMEs) හට පහසුකම් සැලසෙනු ඇත.
උසස් තත්ත්වයේ, දැරිය හැකි මිලකට ලබා ගත හැකි අමුද්‍රව්‍ය සඳහා ප්‍රවේශ වීමේ සීමාවන් ඉවත් කිරීමේ අරමුණින්, සරල, විනිවිද පෙනෙන සහ පුරෝකථනය කළ හැකි තීරුදු රාමුවක් නිර්මාණය කිරීම සඳහා ජාතික තීරු බදු ප්‍රතිපත්තියක් මත පදනම්ව නව තීරු බදු නීර්ණය වේ.
විශේෂයෙන් කලාපීය විස්තීර්ණ ආර්ථික හවුල්කාරිත්වය (RCEP) සහ අනෙකුත් ගිවිසුම් හරහා ආසියාන් (ASEAN) සංවිධානයේ රටවල් සමඟ ආර්ථික සබඳතා වැඩි දියුණු කිරීමේ අරමුණින්, උපායමාර්ගික හවුල්කරුවන් සමඟ ශ්‍රී ලංකාවේ නිදහස් වෙළද ගිවිසුම් (FTA) ජාලය පුළුල් කිරීම සඳහා කටයුතු කරනවා.
අපගේ භාණ්ඩ හා සේවා අපනයනය වැඩි දියුණු කිරීම සඳහා අපගේ රාජ්‍ය තාන්ත්‍රික දුත මණ්ඩල වල කැප වූ සහ වඩාත් වෘත්තීයමය උත්සාහයන් සමඟ ආර්ථික රාජ්‍ය තාන්ත්‍රිකභාවය කෙරෙහි වැඩි අවධානයක් යොමු කෙරේ.
අපගේ අපනයනකරුවන් සමඟ විදේශීය ව්‍යාපාරික ජාල, වාණිජ අවස්ථා සහ වාණිජ සහයෝගීතාවය වැඩි දියුණු කළ හැකිවන ප්‍රවේශයක් සඳහා විදේශගත ශ්‍රී ලාංකික ප්‍රජාව යොදා ගන්නවා.
ප්‍රධාන විදේශ වෙළඳාම සම්බන්ධ ආයතන (key border agencies) සහ අපනයනකරුවන් ලියාපදිංචිය ස්වයංක්‍රීයකරණය හා ඩිජිටල්කරණය කිරීම තුළින් ජාතික තනි වෙළද කවුළුව (TNSW) ක්‍රියාත්මක කිරීමට කටයුතු කරනු ඇත.
ආදායම් එකතු කිරීම හා වෙලඳ පහසුකම් කාර්යක්ෂම කිරීමට නව රේගු පනතක් හදුන්වා දීමට කටයුතු කරනවා.
ශ්‍රී ලංකාවේ ද්විත්ව බදුකරණය වැළැක්වීමේ ගිවිසුම් (DTA) දැනට පවතින ද්විත්ව බදුගිවිසුම් 44 න් ඔබ්බට පුළුල් කරනු ලබන අතර එහි දී ඉහළ වෙළඳ හා ආයෝජන විභවයක් ඇති රටවලට ප්‍රමුඛතාවය දෙනු ලබනවා.
2. ආයෝජන ප්‍රවර්ධනය සහ පහසුකම් සැපයීම
අපනයන කේන්ද්‍ර කරගත් ආයෝජන සහ විශේෂිත අංශයන් සඳහාවන කලාප පුළුල් කිරීම, තිරසාර භාවිතයන්, සම්පත් කළමනාකරණය සහ හරිත තාක්ෂණය කෙරෙහි අවධානය යොමු කරන පරිසරහිතකාමී කාර්මික උද්‍යාන පිහිටුවීම සඳහා රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්ව ක්‍රම වේදය සහ පෞද්ගලිකව පවත්වාගෙන යනු ලබන කලාප හරහා රජය සිය සහයෝගය ලබා දෙනු ලැබේ.
නැගී එන ආයෝජන වර්ධනයන්ට ගැලපෙන පරිදි ආර්ථික පරිවර්තන පනත සංශෝධනය කෙරෙනු ඇත.
ඵලදායී ආර්ථික කටයුතු සඳහා රජය විසින් භාවිතා නොකළ රජය සතු ඉඩම් ඵලදායි ආර්ථික කටයුතු සඳහා බදු දෙනු ඇත.
ආයෝජන සඳහා පහසුකම් සැලසීමේ සහ ආරක්ෂාව සැපයීමේ අරමුණින් ආයෝජන ආරක්ෂණ පනතක් සම්මත කරනු ලැබේ.
දේපළ ලියාපදිංචි කිරීම, බදු ගෙවීමේ පහසුව, වෙළඳ පහසුකම් සැපයීම, කොන්ත්‍රාත්තු බලාත්මක කිරීම, ණය ලබා ගැනීම වැනි ප්‍රධාන ක්ෂේත්‍ර වලට අදාළව රටේ ව්‍යාපාර කිරීමේ පහසුව වැඩිදියුණු කිරීමට කටයුතු කෙරේ. රාජ්‍ය සේවාවන් ඩිජිටල්කරණය සඳහා වන පියවර මෙම අරමුණ සාක්ෂාත් කර ගැනීමේ දී වැදගත් කාර්යභාරයක් ඉටු කරනු ඇත.
සෑම පියවරක් සඳහාම නිශ්චිත කාල රාමු සැකසීම සහිතව, අවශ්‍ය වන සියලු අනුමැතීන් ඒකාබද්ධව ලබා ගත හැකිවන පරිද්දෙන් ‘එක් ස්ථානයකින් සියලු සේවා’ (one stop shop) යන සංකල්පය ඵලදායි ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා නීති සම්පාදනය කරනු ලැබේ.
ඉපැයීම් සහ ලාභාංශ නැවත මෙරටට ගෙන්වා ගැනීම නිරීක්ෂණය කිරීම සඳහා සුදුසු ආරක්ෂණ ක්‍රමවේදයක් ස්ථාපිත කිරීමෙන් දේශීය සමාගම් හට විදේශයන්හි ආයෝජනය කිරීමට ඇති බාධක සමාලෝචනය කර ඒවා ක්‍රම ක්‍රමයෙන් අඩු කිරීමට කටයුතු කරනවා.
රාජ්‍ය පෞද්ගලික හවුල්කාරිත්වය (PPP) සම්බන්ධව නව පනතක් ඉදිරිපත් කිරීමට කටයුතු කරනවා.
ඉඩම් හිමිකම් සංවර්ධනයට සහ ඉඩම්වල වාණිජමය භාවිතය වැඩි කිරීම සඳහා බිම්සවිය වැඩසටහන කඩිනම් කරනවා.
දැනටමත් කෙටුම්පත් අදියරවල පවතින බංකොලොත්භාවය පිළිබඳ පනත් කෙටුම්පතේ කටයුතු කඩිනම් කරනවා.
ශ්‍රී ලංකාවේ ඛනිජ සම්පත් සහ සමුද්‍ර ආර්ථිකයේ ආයෝජන, කාර්මික සංවර්ධනය සහ අපනයන ක්ෂේත්‍රයන්හි ශ්‍රී ලංකාවේ ප්‍රයෝජනයට නොගත් විභවයන් ප්‍රශස්ත ලෙස භාවිතා කිරීම සඳහා රජය ඍජු විදේශ ආයෝජන අපේක්ෂා කරනවා.
අපනයනකරුවන්ට තත්ත්ව පරීක්ෂණ සහ සහතිකකරණය ලබා ගැනීම සඳහා අවශ්‍ය තාක්ෂණික සහ මූල්‍ය සහාය රජය විසින් ලබා දෙනවා.
පරීක්ෂණ සහ ක්‍රමාංකන රසායනාගාර, යොමු කිරීමේ මධ්‍යස්ථාන, පිළිකා කාරක පර්යේෂණ සඳහා යොමු කිරීමේ මධ්‍යස්ථානය, විශ්ව විද්‍යාල සහ කාර්මික තාක්ෂණ ආයතනය ඇතුළු අනෙකුත් තක්සේරු ආයතන සේවාදායකයින් සඳහා කාර්යක්ෂම සේවා සැපයීම සඳහා සංවර්ධනය කරනවා. රට තුළ ජාතික තත්ත්ව කළමනාකරණ පද්ධතියේ අපේක්ෂිත ප්‍රතිඵල සපුරාලීමට, 2025 වසර සඳහා රුපියල් මිලියන 750 ක් වෙන් කිරීමට අප යෝජනා කරනවා.
3. ශ්‍රී ලංකාවේ උපායමාර්ගික පිහිටීම උපයෝගී කර ගැනීම
ශ්‍රී ලංකාවට වෙළඳාම, භාණ්ඩ සේවා සැපයුම්, මූල්‍ය සේවා සහ ඩිජිටල් ආර්ථිකය සඳහා කේන්ද්‍රස්ථානයක් වීමට හැකියාව තිබෙනවා. මෙම අයවැය තුළින් මෙකී විභවයන් සපුරාලීම සඳහා මූලික පියවර සපයනවා.
රටේ උපායමාර්ගික භූගෝලීය පිහිටීම උපයෝගී කර ගනිමින් ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනයේ ප්‍රමුඛතම බලවේගයක් ලෙස කටයුතු කිරීමට භාණ්ඩ සේවා පහසුකම් සැලසීමේ අංශය සැලකිය යුතු විභවයක් දරනවා. වර්තමානයේ, මෙම භාණ්ඩ සේවා පහසුකම් සැලසීමේ අංශයෙන් දළ දේශීය නිෂ්පාදිතයෙන් ආසන්න වශයෙන් සියයට 2.5 ක් සහ අපනයන සඳහා සියයට 7 ක දායකත්වයක් ලබා දෙන අතර ඇස්තමේන්තුගත පුද්ගලයින් 40,000 සිට 50,000 කට සෘජු, පූර්ණ කාලීන රැකියා සපයයි.
නැගෙනහිර සහ බටහිර බහාලුම් පර්යන්ත ව්‍යාපෘති අවසන් වූ පසු කොළඹ වරායේ සැලකිය යුතු ධාරිතාවක් වර්ධනය වනු ඇත. ඊට අමතරව, යෝජිත කොළඹ බටහිර පර්යන්තය සහ කොළඹ උතුරු වරාය ශ්‍රී ලංකාවේ වරායවල ක්‍රියාකාරිත්වය වේගවත් කරනු ඇතැයි අපේක්ෂා කරනවා. මාසයක් ඇතුලත, එම ව්‍යාපෘති සඳහා අභිලාෂයන් ප්‍රකාශකිරීම් (EOI) කැඳවීමට අප කටයුතු කරනවා.
බහාලුම් පරිමාවන් සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බැවින් කොළඹ වරාය දැනට දැඩි තදබදයකට මුහුණ දීම නිසා, යටිතල පහසුකම් සහ පද්ධති සහ ක්‍රියා පටිපාටිවල තීරණාත්මක සංවර්ධනයක් අවශ්‍ය වී තිබෙනවා. එබැවින්, කෙරවලපිටිය රේගු පරීක්ෂණ අංගනයේ සහ බ්ලූමැන්ඩල් භාණ්ඩ සේවා සැපයුම් උද්‍යානයේ මූලික සූදානම් කිරීමේ කටයුතු සඳහා සහාය වීම පිණිස 2025 අයවැයෙන් රුපියල් මිලියන 500 ක් වෙන් කිරීමට අප යෝජනා කරනවා.
කොළඹ වරාය තුළ සහ ඒ අවට බහාලුම් රථවාහන තදබදය ලිහිල් කිරීම සහ අගය එකතු කිරීම තුළින් විදේශ ඉපැයීම් වැඩි කිරීම සඳහා දිගුකාලීන පියවරක් ලෙස, දුම්රිය පාදක ඒකාබද්ධ බහුමාධ්‍ය භාණ්ඩ හා සැපයුම් මධ්‍යස්ථානයක් (IMCLC) ලෙස වේයන්ගොඩ අභ්‍යන්තර බහාලුම් අංගනයක් (ICD) ස්ථාපිත කිරීමට යෝජනා කරනවා. ඒ සඳහා ආයතනික යාන්ත්‍රණයක් හඳුනා ගැනීම, ඉඩම් අත්පත් කර ගැනීම සහ අනෙකුත් මූලික සූදානම් කිරීමේ කටයුතු සඳහා සහාය වීම සඳහා රුපියල් මිලියන 500 ක් වෙන් කිරීමට යෝජනා කරනවා.
ජාතික තනි කවුළු පද්ධතිය, ට්‍රක් රථ පැවරීමේ පද්ධතිය (Truck Appointment System), විද්‍යුත් බහාලුම් නිරීක්ෂණ (Tracking System) සහ “වරාය ප්‍රජාව” තොරතුරු හුවමාරු පද්ධතිය (Port
Community System) සංවර්ධනයට සහය වීම සදහා රුපියල් මිලියන 500 ක් වෙන් කිරීමට යෝජනා කරනවා.
භාණ්ඩ ප්‍රවාහනය වැඩිදියුණු කිරීම සඳහා යටිතල පහසුකම් නවීකරණය කිරීම සහ අති නවීන තාක්ෂණය ඇතුළත් කිරීම ඉතා වැදගත්. යල් පැන ගිය පරිලෝකන (scanning) පද්ධති සමස්ත සැපයුම් දාමයේ ප්‍රමාදයන්ට හේතුවක්. එබැවින්, කොළඹ වරාය සහ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ සඳහා උසස් පරිලෝකන පද්ධතිවල මූලික සංවර්ධනය සහ ස්ථාපිත කිරීමට සහාය වීම සඳහා රුපියල් මිලියන 1,000 ක් වෙන් කිරීමට අප යෝජනා කරනවා.
4. ඩිජිටල් ආර්ථික දියුණුව
ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකයේ සංවර්ධනය වේගවත් කිරීම අපගේ ආර්ථික සංවර්ධන උපාය මාර්ගයේ වැදගත්ම අංගයක්. කාර්මික හා සේවා අංශ තුළ ඵලදායිතාව වැඩි දියුණු කිරීම, ආර්ථික අවස්ථා ප්‍රවර්ධනය කිරීම, රාජ්‍ය සේවා සැපයීම වැඩිදියුණු කිරීම සහ පාලනයේ සහ රාජ්‍ය මූල්‍යයේ විනිවිදභාවය වැඩි දියුණු කිරීම තුළින්, ඩිජිටල් පරිවර්තනය, ආර්ථික වර්ධනය ඉහළ නංවනු ඇත. සියලුම පුරවැසියන් සඳහා ශ්‍රී ලංකා අනන්‍ය ඩිජිටල් හඳුනාගැනීම (SL-UDI) ස්ථාපිත කිරීම ප්‍රමුඛතාවයකි. SL-UDI යනු ඩිජිටල් ආර්ථිකයක සංවර්ධනය සඳහා අත්‍යවශ්‍ය මූලික ඩිජිටල් පොදු යටිතල පහසුකම් (DPI) වේ. මෙම ක්‍රියාවලිය සඳහා වන පියවර දැනටමත් ආරම්භ කර ඇති අතර මෙම ක්‍රියාවලිය කඩිනම් කෙරෙනු ඇතැයි අපේක්ෂා කරනවා.
ඩිජිටල් සේවා සහ පද්ධතිවල ආරක්ෂාව සහ අඛණ්ඩතාව පිළිබඳ මහජන සහ ආයතනික විශ්වාසය ඩිජිටල් පරිවර්තනයේ සාර්ථකත්වය සහ තිරසාරභාවය සඳහා ඉතා වැදගත්, නව නීති සම්පාදනය කිරීම සහ පවතින නීති ශක්තිමත් කිරීම හරහා ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකය පාලනය කර ආරක්ෂා කරනු ලබනවා. අදාළ ආයතනික රාමුව ශක්තිමත් කිරීම කෙරෙහි ද අපි අවධානය යොමු කරනවා. ඩිජිටල් ආර්ථිකය තවදුරටත් වේගවත් කිරීම සහ ඩිජිටල් පද්ධතියේ අනෙකුත් විෂය අනුබද්ධ ආයතන මෙන්ම ඉහළ මට්ටමේ ඩිජිටල් ආර්ථික අධිකාරියක් බලගැන්වීම සඳහා අපි නව නීති සම්පාදනය කරනවා. සයිබර් ආරක්ෂාව, දත්ත රහස්‍යතාව සහ දත්ත ආරක්ෂණයට අදාළ නීති සහ ආයතන ද අප ශක්තිමත් කරනවා.
ඩිජිටල් ගෙවීම් යටිතල පහසුකම් ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථික රාමුවේ තවත් මූලික අංගයක්. රජය, ව්‍යාපාර සහ පුරවැසියන් අතර ගලා යන ඩිජිටල් ගෙවීම් වේගවත් කිරීමට අපි කටයුතු කරනවා. මෑතකදී දියත් කරන ලද GovPay පද්ධතිය මීට උදාහරණයක්. මුදල් නෝට්ටු පදනම් කරගත් ආර්ථිකයෙන් ක්‍රමයෙන් ඉවත් වීම අවශ්‍ය වෙනවා. එය පැහැදිලි සන්නිවේදනයක් සහිතව, ප්‍රවේශමෙන් අදියර කිහිපයකින් යුක්තව ක්‍රියාත්මක වනු ඇත.
ඩිජිටල් ආර්ථිකයේ සියලුම අංශ හරහා පුද්ගලික ප්‍රාග්ධනය සහ හවුල්කාරිත්වයන් ආකර්ෂණය කර ගැනීම වෙනුවෙන් රජය හිතකර ආයෝජන පරිසරයක් සඳහා පහසුකම් සපයනු ඇත. මෙමගින් කෘතිම බුද්ධිය, රොබෝ විද්‍යාව, මූල්‍ය තාක්‍ෂණය සහ අනෙකුත් නැගී එන තාක්ෂණයන්හි නවෝත්පාදනයන් සඳහා ආයෝජන ආකර්ෂණය කර ගැනීමට උපකාර කරයි.
ඉදිරි වසර පහ තුළ ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකය ඇමරිකානු ඩොලර් බිලියන 15 ඉක්මවන මට්ටමකට හෝ ජාතික ආර්ථිකයෙන් සියයට 12 කට වඩා වැඩි මට්ටමකට වර්ධනය කිරීම අපගේ අරමුණයි. මෙම අභිලාෂය සාක්ෂාත් කර ගැනීමේදී රජය පරිගණක හා තොරතුරු තාක්ෂණ කර්මාන්තයේ වාර්ෂික අපනයන ආදායම් ඇමරිකානු ඩොලර් බිලියන 5 දක්වා වැඩි කිරීමට පහසුකම් සැලසීම ඉලක්ක කරනවා.
ඒ අනුව, විස්තර කර ඇති මුලපිරීම් හරහා ඩිජිටල් ආර්ථික සංවර්ධනය වේගවත් කිරීම වෙනුවෙන් රුපියල් මිලියන 3,000 ක් වෙන් කිරීමට අප යෝජනා කරනවා.
5. සංචාරක අංශය
සංචාරක පැමිණීම් සංඛ්‍යාව කෙරෙහි පමණක් අවධානය යොමු කිරීම වෙනුවට සංචාරක ව්‍යාපාරයෙන් ජනනය වන වටිනාකම් කෙරෙහි අවධානය යොමු කිරීම සහතික කිරීම අවශ්‍ය වෙනවා.
මේ සඳහා, අවශ්‍ය යටිතල පහසුකම් සහිතව එම ගමනාන්තයන්ට අනන්‍ය වූ සංස්කෘතික වටිනාකම් පිළිබිඹු කිරීම සඳහා එම ගමනාන්ත දේශීය සන්නාමකරණයක් සමඟ එක් එක් ගමනාන්තයෙන් වටිනාකම් උත්පාදනය ප්‍රශස්ත කිරීම සඳහා දේශීය ගමනාන්ත සංවර්ධනය කිරීමට පියවර ගනු ලබනවා. හඳුනා ගැනීමෙන් පසුව, අවශ්‍ය තීරණාත්මක යටිතල පහසුකම් සංවර්ධන ක්‍රියාකාරකම් 2025-2026 වසර 2ක කාලය තුළ ප්‍රමුඛතා පදනමක් මත සිදු කරනු ඇත. මෙම යටිතල පහසුකම් සංවර්ධනය සඳහා සංවර්ධිත ගමනාන්ත සඳහා ඒකාබද්ධ නගර නාමකරණ සහ ප්‍රවර්ධන ව්‍යාපාරයකින් සහාය වනු ඇත. මේ සඳහා 2025 වසර සඳහා රුපියල් මිලියන 500 ක් වෙන් කිරීමට අප යෝජනා කරනවා.
සංචාරක ක්ෂේත්‍රයේ, සන්නිවේදනය සහ අනෙකුත් කුසලතා පිළිබඳ තරුණ තරුණියන් පුහුණු කිරීම් සඳහා රජය පහසුකම් සපයනු ඇත.
සංචාරකයින්ගේ සංචරණ ධාරිතාව පුළුල් කිරීම සඳහා නව සංචාරක ගමනාන්ත සංවර්ධනය කිරීම සහ ප්‍රවර්ධනය කිරීම රජයේ ප්‍රමුඛ කාර්යයක් වනු ඇත.
ඊට සමගාමීව, අධික තදබදය පිළිබඳ ගැටළු විසඳීමට සහ ක්ෂේත්‍රයේ ධාරිතාව වැඩිදියුණු කිරීමට ඩිජිටල් ටිකට්පත් ක්‍රමයක් හඳුන්වා දෙනු ලැබේ.
ජපන් ආයෝජනවල සහාය ඇතිව බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ දෙවන පර්යන්තය පුළුල් කරනු ලැබේ.
සංචාරක ආකර්ෂණීයත්වයක් ඇති ස්ථාන පිළිබඳ තොරතුරු සැපයීම, ආරක්ෂක අනතුරු ඇඟවීම් ලබා ගැනීම, සංචාරක අත්දැකීම් පිළිබඳ ප්‍රතිචාර සහ නීතිය ක්‍රියාත්මක කරන ආයතන වලට ලැබෙන පැමිණිලි අධීක්ෂණය කිරීම සඳහා සංචාරක පොලීසිය, රාජ්‍ය ආයතන සහ සිවිල් සංවිධාන සම්බන්ධ කරන තාක්ෂණ පාදක විසඳුම් සංයෝජනයක් හරහා සංචාරක ආරක්ෂාව සහ පහසුකම් සැපයීම රජය විසින් සිදු කරනු ඇත.
6. ආර්ථික සංවර්ධනයේ කොඳු නාරටිය ලෙස සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් සහ ව්‍යවසායකත්වය සංවර්ධනය කිරීම රජයේ ප්‍රධාන අරමුණක් වේ. මූල්‍ය සඳහා ප්‍රවේශය දිගු කලක් තිස්සේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සහ ග්‍රාමීය ව්‍යවසායකයින් මුහුණ දෙන විශාලතම අභියෝගයන්ගෙන් එකකි. මේ රටේ මුල්‍ය සංස්කෘතිය ඇපකර මත පදනම් වූ ණය දීම වන අතර එමඟින් විශාල කොටසකට මුල්‍ය සඳහා වන ප්‍රවේශය ඇහිරී තිබෙනවා. බැංකු තම තැන්පත්කරුවන්ගේ අවශ්‍යතා ආරක්ෂා කළ යුතු අතර ඔවුන්ගේ ණය දීමේ පිළිවෙත්වල තාර්කික බව සහතික කළ යුතු අතර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සහ නව ව්‍යවසායකයින් සඳහා ද විසඳුමක් තිබිය යුතුයි.
මේ සඳහා රජය සංවර්ධන බැංකුවක් පිහිටුවීමට කටයුතු කරමින් සිටිනවා. පළමු පියවර ලෙස, නව පරිපාලන ව්‍යුහයක් හරහා සංවර්ධන බැංකුවක ක්‍රියාකාරිත්වය දැනට පවතින රාජ්‍ය බැංකු යාන්ත්‍රණය හරහා ස්ථාපිත කරනවා. ජාතික ණය ඇපකර ආයතනය (NCGI) හරහා ලබා ගත හැකි ණය ඇපකර පහසුකම් තුලින් රජය මෙම කාර්යයට සහාය වනවා.
7. නවෝත්පාදනය සහ ව්‍යවසායකත්වය පෝෂණය කිරීම
පර්යේෂණ ආයතන, විශ්ව විද්‍යාල, රාජ්‍ය ආයතන සහ පෞද්ගලික අංශය සහ ජාතික බුද්ධිමය දේපළ සංවිධානය (NIPO) ඇතුළු විවිධ පාර්ශ්වකරුවන් සමඟ සහයෝගයෙන් සහ උපදේශනයෙන්, පර්යේෂණ සහ සංවර්ධන ව්‍යාපෘති කර්මාන්ත අවශ්‍යතා සමඟ පෙළගස්වනු ලබනවා. පහත සඳහන් ක්ෂේත්‍ර සඳහා පර්යේෂණ සහ සංවර්ධන මුල පිරීම් ප්‍රමුඛතාවය වනු ඇත;
- තෝරාගත් පර්යේෂණ සහ සංවර්ධන මුලපිරීම් සඳහා සම-මුල්‍යකරණය සැපයීම.
- ගෝලීය වශයෙන් සමාන ක්ෂේත්‍රවල නියැලී සිටින ශ්‍රී ලාංකිකයන් සමඟ රාජ්‍ය පර්යේෂණ සහ සංවර්ධන ආයතන සහ අදාළ විශ්වවිද්‍යාල අතර සම්බන්ධතා සම්බන්ධීකරණය කිරීම.
- මැඩ්රිඩ් ප්‍රොටෝකෝලය වෙත ඇතුල් වීම හරහා අපනයනකරුවන්ට ගෝලීය වශයෙන් වෙළෙඳ නාම ආරක්ෂාව ලබා ගැනීමට පහසුකම් සැලසීම.
2020 වසරේ දී පේටන්ට් බලපත්‍ර ලියාපදිංචි කිරීම් 272 ක් සිදු වූ බවත් ඉන් පේටන්ට් බලපත්‍ර 223 ක් අනේවාසික ලියාපදිංචි කිරීම් බවත් 2019 වසරේ දී පේටන්ට් බලපත්‍ර අයදුම්පත් ඉදිරිපත් කිරීම අනුව 61 වන රට ලෙස ශ්‍රේණිගත වී ඇති බවත් වාර්තා වේ. වාණිජකරණය තුලින් ආර්ථීකයේ යහපත සඳහා යොදා නොගත් සහ ආයෝජන අවස්ථා නෙළා නොගත් පර්යේෂණ සොයාගැනීම් ගණනාවක් ඇති බව අප නිරීක්ෂණය කරනවා. එබැවින්, පර්යේෂණ ආයතන මෙහෙයවීම සහ වාණිජකරණයට විභවයන් සහිත පර්යේෂණ, ප්‍රධාන ධාරාවට ගෙන ඒම සඳහා ශක්තිමත් ප්‍රමුඛ මධ්‍යගත ආයතනික යාන්ත්‍රණයක් අවශ්‍ය වනවා. මේ සඳහා, පර්යේෂණ සොයාගැනීම් වාණිජකරණය කිරීමට නවෝත්පාදන නව නිපැයුම් අරමුදලක් නිර්මාණය කිරීම සඳහා රුපියල් මිලියන 1,000 ක් වෙන් කිරීමට අප යෝජනා කරනවා.
8. රාජ්‍ය වියදම් කළමනාකරණය
රාජ්‍ය වියදම් විධිමත් කිරීමට රජය අඛණ්ඩව උත්සාහ දරනවා. මහජන නියෝජිතයින්ට ලබා දෙන දීමනා සහ ප්‍රතිලාභ පිළිබඳ සමස්ත පද්ධතිය සමාලෝචනය කරනවා.
වියදම් කළමනාකරණය සම්බන්ධයෙන් දේශපාලන නායකත්වය පැත්තෙන් ආදර්ශයක් දීම සඳහා ඇමති මණ්ඩලය අමාත්‍යවරුන් 21 දෙනෙකුට සීමා කළා. රාජ්‍ය වියදම් අඩු කරමින් අමාත්‍යවරුන්ගේ සහ නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ වියදම් තාර්කිකරණය කර තිබෙනවා.
ජනාධිපතිවරයා, අගමැතිවරිය, මැති ඇමැතිවරු වෙනුවෙන් වෙන් කරන ලද මන්දිර වැනි පොදු සම්පත් ඵලදායී ලෙස මහජන භාවිතයට යොමු කර තිබෙනවා. එවැනි දේපල ආර්ථික වශයෙන් ශක්‍යතාවයක් ඇති ව්‍යාපෘති සඳහා සහ මහජන අවශ්‍යතා සඳහා උපරිම ලෙස භාවිතා වේ. නිර්දේශ ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරනු ලබනවා.
අධික ධාවන සහ නඩත්තු වියදම් දැරීමට සිදු වන සියලුම සුඛෝපභෝගී වාහන වෙන්දේසි කරනු ලබනවා.
- වාහන සඳහා රජයේ වියදම් අවම කිරීම
රජයේ නිලධාරීන්ට නිල වාහන ලෙස පවරන ලද වාහන ඉහළ ඉන්ධන පරිපභෝජනයක් ඇති සැලකිය යුතු වටිනාකමකින් යුක්ත වාහන වනවා. පමම වාහන සඳහා අධික නඩත්තු පිරිවැයක් දැරීමට සිදුවෙනවා. එබැවින් තෝරාගත් නිලධාරීන්ට සුදුසු මූල්‍ය ප්‍රතිපාදන ලබාදීම හරහා වාහන සඳහා අධික වියදම් අවම කිරීමට රජය තීරණය කර තිබෙනවා.
- රාජ්‍ය ආයතන විධිමත් හා කාර්යක්ෂම කිරීම
වසර ගණනාවක් පුරා ශ්‍රී ලංකේය රාජ්‍ය යාන්ත්‍රණය, පහසුවෙන් පාලනය කළ නොහැකි ව්‍යුහයක් දක්වා ක්‍රමයෙන් විශාල වී තිබෙනවා. සුදුසු අධ්‍යයනයකින් හෝ පදනමකින් තොරව රජයේ ආයතන ගණනාවක් ස්ථාපිත කර තිබෙනවා. රාජ්‍ය සම්පත් නාස්තියක් මෙන්ම, එමගින් රාජ්‍ය සේවාවන් ඵලදායි ලෙස සැපයීමට ද විශාල ලෙස බාධාවන් ඇති වී තිබෙනවා. මෙහි ප්‍රතිඵලයක් ලෙස එකම කාර්යය දෙවාරයක් සිදු කිරීම, නාස්තිය සහ රාජ්‍ය සේවාවන් ඵලදායි ලෙස සැපයීමට බාධා වීම සිදුව තිබෙනවා. මෙම තත්ත්වයන් මඟහරවා ගැනීම සඳාහා රාජ්‍ය ආයතන රැසක කාර්යයන් සහ ඒවායෙහි ඵලදායිතාවය සමාලෝචනය කිරීමට කම්ටුවක් අග්‍රාමාත්‍ය ලේකම්තුමාගේ මූලිකත්වයෙන් යුක්තව දැනටමත් පිහිටුවා තිබෙනවා. එහිදි කුමන ආයතන අඛණ්ඩව පවත්වාගෙන යා යුතුද, වෙනක් ආයතන සමඟ ඒකාබද්ධ කළ යුතුද, වසා දැමිය යුතුද, අරමුණ වෙනස් කළ යුතු ආයතන තිබේද, ආයතනයේ අරමුණට අනුකූල චන ලෙස ප්‍රතිසංවිධානය කළ යුතු ආයතන මොනවාද ආදිය ඒ අනුව යළි තීරණය කරන්නට පුළුවන්. මෙමගින්, රාජ්‍ය සේවාවන් සැපයීමේ කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීම හරහා රාජ්‍ය මුදල් නාස්තිය වලක්වාගැනීම සම්බන්ධයෙන් ද සැලකිය යුතු ප්‍රතිලාභ අත්කර ගැනිමට අප අපේක්ෂා කරනවා.
- රජය සතු ව්‍යවසායන්ගි ආයතනික පාලනය
රජය සතු ව්‍යවසායන් හේතුවෙන් පැන නගින අනාගත මූල්‍ය අවදානම් අවම කිරීම භා කාර්යක්ෂම කිරීම සඳහා මූලික අවශ්‍යතාවයක් වන්නේ රජය සතු ව්‍යවසායන්ගි ආයතනික පාලනය වැඩිදියුණු කිරීමයි. මේ සඳහා, පාලනය, මූල්‍ය චිනය සහ මෙනෙයුම් කාඨික්‍ෂමතාවය වැඩිදියුණු කිරීමේ අරමුණින්, තෝරාගත් රාජ්‍ය ව්‍යවසායන් පරිපාලිතයන් ලෙස පවත්වා ගනු ලබන රාජ්‍ය හිමිකාරික්වය භා පාලනය ඇති පරිපාලක සමාගමක් පිහිටුවනු ලැබේ.
9. කාන්තා ආර්ථික සහභාගීත්වයට සභාය වීම
කාන්තා කටයුතු සඳහා රේඛීය අමාත්‍යාංශය මෙන්ම පළාත් සභා මට්ටමින් වැඩසටහන් ක්‍රියාන්මක වේ. ඒ තුළ විශේෂයෙන් ගැබිනි මාතාවන් සඳහා පෝෂ්‍යදායි ආහාර ලබා දීම සඳහා මාසික ආධාරයක් ලබා දෙන අතර, ඒ සඳහා රුපියල් මිලියන 7,500 ක් වෙන් කර ඇත. එසේම මව්වරුන් හා දරුවන්ගේ පෝෂණය සඳහා ත්‍රිපෝෂ වැඩසටහන වෙනුවෙන් රුපියල් මිලියන 5,000 ක් වෙන් කර තිබෙනවා.
ළමා හා කාන්තා හිංසනය වැළැක්වීම, කාන්තා සවිබල ගැන්වීම සහ කාන්තාවන් සුරැකීම යන වැඩසටහන් සඳහා රුපියල් මිලියන 120 ක් ද වෙන් කර තිබෙනවා. කාන්තාවන් ඉලක්ක කර ගත් වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා දිවයින පුරා ව්‍යාප්තව ඇති කාර්යාල ජාලය පවත්වා ගැනීම
වෙනුවෙන් රුපියල් මිලියන 720 ක වියදමක් දරනු ලැබේ.
10. නිරෝගී සමාජයක් කරා
- සෞඛ්‍ය පද්ධතිය ඩිජිටල්කරණය
කලාපයේ අනෙකුත් රටවලට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය පද්ධතිය තුළ ඩිජිටල්කරණය අවම මට්ටමකයි තිබෙන්නේ. ඒ අනුව, 2025 වසරේ සිට සෞඛ්‍ය සේවා සැපයිම ඩිජිටල්කරණය වීම වැඩි දියුණු කිරීම සඳාහා නව මුලපිරිම් හා මැදිහත්වීම් සිදු කරනවා. ජෘතික ඖෂධ නියාමන අධිකාරියේ සහ ශ්‍රී ලංකා රාජ්‍ය ඹෟෂධ නීතිගත සංස්ථාවේ කාර්යයන් ඩිජිටල්කරණය කිරීම සහ “සුවස්ථා පද්ධතිය වැඩිදියුණු කිරීම සහ පුළුල් කිරීම මෙයට ඇතුළත් වෙනවා.
- ග්‍රාමීය මට්ටමේ ප්‍රාථමික සෞඛ්‍ය සේවා වැඩිදියුණු කිරීම
ඛෝ නොවන රෝග පාලනය සහ වැළැක්වීම කෙරෙහි අවධානය යොමු කරමින් ප්‍රාථමික වෛද්‍ය ප්‍රතිකාර ඒකක 1,000 කට අධික ප්‍රමාණයක සහ ප්‍රාදේශීය රෝහල්වල සේවා සැපයීම වැඩිදියුණු කිරීමට පියවර ගනු ලබනවා. තවද, විශේෂයෙන් වයස්ගත ජනගහනය ඉලක්ක කර ගනිමින් සෑම දිස්ත්‍රික්කයකම තෝරාගත් ප්‍රාථමික වෛද්‍ය ප්‍රතිකාර ඒකක වලින් සහන සහො වයෝවෘද්ධ සත්කාර සේවා පවක්වනවා. පවතින මානව සම්පත් ප්‍රතිසංවිධානය කිරීම හරහා අවශ්‍ය මානව සම්පත් ලබා දීමට කටයුතු කරනවා.
- වතු ආශ්‍රිත සෞඛ්‍ය තත්ත්වය
ප්‍රාදේශීය වැවිලි සමාගම් සමඟ රාජ්‍ය පෞද්ගලික හචුල්කාරිත්වයන්ට එළඹීම හරහා වතු ආශ්‍රිත සෞඛ්‍ය සේවා ශක්තිමත් කිරීමේ ක්‍රියාවලිය කඩිනම් කිරීමට පියවර ගන්නවා. චතුවල ඇති රෝහල්වලට අවශ්‍ය මානව සම්පත්, අවශ්‍ය උපකරණ සහ ඹෟෂධ රජයෙන් ලබා දෙනවා.
- වසංගත සුදානම
ඉදිරි වසර තුන තුළ සංවර්ධන පාර්ශවකරුවන්ගේ සභාය ඇතිව වසංගත වැළැක්වීම, සුදානම සහ වසංගත සඳහා සුදුසු පියවර ක්‍රියාත්මක කිරීම සඳහා ඇති ජාතික ධාරිතාව වැඩිදියුණු කරනවා. මීට අමතරව, ඉදිරියේ දී ඇති විය හැකි සෞඛ්‍ය උවදුරු කල් ඇතිව සුක්ෂම නිරීක්‍ෂණය කිරීම සහ
පූර්ව අනතුරු ඇහවීමේ හැකියාව ශක්තිමක් කරනවා.
සෞඛ්‍ය සම්පන්න ජනගහනයක් මානව ප්‍රාග්ධන සංවර්ධනය සඳහා තීරණාත්මක චන අතර, එය ඵලදායිතාව ඉහළ නැංවීමට, අධ්‍යාපනික ප්‍රතිඵල වර්ධනයට, ශ්‍රම බලකායේ සහභාගීත්වය ඉහළ නැංවීමට, නවෝත්පාදන සහ කුසලතා සංවර්ධනය සඳහා සෘජුවම දායක වෙනවා. එය සමාජ ස්ථාවරක්වය ප්‍රවර්ධනය කිරීම, ජීවන තක්ක්වය වැඩිදියුණු කිරීම සහ ආර්ථික වර්ධනය සහ ස්ථාවරක්වය ප්‍රවර්ධනය කරනවා. ඒ අනුව, 2025 වසර සඳහා රජයේ සෞඛ්‍ය අයවැය ප්‍රතිපාදනය රුපියල් මිලියන 604,000 දක්වා සැලකිය යුතු ලෙස වැඩි කර තිබෙනවා.
ඖෂධ සැපයුම සහ වෛද්‍ය සැපයුම සහතික කිරීම සඳාහා 2025 අයවැයෙන් රුපියල් මිලියන 185,000 ක් වෙන් කර තිබෙනවා. ගුණාත්මක ඖඹධ සහ වෛද්‍ය සැපයුම් කිසිදු බාධාවකින් තොරව ප්‍රසම්පාදනය හා බෙදා හැරීම සහතික කිරීමටත්, ප්‍ර සම්පාදන ක්‍රියාවලීන් ප්‍රශස්ත කරන අතරම නාස්තිය අවම කිරීමටත්, අරමුදල් සම්පූර්ණයෙන් භාවිතා කිරීමටක් රජය සෞඛ්‍ය
අමාත්‍යාංශය හරහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගනු ලබනවා.
- ඔටිසම් ඇතුළු ස්නායු සංවර්ධන ආබාධ සහිත දරුවන් සඳහා සෞඛ්‍ය ප්‍රතිකාර ලබාදීම
ශ්‍රී ලංකාව තුළ පසුගිය දශකය තුළ ඔටිසම් ඇතුළු ස්නායු සංවර්ධන ආබාධ සිත දරුවන්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් තිබෙනවා.
මෙම අභියෝගවලට මුහුණ දීම සඳහා ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 25 පුරාම ඔටිසම් ඇතුළු ස්නායු සංවර්ධන ආබාධ සහිත දරුවන් සඳහා අවශ්‍ය සෞඛ්‍ය, අධ්‍යාපන සහ අනෙකුත් සේවා පහසුකම් වැඩිදියුණු කිරීම සඳාහා වසර 5 ක ජාතික වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට යෝජිතයි. මූලික පියවරක් ලෙස, ස්නායු සංවර්ධන ආබාධ සහිත ළමුන් සඳහා ජාත්‍යන්තර ප්‍රමිතීන් සහිත ප්‍රතිකාර මධ්‍යස්ථානයක් රිජ්වේ ආර්යා ළමා රෝහලෙගි පිහිටුවීම සඳහා 2025 වසර සඳහා රුපියල් මිලියන 200 ක් වෙන් කිරීමට අප යෝජනා කරනවා. තවද, ඉදිරි වසර පහ තුළ අවශ්‍ය මානව සම්පත් සහිතව සෑම දිස්ත්‍රික්කයකම මෙවැනි ප්‍රතිකාර මධ්‍යස්ථාන පිහිටුවීමට අපේක්ෂා කරනවා.
- ඔටිසම් ඇතුළු සංවර්ධන ආබාධ සහිත දරුවන් සඳහා සෞඛ්‍ය ප්‍රතිකාර ලබාදීම
ඔටිසම් තක්වයේ පසුවන ළමුන් සඳහා පෙර පාසල් සහ දිවා සුරැකුම් පහසුකම් සීමිතයි. මෙයට ප්‍රධාන වශයෙන් හේතු වී ඇන්නේ ඔටිසම් ඇතුළු ස්නායු සංවර්ධන ආබාධ සහිත ළමුන් සඳාහා ලබාදිය යුතු සියල්ල අන්තර්ගත අධ්‍යාපනය සහ මුල් ළමාවිය සංවර්ධනය පිළිබඳ පෙර පාසල් ගුරුවරුන් සහ භාරකරුවන්ට ඊට අවශ්‍ය හැකියාව හා අවබෝධය නොමැතිකමයි. ඒ අනුව, ආදර්ශ දිවා සුරැකුම් මධ්‍යස්ථානයක් සංවර්ධනය කිරීම සඳහා රුපියල් මිලියන 250 ක් වෙන් කිරීමට අප යෝජනා කරනවා.
11. සැමට අධ්‍යාපන අවස්ථාවන්
රට තුළ පැවති ආර්ථික අතියෝගයන් හේතුවෙන් 2019 සිට පාසල් යටිතල පහසුකම් ප්‍රතිසංස්කරණය කිරීමක් සිදු වුනේ නැහැ. එබැවින් පාසල් යටිතල පහසුකම් ඉහළ නැංවීම සඳාහා 2025 අයවැය තුළින් රුපියල් මිලියන 10,000 කට වඩා දැනටමත් වෙන් කොට තිබෙනවා. එමෙන්ම විශ්ව විද්‍යාල පද්ධතිය තුල ගුණාත්මකභාවය වර්ධනය කිරීම සඳහා රුපියල් මිලියන 135,000 ක් මේ වන විටක් වෙන්කර තිබෙනවා.
- පෙර පසල් ළමුන්ගේ පෝෂණය
පෙර පාසල් උදෑසන ආහාරවේල සැපයීමේ වැඩසටහන යටතේ එක් ආහාර වේලකට කරනු ලබන ගෙවීම රුපියල් 60 සිට රුපියල් 100 දක්වා වැඩි කිරීමට අප යෝජනා කරනවා. මේ සඳහා 2025 අයවැය ඇස්තමේන්තු තුළින් රුපියල් මිලියන 1,000 ක් දැනටමත් වෙන්කර තිබෙනවා. තෝරාගක් මුල් ළමාවිය අධ්‍යාපන මධ්‍යස්ථාන සංවර්ධනය කිරීම සඳහා රුපියල් මිලියන 80 ක් වෙන් කර තිබෙනවා. තවද, පෙර පාසල් ගුරුවරුන් මානව සම්පත් සංවර්ධනයේ ප්‍රධාන පාර්ශවයක් ලෙස හඳුනා ගනිමින්, පෙර පාසල් අධ්‍යාපනයේ ගුණාත්මකභාවය ඉහල නැංවිමට සහ ඔවුන්ගේ සේවය ඇගයීම සඳහා ඔවුන්ට දැනට ලබාදෙන දීමනාව මේ වසරේ ජුනි මාසයේ සිට තවත් රුපියල් 1,000. කින් වැඩි කිරීමට අප යෝජනා කරනවා. මේ සඳාහා රුපියල් මිලියන 100 ක් වෙන් කිරීමට අප යෝජනා කරනවා.
- පාසල් අධ්‍යාපනය නව්‍යකරණය කිරීම
පදිංචි ස්ථානයේ සිට කිලෝමිටර් 3 ක අරයකින් යුත් ප්‍රදේශය තුළ ප්‍රාථමික පාසලක් සංවර්ධනය කිරීම රජයේ ප්‍රතිපක්තිය වෙනවා. මේ චන විට, දිපව්‍යාප්තව රජයේ පාසල් 10,126 ක් තිබෙනවා. ඉන් 3,946 ක් පමණ ප්‍රාථමික පාසල් චන අතර මෙම පාසල්වලට දළ වශයෙන් ළමුන් 634,094 ක් ඇතුළත් චී තිබෙනවා. මේවායින් 100 ට අඩු සිසුන් සිටින පාසල් 3,000 කට වැඩි ප්‍රමාණයක් ඇති අතර ඉන් පාසල් 1,471 ක සිටින්නේ සිසුන් 50 ට අඩු සංඛ්‍යාවකි. මෙම පාසල් බොහොමයක් ග්‍රාමීය හා දුෂ්කර ප්‍රදේශවල පිහිටා ඇත. මෙමගින් පාසල් අතර විශාල විෂමතාවයක් ඇති වී තිබෙනවා. මෙම විෂමතාවය නිසා බහුතර සිසුන් සංඛ්‍යාවකට අසාධාරණයක් සිදු වෙනවා. මේ නිසා, පවතින පාසල් පද්ධතිය සමාලෝචනය කොට, යලි ස්ථානගත කිරීමට අවශ්‍ය ජාතික සැලැස්ම සකස් කිරීම සඳාහා රුපියල් මිලියන 500 ක් වෙන් කිරීමට අප යෝජනා කරනවා.
- ශිෂ්‍යාධාර
- 1. ශ්‍රේණිය ශිෂ්‍යක්ව විභාගයේ සුදුසුකම්ලක් අඩු ආදායම්ලාි පවුල්වල සිසුන්ගේ ශිෂ්‍යාධාර මුදල රුපියල් 750 සිට රුපියල් 1,500 දක්වා වැඩි කරනවා. මේ සඳහා රුපියල් මිලියන 1,000 ක මුදලක් වෙන් කිරීමට අප යෝජනා කරනවා.
- 2. ක්‍රීඩා පාසල්වල සිසුන්ට ලබාදෙන මාසික පෝෂ්‍යදායි ආභාර දීමනාව රුපියල් 5,000. සිට රුපියල් 10,000 දක්වා වැඩි කිරීමට අප යෝජනා කරනවා. මේ සඳාහා 2025. අයවැයෙන් දැනටමත් ප්‍රතිපාදන වෙන් කර තිබෙනවා.
- ව්‍යත්තිය අධ්‍යාපනය හදාරන සිසුන් සඳහා මාසික දීමනාව රුපියල් 4,000 සිට රුපියල්. 5,000 දක්වා වැඩි කිරීමට අප යෝජනා කරනවා. මේ සඳහා 2025 අයවැයෙන් දැනටමත් ප්‍රතිපාදන වෙන් කර ඇති අතර, අමතරව තවත් රුපියල් මිලියන 200 ක් වෙන් කරනවා.
- 04. විශ්වවිද්‍යාල සිසුන් සඳාහා ගෙවනු ලබන මහපොළ ශිෂ්‍යාධාර ගෙවීම රුපියල් 5,000. සිට රුපියල් 7,500 දක්වා වැඩි කිරීමටත්, ශිෂ්‍යාධාර දීමනා රුපියල් 4,000 සිට රුපියල් 6,500 දක්වා වැඩි කිරීමටත් අප යෝජනා කරනවා. මේ සඳාහා රුපියල් මිලියන 4,600. ක මුදලක් 2025 අයවැයෙන් දැනටමක් වෙන් කර තිබෙනවා.
මේ සියළු දිමනා ගෙවීම් 2025 අප්‍රේල් මස සිට ක්‍රියාන්මක වෙනවා.
- උසස් ශ්‍රේණිගත විශ්ව විද්‍යාලයක උපාධි පෘඨමාලා හැදෑරීම සඳහා ශිෂ්‍යක්ව ප්‍රදානය
අ. පො. ස. උසස් පෙළ විභාගයෙති කැපී පෙනෙන දක්‍ෂතා පෙන්වන සිසුන්ට ඉහළ පෙළේ ජාත්‍යන්තර විශ්වවිද්‍යාලවල ප්‍රථම උපාධි පාඨමාලා හැදෑරීමට ශිෂ්‍යත්ව පිරිනැමීමටත්, ඔවුන් ලබාගත් දැනුම සහ කුසලතා රටෙහි සංවර්ධනයට යොදා ගැනීම සඳහා නැවත ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමටත් වැඩසටහනක් ඇති කරනවා. 2025 වසරේ දී මෙම වැඩසටහන ආරම්භ කිරීමට රුපියල් මිලියන 200 ක් වෙන් කිරීමට අප යෝජනා කරනවා.
- ක්‍රීඩා පාසල් සංවර්ධනය කිරීම
පළාත් පහක විශේෂිත ක්‍රීඩා පාසල් සංවර්ධනය කිරීමට අප යෝජනා කරනවා. බස්නාතිරු උතුරු. මධ්‍යම, ඌව සහ උතුරුමැද පළාක් මේ සඳහා කෝරා ගනු ලබනවා. එම පළාත්වල ක්‍රීඩා පාසල් සංවර්ධනයට රුපියල් මිලියන 500 ක් වෙන් කිරීමට අප යෝජනා කරනවා.
- යාපනය සහ අනෙකුන් ප්‍රාදේශීය පුස්තකාල වැඩිදියුණු කිරීම
යාපනයේ සහ අවට දුපක්වල පාසල් සිසුන් ඇතුළු පාඨකයන් විශාල පිරිසක් යාපනය පුස්තකාලය භාවිතා කරනවා. නමුත් මෙම පාඨකයන්ගේ ප්‍රයෝජනය සඳහා යටිතල පහසුකම් ප්‍රමාණවත් ලෙස සංවර්ධනය කර නැතැ. එම නිසා මෙම පුස්තකාලයට පරිගණක ඇතුළු අත්‍යාවශ්‍ය පහසුකම්. ලබාදීමට මෙවර අයවැයෙන් රුපියල් මිලියන 100ක් වෙන් කිරීමට අප යෝජනා කරනවා. ඊට අමතරව, අනෙකුන් ප්‍රාදේශීය පුස්තකාල සංවර්ධනය සඳහා මෙම අයවැය යටකේ තවත් රුපියල් මිලියන 200 ක් චෙන් කිරීමට අප යෝජනා කරනවා.
12. බලශක්ති අංශය
ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය සඳහා බලශක්ති ක්‍ෂේත්‍රය ඉතා වැදගත් වෙනවා. බලශක්ති ප්‍රභවයන් විවිධාංගීකරණය කිරීම කෙරෙහි අවධානය යොමු කරමින් පුනර්ජනනීය බලශක්තිය සහ යටිතල පහසුකම් නවීකරණය කිරීම සඳහා වැඩි නැඹුරුවක් දක්වනවා. ගාස්තු තීරණය කිරීමේ දී. ලංකාවට උපරිම වාසියක් ලබා දිය හැකි දේශීය භා විදේශීය ආයෝජකයින් දිරිගන්වන අතරම බලශක්ති ක්‍ෂේත්‍රයේ ආයෝජනය කිරීමට රජය අඛණ්ඩව කටයුතු කරනවා. ලංකා විදුලිබල මණ්ඩලයේ අභ්‍යන්තර ප්‍රතිව්‍යුභගතකරණයට පහසුකම් සැලසීම සඳහා නියාමන රාමුවට අවශ්‍ය, ප්‍රතිසංස්කරණවලට ප්‍රමුඛක්වය දෙමින් සංශෝයිත විදුලිබල පනත ඉක්මණින් සම්මත කිරීමට අපේක්ෂා කරනවා.
සුළං බලයෙන් විදුලිය ජනනය කිරීමේ මෙගාවොට් 50ක ව්‍යාපෘතියකට අදාලව විදුලි ඒකකයක්. සඳහා ඇමරිකානු ඩොලර් ශත 4.65 ක මිලකට පසුගිය දා ටෙන්ඩරයක් ප්‍රදානය කළා. එවැනි තත්ත්වයක් තිබියදි, ඇමරිකානු ඩොලර් ශත 8.26 ක් වැනි අධික ගාස්තුවකට ව්‍යාපෘති ලබාදීම සාධාරණීකරණය කළ නොහැකියි. කර්මාන්ත, අපනයනකරුවන් සහ පාරිභෝගිකයින්ට තරගකාරී පිරිවැයකින් බලශක්තිය සැපයිම සඳහා අපි අවම ගාස්තුවක් මත පදනම් වූ බලශක්ති ආයෝජන සඳහා ඉඩප්‍රස්ථා ලබා දීමට කටයුතු කරනවා. ආයෝජන ගෙන එනු ලබන සමාගම් හෝ රට මක රඳා පවතිමින් කටයුතු කිරීමට කිසිවිටකත් අප බලාපොරොත්තු වන්නේ නැහැ.
මෙට්‍රික් ටොන් 10,000 බැගින් ක්‍රියාකාරී ධාරිතාවයකින් යුත් ටැංකි 99 කින් සමන්විත ත්‍රිකුණාමල, තෙල් ටැංකි සංකීර්ණයේ තෙල් සංස්ථාවට භා ඉන්දියානු ඔයිල් සමාගමට ලබා දී තිබෙන තෙල් ටැංකි හැර තවත් තෙල් ටැංකි 61 ක් තිබෙනවා. මෙම තෙල් ටැංකි පිහිටි ස්ථානය ද සලකන විට, ජාත්‍යන්තර ඉන්ධන වෙළෙඳපොල වෙත ප්‍රවේශ වීම සඳහා අවස්ථාවක් පවතිනවා. ජාත්‍යන්තරව, පිළිගත් ආයතන සමග ඒකාබද්ධ ව්‍යාපාරයක් ලෙස එය සංවර්ධනය කිරීමට අප අපේක්ෂා කරනවා.
13. කෘෂිකර්මාන්තය සහ ආහාර සුරක්‍ෂිතතාවය
කෘෂිකාර්මික අංශය මගින් රටේ ශ්‍රම බලකායෙන් දළ වශයෙන් සියයට 30 කට රැකියා සපයන අතර කෘෂිකාර්මික අංශය ග්‍රාමීය ආර්ථිකයේ කොඳු නාරටිය වෙනවා. එමගින්, කෘෂිකාර්මික අංශයේ විභවයන් වැඩිදියුණු කිරීම, ශ්‍රී ලාංකිකයන්ගෙන් අතිමහත් බහුතරයකගේ ආර්ථික අවස්ථා වැඩිදියුණු කිරීමේ ප්‍රධාන අවශ්‍යතාවයක්.
කෘෂිකාර්මික අංශය පිළිබඳ රජයේ ප්‍රතිපත්තිය එහි ඵලදායීතාව, තරඟකාරිත්වය සහ ඔරොත්තු දීමේ හැකියාව ඉහළ නැංවීම අරමුණු කර ගෙන ඇත. වී ගොවීන් සඳහා පොහොර සහනාධාරය අඛණ්ඩව ක්‍රියාත්මක කරන අතර ඒ සඳහා රජය දැනටමත් 2025 වසර සඳහා රුපියල් මිලියන 35,000 ක් වෙන් කර තිබෙනවා. ගුණාත්මක බීජ සංවර්ධනය, එල්ලංගා පද්ධති කළමනාකරණය සහ කෘෂිකර්මාන්තය තුළ කාර්යක්ෂම ලෙස ජලය භාවිතය ආදීය ප්‍රමුඛතා ක්ෂේත්‍ර ලෙස රජය හඳුනාගෙන ඇති අතර අයවැය ප්‍රතිපාදන මගින් එම ක්ෂේත්‍ර වැඩිදියුණු කිරීමට අපේක්ෂා කරනවා.
- ප්‍රමාණවත් වී ආරක්ෂණ තොගයක් පවත්වා ගැනීම
වී මිල නිරන්තරයෙන් පවතින අස්ථායීතාවයෙන් මිදීම සඳහාත් වෙළෙඳපොළේ සහල් ඉල්ලුම සහ සැපයුම සීමා කිරීමේ දී ඊට ඔරොත්තු දීමේ පියවරක් ලෙසත් 2024/25 මහ කන්නයේ සිට ප්‍රමාණවත් ආරක්ෂණ තොගයක් පවත්වා ගැනීමට අපේක්ෂා කරනවා. ඒ අනුව, 2024/25 මහ කන්නය සඳහා රුපියල් මිලියන 5,000 ක් වෙන් කිරීමට අප යෝජනා කරනවා.
- තොරතුරු පද්ධති
කෘෂිකාර්මික අංශයට කාලීන තීරණ ගැනීම සඳහා යාවත්කාලීන කරන ලද දත්ත සහ තොරතුරු පද්ධතියක් නැහැ. එබැවින් නිෂ්පාදන ස්ථානයේ සිට පාරිභෝගිකයන් දක්වා සමස්ත වටිනාකම් දාමය ආවරණය වන පරිදි යාවත්කාලීන කරන ලද දත්ත සහ තොරතුරු පද්ධතියක් ස්ථාපිත කිරීමට කටයුතු කරනවා. මේ සඳහා ආසියානු සංවර්ධන බැංකුවේ සහය සමගින් ඇනටමත් ක්‍රියාත්මක “ආහාර සුරක්ෂිත ජීවනෝපාය හදිසි ආධාර ව්‍යාපෘතිය” මගින් මුලදී සහාය දක්වන අතර පසුව ලෝක බැංකුවෙහි “ඒකාබද්ධ ග්‍රාමනගර සංවර්ධන සහ දේශගුණික ඔරොත්තු දීමේ ව්‍යාපෘතියෙන්” ලැබෙන අරමුදල් සමඟ පුළුල් කිරීමට අපේක්ෂා කරනවා.
- අනෙකුත් ක්ෂේත්‍ර භෝග නිෂ්පාදනය වැඩි කිරීම
වී වලට අමතරව ජනතාවගේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම සඳහා අනෙකුත් ක්ෂේත්‍ර භෝගවල නිෂ්පාදනය සහ ඵලදායීතාව ඉහළ නැංවීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කරනවා. විශේෂයෙන්ම මුං ඇට, උඳු, මිරිස්, රතු ළූණු, කව්පි, සෝයා, බඩ ඉරිඟු, අර්තාපල් සහ අනෙකුත් තෝරාගත් ධාන්‍ය වර්ග මෙන්ම අල භෝග නිෂ්පාදනය, 2025-2027 මධ්‍යකාලීනව කඩිනම් වැඩ පිළිවෙලක් හරහා වර්ධනය කිරීමට නියමිතයි. 2025 වසර සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශයට ලබාදුන් ප්‍රතිපාදනයන්ට අමතරව රුපියල් මිලියන 500 ක් මේ සඳහා ලබා දීමට අප යෝජනා කරනවා.
වෙළෙඳපොළේ වී සහ සහල් තොග එකතු කිරීම සහ ගබඩා කිරීම නියාමනය කිරීම සඳහා නියාමන රාමුවක් සකස් කිරීම අවශ්‍ය වෙනවා. ඒ සඳහා, වී සහ සහල් එකතු කිරීම සහ ගබඩා කිරීම නියාමනය කිරීමේ බලතල පැවරීම සඳහා වී අලෙවි මණ්ඩල පනත සංශෝධනය කිරීමට අප යෝජනා කරනවා.
- නිෂ්පාදනය සඳහා ඉඩම් යොදාගැනීම
ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව (LRC), ප්‍රාදේශීය වැවිලි සමාගම් (RPCs), ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය (NLDB) විසින් පාලනය කරන ඇතැම් වතු, ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාව (SLSPC), ජනතා වතු සංවර්ධන මණ්ඩලය (JEDB) විසින් කළමනාකරණය කරනු ලබන, ඌන උපයෝජිත ඉඩම් හඳුනාගෙන එම ඉඩම් වල යෝග්‍යභාවය පිළිබඳ සැලකිල්ලට ගෙන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායයන් ඇතුළත් පුද්ගලික ආයෝජන සඳහා යොමු කිරීමට කටයුතු කරනවා. මේ සම්බන්ධයෙන් මූලික කටයුතු සිදුකිරීමට අප රුපියල් මිලියන 250 ක් වෙන් කරනවා.
- තරුණ ව්‍යවසායකයින් සහ නිෂ්පාදක සමූපකාර
වර්තමානයේ සාර්ථක නිෂ්පාදක සමුපකාර ක්‍රමවේද පිළිබඳ ගෝලීය උදාහරණ බොහොමයක් තිබෙනවා. ෆොන්ටෙරා, නවසීලන්ත කිරි නිෂ්පාදන සමුපකාරයක්. අමුල් යනු ඉන්දියානු කිරි ගොවි සමුපකාරය වන අතර, ස්පාඤ්ඤයේ මොන්ඩ්‍රගොන් සේවක සමුපකාරය මේවාට හොඳ ගෝලීය උදාහරණ වනවා.
සමූපකාර යාන්ත්‍රණය දියුණු කරන විකල්ප නිෂ්පාදන ප්‍රවේශයක් අනුගමනය කිරීමට අප යෝජනා කරනවා. ඉඩම්, කෘෂිකාර්මික ව්‍යාප්ති සේවා සහ වෙනත් ආධාර සැපයීම තුළින් රජය මෙම සමුපකාර යාන්ත්‍රණයන්ට සහාය දීමට අපේක්‍ෂිතයි. මෙම ක්‍රමවේදයේ නීතිමය රාමුව තවදුරටත් ශක්තිමත් කිරීමට සහ අවශ්‍ය යටිතල පහසුකම් සහ මුල්‍ය දිරිගැන්වීම් ලබාදීම සඳහා 2025 වසරේ දී රුපියල් මිලියන 100 ක් වෙන් කරනු ලබනවා.
- කෘෂිකාර්මික ක්‍ෂේත්‍රයේ තරුණ ව්‍යවසායකත්ව සංවර්ධනය
කෘෂිකර්මාන්තය පදනම් කරගත් ව්‍යාපාර ආරම්භ කිරීමට මුල පුරන, සුළු හා මධ්‍ය පරිමාණ තරුණ ව්‍යවසායකයින් සඳහා මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනවා. මේ සඳහා රුපියල් මිලියන 500 ක් වෙන් කිරීමට අප යෝජනා කරනවා.
- කිරි නිෂ්පාදනය
දැනට දේශීය කිරි නිෂ්පාදනය ප්‍රමාණවත් වන්නේ දේශීය ඉල්ලුමෙන් සියයට 45 ක් පමණ සපුරාලීමට පමණයි. කිරි නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා කිරි නිෂ්පාදන අගය දාම වැඩි දියුණු කිරීම සහ දැනට ක්‍රියාත්මක වන අන්තර් සම්බන්ධතා සංවර්ධන ව්‍යාපෘතිය හරහා කිරි ගොවිපල ඵලදායිතාව ඉහළ නැංවීම සඳහා 2025-2026 වසර සඳහා රුපියල් මිලියන 2,500 ක් ආයෝජනය කිරීමට අප යෝජනා කරනවා.
- වාරිමාර්ග අංශයේ සංවර්ධනය
ග්‍රාමීය ජනගහනයෙන් සියයට 75 ක් පමණ කෘෂිකාර්මික අංශය පදනම් කරගත් ආර්ථිකයක් තුළ කටයුතු කරනවා. 2025 වසරේ වාරිමාර්ග අංශයේ සංවර්ධනය සඳහා රාජ්‍ය අංශයේ සමස්ත ආයෝජනය රුපියල් මිලියන 78,000 ක් වෙනවා.
මල්වතු ඔය, ගිංගඟ, නිල්වලා, මාදුරුඔය දකුණු ඉවුර සංවර්ධනය, මුන්දේනි ආරු ව්‍යාපෘතිය ඇතුළු නව ජල සම්පත් සංවර්ධන ව්‍යාපෘති මධ්‍ය කාලීනව පවතින මූල්‍ය අවකාශය තුළ ප්‍රමුඛතාව සලකා ක්‍රමානුකූලව ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරනවා.
ගල්ඔය, රාජාංගනය, මින්නේරිය සහ හුරුළු වැව් යෝජනා ක්‍රම වල පහළ සංවර්ධන කටයුතු ප්‍රතිසංස්කරණය කිරීම සඳහා 2025 දී රුපියල් මිලියන 2,000 ක් ලබාදීමට අප යෝජනා කරනවා.
14. වැවිලි සහ අනෙකුත් අපනයන භෝග
- පොල් නිෂ්පාදනය වැඩි කිරීම
පොල් නිෂ්පාදන සඳහා ගෝලීය ඉල්ලුම අඛණ්ඩව වැඩිවෙමින් පවතින අතර, කර්මාන්තකරුවන් විසින් පුරෝකථනය කර ඇති පරිදි, 2030 වසරේ දී රටේ මුළු ගෙඩි අවශ්‍යතාවය ගෙඩි මිලියන 4,500 ක් වනවා. එහිදී ගෙඩි මිලියන 1,800 ක් ගෘහස්ත පරිභෝජනය සඳහා භාවිතා කිරීමට
අපේක්ෂා කරන අතර ඉතිරි ගෙඩි මිලියන 2,700 කර්මාන්ත කටයුතු සඳහා භාවිතා කිරීමට අපේක්ෂා කරනවා.
පොල් පර්යේෂණ ආයතනයේ නිර්දේශ මත ස්ථාපිත උතුරු පොල් ත්‍රිකෝණයේ නව පොල් ඉඩම් අක්කර 16,000 ක් සිටුවීම සඳහා උතුරු ප්‍රදේශයේ වගාකරුවන්ට ඉහළ අස්වැන්නක් සහිත පොල් පැළ සහ ඉඩම් සංවර්ධනය කිරීම සඳහා රුපියල් මිලියන 500 ක් වෙන් කිරීමට අප යෝජනා කරනවා.
- අනෙකුත් අපනයන භෝග – කුළුබඩු
කුරුඳු වැනි සාම්ප්‍රදායික අපනයනවල අගය එකතු කිරීම පුළුල් කිරීම සඳහා පියවර ගැනීමට නියමිතයි. මෙම නිෂ්පාදන අලෙවිකරණය සහ ප්‍රවර්ධනය ශ්‍රී ලංකාවේ තානාපති කාර්යාල හරහා වැඩි දියුණු කිරීමට අපේක්ෂා කරනවා. සැපයුම් වල ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීම සහ ජාත්‍යන්තර හවුල් ව්‍යාපාර හරහා අගය එකතු කළ අපනයනකරුවන් සමඟ සම්බන්ධ වීමට පහසුකම් සැලසීම සඳහා රජය ගොවීන්ට තාක්ෂණික සහාය ලබා දෙනවා.
ගෝලීය වටිනාකම් දාමයන්ට සම්බන්ධ වීම සඳහා, ලංකා කුරුඳු සහ අනෙකුත් අපනයන භෝග සඳහා ඒකාබද්ධ නිෂ්පාදන සංවර්ධන සහ වෙළඳ ප්‍රවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම සඳහා රුපියල් මිලියන 250 ක් වෙන් කිරීමට අප යෝජනා කරනවා.
15. ධීවර හා ජලජීවී වගාව
මිරිදිය ඉස්සන් බීජ ලබාගැනීමේ හැකියාව සීමිත වීම ශ්‍රී ලංකාවේ මිරිදිය ඉස්සන් වගා කර්මාන්තය සහ සාම්ප්‍රදායික නොවන ජලජීවී වගාව තවදුරටත් සංවර්ධනය කිරීම සඳහා ප්‍රධාන බාධාවක් ලෙස හඳුනාගෙන තිබෙනවා. ටැංකිවල මිරිදිය ඉස්සන් ගබඩා කිරීම ප්‍රවර්ධනය කිරීම සහ අපනයන ආර්ථිකය දෙසට අනාගත නිෂ්පාදනය වැඩි දියුණු කිරීම සඳහා, ගොවි ප්‍රජාව/ධීවර සමිති සහ ප්‍රාදේශීය ප්‍රජාවන් බලගැන්වීම සහ රාජ්‍ය පෞද්ගලික හවුල්කාරිත්ව (PPP) ආකෘතියක් යටතේ මිරිදිය ඉස්සන් අභිජනනාගාර, ගොවි සමුපකාර සහ අලෙවිකරණ ජාල ස්ථාපිත කිරීම සහ එවැනි අලෙවිකරණ ජාල සමඟ සම්බන්ධ වීමට ගොවි සමිතිවලට පහසුකම් සලසනවා. මේ සඳහා, රුපියල් මිලියන 200 ක් වෙන් කිරීමට අප යෝජනා කරනවා.
16. සමාජ ආරක්ෂණය
වයස්ගත ජනගහනය වැඩිවීම, කාන්තා ශ්‍රම බලකා සහභාගීත්වය අඩු වීම සහ ශ්‍රම වෙළඳපොළ හැකිලීම ආදී හේතු නිසා රට තුළ අභියෝගාත්මක තත්වයක් නිර්මාණය වී තිබෙනවා. තවද, ළමුන්, අඩු ආදායම්ලාභී කාන්තාවන්, වැඩිහිටියන්, දුප්පතුන් සහ විශේෂ හැකියා සහිත පුද්ගලයින් ඇතුළුව ඇතැම් කොටස් අතර අසමානතාවයන් සහ අවදානම් විශේෂයෙන් පවතින බව නිරීක්ෂණය වෙනවා. එබැවින්, ඵලදායී හා සමාන හවුල්කරුවන් ලෙස සමාජයට ඒකාබද්ධ කර ගනිමින් ඔවුන් ආරක්ෂා කිරීම සහ බලගැන්වීම රජයේ වගකීමක්.
- “අස්වැසුම” ප්‍රතිලාභ ඉහල නැංවීම
අවදානමට ලක්විය හැකි ප්‍රජාවන් මත පැටවී ඇති බර ලිහිල් කිරීම සඳහා, සමාජ ප්‍රතිලාභ ලේඛනයේ සිටින අය සඳහා මුදල් ප්‍රදාන වැඩි කිරීමෙන් ඔවුන් ආරක්ෂා කිරීමට රජය අවශ්‍ය පියවර ගන්නවා. ඒ අනුව, රජය 2025 වසරේ දී සමාජ ආරක්ෂණ වියදම් සඳහා රුපියල් බිලියන 232.5 දක්වා ශුද්ධ වියදම වැඩි කර තිබෙනවා. දුප්පතුන් සහ අන්ත දුප්පතුන් යන සමාජ කණ්ඩායම් දෙකටම ගෙවනු ලබන මාසික ප්‍රතිලාභ දීමනාව පිළිවෙලින් රුපියල් 8,500 සිට රුපියල් 10,000 දක්වා සහ රුපියල් 15,000 සිට රුපියල් 17,500 දක්වා 2025 ජනවාරි සිට ක්‍රියාත්මක වන පරිදි වැඩි කළා. 2025 මාර්තු 31 වන දින ගෙවීම් අවසන් වීමට නියමිතව තිබූ සංක්‍රාන්ති මට්ටමේ සිටි සමාජ කණ්ඩායම් සඳහා ප්‍රතිලාභ ගෙවීමේ කාලය 2025 අප්‍රේල් 30 දක්වා දීර්ඝ කිරීමට අප යෝජනා කරනවා. තවද, අස්වැසුම වැඩසටහනට ඇතුලත් නොවූ, එහෙත් සුදුසුකම් ලත් අයට යෝජනා ක්‍රමයට ඇතුළත් වීමට තවත් අවස්ථාවක් ලබා දෙමින් 2025 මැයි මාසයේ දී නව තෝරාගැනීම් අවසන් කිරීමට අපේක්ෂා කරනවා.
- වකුගඩු රෝගීන් / ආබාධිත / වැඩිහිටි දීමනාව වැඩි කිරීම
වකුගඩු රෝගීන් සහ ආබාධ සහිත පුද්ගලයින් සඳහා වන මාසික දීමනා රුපියල් 7,500 සිට රුපියල් 10,000 දක්වා සහ වැඩිහිටි පුද්ගලයින් සඳහා වන මාසික දීමනා රුපියල් 3,000 සිට රුපියල් 5,000 දක්වා 2025 අප්‍රේල් සිට ක්‍රියාත්මක වන පරිදි වැඩි කිරීමට අප යෝජනා කරනවා.
- තිරසාර වෙනසක් සඳහා “අස්වැසුම” ප්‍රතිලාභීන් සවිබල ගැන්වීම
රජයේ ප්‍රතිපත්තිය අනුව මිලියන 1.2 ක් වූ අස්වැසුම ප්‍රතිලාභීන් සංඛ්‍යාවක් දේශීය සහ විදේශීය අරමුදල් භාවිතා කර සවිබල ගන්වනවා. ආසියානු සංවර්ධන බැංකුවේ සහ ලෝක බැංකුවේ අරමුදල් සපයන ව්‍යාපෘතිවල සහය ඇතිව නියමු ව්‍යාපෘතියක් යටතේ, සවි බල ගැන්විය යුතු පවුල් විසිපන්දහසක් තෝරා ගෙන තිබෙනවා. විභවතාවය සහිත/ සුදුසුකම්ලත් ඉතිරි පවුල් ක්‍රමානුකූලව, දේශීය අරමුදල් යොදා ගනිමින් සවිබල ගැන්වීමට අපේක්ෂා කරනවා. ඒ අනුව, සවි බලගැන්වීමේ වැඩසටහන සඳහා වෙන්කිරීම් රුපියල් මිලියන 500 කින් වැඩි කිරීමට අප යෝජනා කරනවා.
අධ්‍යාපනයට අදාළ ලිපි ද්‍රව්‍ය සහ පොත්පත් මිලදී ගැනීමට සහාය වීම සඳහා අඩු ආදායම් ලත් කණ්ඩායම්වලින් එක් සිසුවෙකු සඳහා රුපියල් 6,000 ක් ලබා දීම දැනටමත් ප්‍රකාශයට පත් කර ක්‍රියාත්මක කර තිබෙනවා. විශේෂයෙන්ම ආර්ථික අර්බුදයේ දිගුකාලීන බලපෑම්වලට ඔරොත්තු දීමට උපකාර කිරීම සඳහා ධීවර ප්‍රජාවගේ ජීවනෝපාය මාර්ගයට ආධාර කිරීම පිණිස 2024 වසරේ ඔක්තෝබර් මාසයේ සිට 2025 වසරේ මාර්තු මාසය දක්වා කාලපරිච්ඡේදය තුළ භූමිතෙල් සහනාධාරය වෙනුවෙන් ලබා දී ඇති මුළු මුදල රුපියල් බිලියන 3 ක්.
- පරිවාස-පුනරුත්ථාපන/සහතිකලත් පාසල්/රිමාන්ඞ් භාරයේ සහ ළමා සුරැකුම් මධ්‍යස්ථානවල සිටින ළමුන්ගේ සුබසාධනය වැඩි දියුණු කිරීම
මේ වන විට සහතික ලත් පාසල්/රැඳවුම් නිවාස/ළමා නිවාස 379 ක් ක්‍රියාත්මක වෙමින් පවතිනවා. මෙයින් ආයතන 47 ක් රජය විසින් ක්‍රියාත්මක කරනවා. මෙම නිවාසයන්හි පහසුකම් ඉතා අඩු මට්ටමක පවතින අතර ඇතැම් ස්ථානවල ආරක්ෂාව පවා ප්‍රමාණවත් නොවන බව පෙනී ගොස් තිබෙනවා. ඇතැම් ගොඩනැගිලි අලුත්වැඩියා කළයුතු වන අතර ඇතැම් දිස්ත්‍රික්කවල පවතින නිවාසවල ප්‍රමාණවත් ඉඩකඩක් පවා නොමැති බවත් පෙනී යනවා.
එබැවින්, ළමයින්ගේ සුරැකුම් මධ්‍යස්ථානවල ධාරිතාවය භෞතික වශයෙන් සහ මානව සම්පත් සංවර්ධනය යන අංශ වලින් වැඩිදියුණු කිරීමට බලාපොරොත්තු වෙනවා. මේ වෙනුවෙන් රුපියල් මිලියන 500 ක් වෙන් කිරීමට අප යෝජනා කරනවා.
- චූදිත ළමුන් අධිකරණවලට සහ එහි සිට ප්‍රවාහනය කිරීමෙදී ආයතනගත ළමුන් සඳහා ළමා-හිතකාමී ප්‍රවාහන ක්‍රමයක් ස්ථාපනය කිරීම
ප්‍රමාණවත් නොවන ප්‍රවාහන පහසුකම් ඇතුළු බොහෝ හේතූන් මත ආයතනගත නිවස්නයන්හි සිටින ළමයින් දැඩි අවදානමක සිටින බව අප විසින් නිරීක්ෂණය කර තිබෙනවා. ඒ අනුව ඒ සඳහා සුදුසු වාහන මිලට ගැනීමට 2025 වසර සඳහා රුපියල් මිලියන 250 ක මුදලක් වෙන් කිරීමට අප යෝජනා කරනවා.
- අනාථ දරුවන් සහ තරුණයින් සඳහා සමාජ ආරක්ෂණය ඉහළ නැංවීම
අපගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව සහ සෑම පුරවැසියෙකුටම ගෞරවාන්විත සහ සුරක්ෂිත ජීවිතයක් ගත කිරීමට අවස්ථාව ලබා දීම සහතික කිරීමට රජය දක්වන කැපවීමට අනුකූලව, අනාථ දරුවන් සඳහා පුළුල් සමාජ ආරක්ෂණ සහ නිවාස ලබාදීමට අප යෝජනා කරනවා. මෙම මූලික ක්‍රියාමාර්ගයන් ඔවුන්ට දිගුකාලීන සහයෝගය, කුසලතා සංවර්ධනය සහ මූල්‍ය සුරක්ෂිතභාවය ලබා දෙන අතර, ආර්ථිකයට ධනාත්මක ලෙස දායක විය හැකි සවිබල ගැන්වූ පුද්ගලයන් ලෙස ඔවුන්ගේ යහපැවැත්ම සහ සමාජයට ඒකාබද්ධ වීම සහතික කරනු ඇත.
2025 වසරේ අයවැය මගින් රජයේ ආයතනවල සහ රැඳවුම් නිවාසවල දරුවන්ගේ සුබසාධනය සඳහා යෝජනා ඉදිරිපත් කර ඇත. මෙම යෝජනා ක්‍රියාත්මක කිරීමේදී අදාළ ආයතන පහත කරුණුවලට ප්‍රමුඛත්වය දිය යුතුය.
- i. රැඳවුම් නිවාසවල සිටින ළමුන්ට සහ අනාථ දරුවෙකුට රුපියල් 5,000 ක මාසික දීමනාවක් ලබා දෙනවා. එයින් රුපියල් 2,000 ක් එම දරුවාගේ ගිණුමට තැන්පත් කළ යුතු අතර, ඉතිරි රුපියල් 3,000 දරුවන්ගේ වියදම් සදහා ඔවුන්ගේ නීත්‍යනුකූල භාරකරුවන්ට ලබා දෙනු ඇත. 2025 වසරේ අයවැයෙන් අප මේ සඳහා රුපියල් මිලියන 1,000 ක් වෙන් කිරීමට යෝජනා කරනවා.
- මෙම දරුවන්ගෙන් බොහෝ දෙනෙකුට නිවාස හා ආරක්ෂාව සමඟ තම ජීවිතය ආරම්භ කිරීමට උපකාර කිරීම සඳහා පවුල් පසුබිමක් හෝ ආධාරක පද්ධතියක් නොමැත. එබැවින්, මෙම අවදානමට ලක්විය හැකි ප්‍රජාවන් නිවාස ලබා ගැනීමට නොහැකි වීම නිසා විවාහය කල් දමමින් සිටින අතර එය සමාජ ආතතියට සහ ආර්ථික විෂමතාවන්ට හේතුවනවා. ඔවුන්ට බැංකු ඉතිරිකිරීම් පදනමක් සපයන අතර, නිවසක් තැනීමේ පිරිවැය පියවා ගැනීමට එය බොහෝ විට ප්‍රමාණවත් නොවේ. මෙම යථාර්ථය සැලකිල්ලට ගනිමින්, ස්ථාවර සහ ආරක්ෂිත නිවසක් ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 1 ක නිවාස ආධාර ප්‍රදානයක් අප යෝජනා කරනවා. මෙය ක්‍රියාත්මක කිරීම සඳහා, රජය 2025 අයවැයෙන් රුපියල් මිලියන 1,000 ක් වෙන් කරනවා.
- රැකවරණ නිවාසවල සහ රජයේ පුනරුත්ථාපන මධ්‍යස්ථානවල සිටින දරුවන්ට පාසල් අධ්‍යාපනය ලබා දීමේදී නිසි අධ්‍යාපන පහසුකම් සහිත ළඟම ඇති ජාතික හෝ පළාත් සභා පාසලට ඇතුළත් වීමට අවස්ථා සහතික කිරීමට අප අපේක්ෂා කරනවා.
- පුනරුත්ථාපන මධ්‍යස්ථානවල පුනරුත්ථාපනය වන තරුණ තරුණියන්ට NVQ මට්ටමේ 3 හෝ 4 ගුණාත්මක වෘත්තීය/කුසලතා පුහුණුවක් ලබා දෙන පුනරුත්ථාපන ක්‍රමවේද අනුගමනය කිරීම, නිදහස් වීමෙන් පසු වෘත්තියක් හෝ ජීවනෝපායක් සහිත යහපත් හා ඵලදායී පුරවැසියන් ලෙස සමාජයට සම්බන්ධ වීමට ඔවුන්ට හැකි වීම, පුනරුත්ථාපනය වූ සහ යහපත් හැසිරීමක් පෙන්නුම් කරන අයට සුදුසු රැකියාවක් ලබා ගැනීමට බාධාවක් නොවන ආකාරයෙන් පොලිස්/ග්‍රාම සේවා සහතික නිකුත් කිරීම සඳහා ක්‍රමවේදයක් සංවර්ධනය කිරීම සම්බන්ධයෙන් අපගේ රජය අවධානය යොමු කරනවා.
- රැඳවුම් නිවාසවල දරුවන් වයස අවුරුදු 18 සම්පූර්ණ වීමෙන් පසු සමාජයට නැවත ඒකාබද්ධ කරන විට සහ එවැනි දරුවන් (විශේෂයෙන් කාන්තාවන් සඳහා) විවාහ වන විට රජයේ නිවාස ආධාර, පුහුණුව සහ රැකියා බඳවා ගැනීම් සඳහා සුදුසුකම් මත ප්‍රමුඛතාවය ලබා දීමට අප කටයුතු කරනවා.
- රැඳවුම් නිවාසවල දරුවන් වයස අවුරුදු 18 සම්පූර්ණ කිරීමෙන් පසු සමාජයට නැවත ඒකාබද්ධ වීමට සුදුසු ස්ථානයක් නොමැති විට, විවිධ පුද්ගලයින් විසින් ඔවුන් අපයෝජනය කිරීම සහ සූරාකෑම වැළැක්වීමේ අරමුණින්, යම් යම් කොන්දේසි යටතේ පුද්ගලයින්ට මෙම ආයතනවල දිගටම පදිංචි වීමට ඉඩ සැලසෙන පරිදි අදාළ නීති සංශෝධනය කිරීමට අප අපේක්ෂා කරනවා.
- ආබාධ සහිත පුද්ගලයින් පිළිබඳ දත්ත පද්ධතියක්
ජනගහනයෙන් සැලකිය යුතු පිරිසක් එක් හෝ වැඩි ආබාධයකින් පෙළෙනවා. ඔවුන්ගේ ව්‍යාප්තිය, දුෂ්කරතා, අධ්‍යාපන මට්ටම, ආර්ථික කටයුතුවල නියැලීමේ හැකියාවන් සහ රැකියා පිළිබඳ විශ්වාසදායක දත්ත පදනමක් නොමැති බව අපට නිරීක්ෂණය වන කරුණක්. එබැවින්, 2025 වර්ෂයේ දී ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සමඟ සහයෝගයෙන් ආබාධ සහිත පුද්ගලයින් සඳහා වූ ලේකම් කාර්යාලය යටතේ ආබාධ සහිත පුද්ගලයන් පිලිබඳ පුළුල් දත්ත සමුදායක් ස්ථාපිත කිරීම සඳහා රුපියල් මිලියන 100 ක් වෙන් කිරීමට අප යෝජනා කරනවා.
- ආපදා සහන
ආපදා නිසා ජීවිත අහිමි වූ සහ ස්ථිර වශයෙන් ආබාධිතභාවයට පත් වූ පුද්ගලයන්ට මේ වනවිට රුපියල් 250,000 ක වන්දියක් ගෙවනු ලැබේ. ස්වභාවික ආපදා සහ වන සත්වයන්ගෙන් සිදුවන හානි නිසා සිදුවන මරණ හා පූර්ණ ආබාධිත තත්වයන් සඳහා ගෙවන වන්දි මුදල රුපියල් 1,000,000 දක්වා ඉහල නැංවීමට ක්‍රියාමාර්ග ගෙන ඇත.
ආපදාවන් නිසා හානියට ලක් වූ ලමා නිවාස, වැඩිහිටි නිවාස සහ ආබාධ සහිත පුද්ගලයන් සඳහා වූ මධ්‍යස්ථාන ආදී වූ දේපොල සඳහා රුපියල් මිලියන 2.5 ක වන්දි මුදලක් ලැබෙන යෝජනා ක්‍රමයක් හඳුන්වා දී තිබේ.
- මානසික සෞඛ්‍යය
නව යොවුන් වියේ පසුවන්නන් අතර සියදිවි නසාගැනීම් පිළිබඳ අවාසනාවන්ත සිදුවීම් රාශියක් අප අත්විඳිමින් සිටිනවා. මෙම ගැටලුවේ බරපතලකම සමාජ ගැටලුවක් ලෙස රජය හඳුනාගෙන තිබෙනවා. එබැවින්, සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් අධ්‍යාපන අමාත්‍යාංශය සමඟ සහයෝගයෙන් සිසුන් සහ නව යොවුන් වියේ පසුවන්නන් සඳහා දැනුවත් කිරීමේ සහ උපදේශන සේවා පුළුල් කිරීම සඳහා මධ්‍ය කාලීන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම සඳහා 2025 වසරේ රුපියල් මිලියන 250 ක් වෙන් කිරීමට අප යෝජනා කරනවා.
- දේශීයව සහායක උපකරණ නිෂ්පාදනය කිරීම
ආබාධ සහිත පුද්ගලයින් සඳහා සහායක උපකරණ ඉතා වැදගත් වන අතර ඒවා ඔවුන්ගේ ශරීරයේ කොටසක් ලෙස සැලකේ. සියලුම පළාත්වල මෙම උපකරණ දේශීයව නිෂ්පාදනය කිරීමේ පහසුකම් පුළුල් කිරීම සඳහා පුළුල් වැඩසටහනක් අවශ්‍ය බව රජය අවබෝධ කරගෙන තිබෙනවා. එබැවින්, 2025 දී මේ සඳහා රුපියල් මිලියන 500 ක් වෙන් කිරීමට අප යෝජනා කරනවා. මුලදී, රාගම රක්තවේදය සහ පුනරුත්ථාපන රෝහලේ සහායක උපකරණ නිෂ්පාදන පහසුකම ජාතික මධ්‍යස්ථානය ලෙස පුළුල් කරනු ලබන අතර අවශ්‍ය පරිදි කලාපීය නිෂ්පාදන මධ්‍යස්ථාන ස්ථාපිත කිරීමට අපේක්ෂා කරනවා.
- අලුත් අවුරුදු කාලය තුළ සහන මිලකට අත්‍යවශ්‍ය ආහාර ලබා දීම
වැඩිවූ ජීවන වියදම අඩු කිරීම සඳහා ආධාරක පියවරක් ලෙස දැරිය හැකි මිලකට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීමට ඉඩ සලසමින් උත්සව සමය සඳහා ආහාර පැකේජයක් ලබා දීමට රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව, ඉදිරි අලුත් අවුරුදු සමයේදී ලංකා සතොස සමාගම හරහා සහල්, ටින් මාළු, පරිප්පු, ළූණු, අර්තාපල් සහ කරවල ඇතුළු වියළි ආහාර සලාකයක් ලබා දීමට යෝජනා කරනවා. මෙම සලාක ලබාදීමේ පිරිවැය වෙනුවෙන් අප රුපියල් මිලියන 1,000 ක් ලබා දීමට යෝජනා කරනවා.
17. විදෙස්ගත ශ්‍රී ලාංකික ප්‍රජාව
ශ්‍රී ලංකාවේ විදෙස්ගත ශ්‍රමිකයින්, විදේශ විනිමය ප්‍රේෂණ සහ විදේශ රැකියාවලින් පසුව ඔවුන් ආපසු මව්බිමට ගෙන එන කුසලතා යන දෙඅංශයෙන්ම රටේ සංවර්ධනය සඳහා වැදගත් කාර්යභාරයක් ඉටු කරනවා. මෙම වැදගත් ශ්‍රී ලාංකික ප්‍රජාව දිරිගැන්වීමේ සහ ත්‍යාග පිරිනැමීමේ ක්‍රම අපි ගවේෂණය කරමින් සිටිනවා. පළමු පියවර වශයෙන්, ශ්‍රී ලංකාවේ විදෙස්ගත ශ්‍රමිකයන් නැවත මෙරටට පැමිණෙන විට ගුවන්තොටුපොලේ දී ඔවුන් සඳහා තීරුබදු නිදහස් සීමාව (duty free allowance) වැඩිකිරීමට අප යෝජනා කරනවා. පවතින විකල්ප පිළිබඳ සවිස්තරාත්මක අධ්‍යයනයකින් පසුව දීමනාව සඳහා වන නිර්ණායක සහ පදනම තීරණය කර ප්‍රසිද්ධ කරනු ලැබේ.
18. ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා විශේෂ පොලී යෝජනා ක්‍රමයක්
ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා විශේෂ පොලී යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට අප යෝජනා කරනවා. මෙම යෝජනා ක්‍රමය යටතේ වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයින් සුදුසුකම් ලබන අතර ඔවුන්ගේ මූල්‍ය ස්ථාවරත්වය සහතික කිරීම සඳහා රුපියල් මිලියන 1 ක් දක්වා වසරක ස්ථාවර තැන්පතු සඳහා වෙළෙඳපොළේ පවතින පොලී අනුපාතවලට වඩා සියයට 3 ක වාර්ෂික අතිරේක පොලී අනුපාතයක් ලබා දීමට යෝජනා කරනවා . මෙම යෝජනාක්‍රමය ක්‍රියාත්මක කිරීම සඳහා ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ගෙවිය යුතු සියයට 3 ක අමතර පොලියට අවශ්‍ය ප්‍රතිපාදන සඳහා රුපියල් මිලියන 15,000 ක් වෙන් කිරීමට අප යෝජනා කරනවා. මෙය 2025 ජූලි මාසයේ සිට ක්‍රියාත්මක වනු ඇත.
19. මතින් තොර සමාජයක් බිහි කිරීම
සමාජයේ විවිධ කොටස් වලට බලපාන, මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවීම, ශ්‍රී ලංකාවේ සැලකියයුතු ගැටළුවක් බවට පත්වී තිබෙනවා. එබැවින්, දඬුවම් කිරීමෙන් එහා ගිය බහුවිධ ක්‍රමවේදයන් ඔස්සේ මත්ද්‍රව්‍යවලින් තොර සමාජයක් ඇති කිරීමේ වැදගත්කම රජය හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව, දැනුවත් කිරීමේ වැඩසටහන්, උපදේශනය ඇතුළු පුනරුත්ථාපන කටයුතු, සමාජ බලගැන්වීම සහ සමාජගත කිරීම සහ නීතිය බලාත්මක කිරීම සඳහා පුළුල් වැඩපිළිවෙළක් සකස් කිරීමට අප යෝජනා කරනවා. ඒ අනුව, මතින් තොර සමාජයක් ඇති කිරීමේ පුළුල් වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම සඳහා රුපියල් මිලියන 500 ක් වෙන් කිරීමට අප යෝජනා කරනවා.
20. වරදකරුවන් වූ සිරකරුවන් සඳහා නිපුණතා සංවර්ධන වැඩසටහන
දැනට දිවයින පුරා පිහිටි බන්ධනාගාර 37 ක සිරකරුවන් 30,000 ක් පමණ සිටිනවා. ඔවුන්ගෙන් තුනෙන් එකක් වැරදිකරුවන් වන අතර අනෙක් අය රිමාන්ඩ් සිරකරුවන්. සිරකරුවන් ද මනුෂ්‍යයන් ය යන මතය උල්ලංඝණය කරන බන්ධනාගාරවල තදබදය අධික වීම, ඔවුන්ගේ ජීවන තත්ත්වය පිරිහීමට හේතු වේ.
සිරකරුවන්ගෙන් සියයට 65 ක් පමණ ඔවුන්ගේ වැඩ කරන වයසේ එනම් අවුරුදු 40 ට අඩු වයස් සිමාවේ උපරිමයට පැමිණ සිටියි. එබැවින්, වෘත්තීය පුහුණු ආයතන සමඟ එක්ව රැකියා කළ හැකි සහ නිසි ඇගයීමක් ලබා ගත හැකි කුසලතා සංවර්ධනයට අදාළ පාඨමාලා පවත්වා අදාළ වෘත්තීය සුදුසුකම් ප්‍රදානය කිරීමට අප යෝජනා කරනවා. මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා දැනට වෙන් කරන ඇති මුදල රුපියල් මිලියන 100 කින් වැඩි කරනවා.
21. පොදු ප්‍රවාහනය නවීකරණය කිරීම
කාර්යක්‍ෂම පොදු ප්‍රවාහන පද්ධතියක් යනු අර්ථවත් ආර්ථික කටයුතු සහ සංචරණය සඳහා මිනිසුන්ගේ ප්‍රවේශය වැඩි දියුණු කිරීමේ තීරණාත්මක අංගයක්. එබැවින් නාගරික සහ තදාසන්න ප්‍රදේශවල වැඩිවන මගී ඉල්ලුමට සරිලන විධියට පවතින පොදු ප්‍රවාහන පද්ධතිය නව තාක්‍ෂණය සමඟ වැඩිදියුණු කිරීම සහ නව ප්‍රවාහන ක්‍රම හඳුන්වාදීම අත්‍යවශ්‍ය වෙනවා. ඒ අනුව, මහාමාර්ග සහ දුම්රිය යන ප්‍රවාහන පද්ධති දෙකම වැඩිදියුණු කිරීම හා නවීකරණය කිරීම කාලෝචිත අවශ්‍යතාවයක්.
- බස් රථ ප්‍රවාහනය නවීකරණය
පොදු ප්‍රවාහනය වැඩිදියුණු කිරීමේ මූලික පියවරක් ලෙස නවීන සහ සුවපහසු, දියුණු තාක්ෂණයන් සහිත බස්රථ සමූහයක් නියමු ව්‍යාපෘතියක් ලෙස හඳුන්වා දීමට අප කටයුතු කරනවා. ඒ අනුව, කොළඹ නගර ප්‍රදේශය තුළ ප්‍රධාන මාර්ග කොරිඩෝ තුනක් ඔස්සේ මගී ප්‍රවේශය සඳහා පහත් පතුලක් සහිත (low floor buses) සැපපහසු බස් රථ 100 ක් යෙදවීමට අපේක්ෂා කරනවා. ඒ සඳහා රුපියල් මිලියන 3,000 ක් වෙන්කිරීමට අප යෝජනා කරනවා. මීට අමතරව, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය විසින් මගී ප්‍රවේශයට පහසු, පහත් පතුලක් සහිත බස් රථ 200 ක් තම අරමුදල් යොදාගනිමින් සේවයේ යොදවනු ඇති. මෙම බස් රථ මෙට්‍රෝ බස් සමාගම් ලෙස හඳුන්වන අලුතින් ස්ථාපිත කිරීමට අපේක්ෂිත බස් සමාගම් යටතේ ක්‍රියාත්මක වෙනවා. යෝජිත බස් සමාගම් සම්පූර්ණයෙන්ම ඩිජිටල්කරණය වූ ක්‍රමවේදයක් මත ක්‍රියාත්මක වනු ඇති.
- දුම්රිය ප්‍රවාහනය නවීකරණය
දුර බැහැර මෙන්ම නාගරික සහ උප නාගරික ප්‍රදේශවල දී ද දුම්රිය පොදු ප්‍රවාහනය ඉතා වැදගත් වෙනවා. කෙසේ වුවද, මෙම දුම්රියවල දුර්වල තත්ත්වය මගීන්ගේ ආරක්ෂාවට, සුවපහසුවට සහ දුම්රියේ වේගයට සෘණාත්මකව බලපානවා.
තවද, රට තුළ නව දුම්රිය මැදිරි අලුත්වැඩියා කිරීම සහ ඉදිකිරීම කෙරෙහි අවධානය යොමු කරන අතරම එය කර්මාන්තයක් ලෙස ස්ථාපිත කිරීම වැදගත් වේ.
ඒ අනුව, එහි පළමු පියවර ලෙස දුම්රිය සේවාවල කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට සහ වැඩිවන මගී ඉල්ලුමට සරිලන පරිදි සේවාවන් සැපයීමට, පැරණි මගී දුම්රිය මැදිරි ප්‍රතිසංස්කරණය කිරීමට බලාපොරොත්තු වන අතර ඒ සඳහා රුපියල් මිලියන 500 ක් වෙන් කිරීමට අප යෝජනා කරනවා.
රට තුළ ඇති නව මගී දුම්රිය අවශ්‍යතා සපුරාලීමේ අරමුණින් නව දුම්රිය මැදිරි ඉදිකිරීම ආරම්භ කිරීමට 2025 වසර සඳහා දුම්රිය දෙපාර්තමේන්තුවට රුපියල් මිලියන 250 ක් වෙන්කිරීමට අප යෝජනා කරනවා.
කාර්යක්ෂම දුම්රිය සේවාවක් සැපයීම සහ පොදු ප්‍රවාහන පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා දැනට ක්‍රියාත්මක වන කැලණිවැලි දුම්රිය මාර්ගය අවිස්සාවේල්ලෙන් ඔබ්බට අදියර වශයෙන් දීර්ඝ කිරීමට අප යෝජනා කරනවා. ඊට අදාළ මූලික වැඩකටයුතු ආරම්භ කිරීම සඳහා 2025 අයවැය තුළින් රුපියල් මිලියන 250ක් වෙන් කරනවා.
ලංගම බස්රථ සහ පෞද්ගලික බස් ක්‍රියාකරුවන් අතර සෑම බස් මාර්ගයකම ඒකාබද්ධ කාලසටහනක් ක්‍රියාත්මක කිරීමේ හැකියාව රජය විසින් පාර්ශවකරුවන් සමඟ මනාව සාකච්ඡා කිරීමෙන් පසුව ක්‍රියාත්මක කරනවා. ප්‍රාදේශීය සංවර්ධනය සම්බන්ධයෙන් වැදගත් බලපෑම් ඇති කරන මහනුවර බහුවිධ ප්‍රවාහන පර්යන්ත සංවර්ධන ව්‍යාපෘතිය සඳහා රජය අඛණ්ඩව ආයෝජනය කරනවා.
- කෘෂිකාර්මික නිෂ්පාදන සඳහා දුම්රිය ප්‍රවාහනය
අධික පිරිවැය, ප්‍රවාහනයේදී පසු අස්වනු හානිය, මාර්ග තදබදය සහ පාරිසරික ගැටළු හේතුවෙන් මාර්ග ජාලය හරහා කෘෂිකාර්මික භාණ්ඩ ප්‍රවාහනය ප්‍රධාන අභියෝගයක් ලෙස පවතී. මෙයට පිළියමක් ලෙස, කෘෂිකාර්මික නිෂ්පාදන එම නිෂ්පාදන මධ්‍යස්ථානවල සිට ගමනාන්ත දක්වා ඒ සඳහාම විශේෂිත වූ දුම්රිය පාදක ප්‍රවාහනයක් හඳුන්වා දීමට අප යෝජනා කරනවා. නියමු ව්‍යාපෘතියක් ලෙස ශ්‍රී ලංකාවේ ප්‍රධාන කෘෂිකාර්මික කලාපයක් වන තඹුත්තේගම සිට වෙනත් සුදුසු ගමනාන්ත වෙත කෘෂිකාර්මික නිෂ්පාදන ප්‍රවාහනය කිරීම පිළිබඳ ශක්‍යතා අධ්‍යයනයක් සිදු කිරීමට යෝජනා කරනවා.
අධ්‍යයනයේ නිර්දේශය මත ගබඩා පහසුකම් සහිත පැටවුම් තටාක ඇතුළත් කරමින් තඹුත්තේගම දුම්රිය ස්ථානය වැඩිදියුණු කිරීමට අප සැලසුම් කරනවා. මෙම මූලික කර්තව්‍ය සඳහා සහය දැක්වීමට ශක්‍යතා අධ්‍යයනය සඳහා රුපියල් මිලියන 100 ක් වෙන් කරනවා.
- ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ කලක් තිස්සේ පවතින ණය පියවීම
ශ්‍රී ලංකන් ගුවන් සමාගම ගුවන් මගීන් සහ භාණ්ඩ ප්‍රවාහනය කිරීමේ ප්‍රමුඛතම සේවාවක් ඉටු කරනවා. තවද, පසුගිය රජයන් රාජ්‍ය අයිතිය ඉවත් කර පුද්ගලික ආයෝජන ආකර්ෂණය කර ගැනීමට ගත් උත්සාහයන් ද අසාර්ථක වුණා.
මේ අනුව, රජය එම බැංකු සමඟ ගිවිසුමක් අත්සන් කර 2025 වසරේ දී ණය ආපසු ගෙවීම සඳහා මිලියන 10,000 ක් මෙන්ම පොලී ගෙවීමට රුපියල් මිලියන 10,000 ක් වැය කිරීමට නියමිතය. කලක් තිස්සේ පවතින මෙම ණය සේවා පිරිවැය රජය විසින් පියවා ගත් පසු මෙහෙයුම් ලාභදායිත්වය සහතික කිරීම සඳහා ගුවන් සමාගම සම්පූර්ණ වගකීම දරනු ඇත. මේ සඳහා සමාගම විසින් නව මධ්‍ය කාලීන උපාය මාර්ගික සැලැස්මක් සකස් කරමින් සිටී. ඒ අනුව මේ සඳහා රුපියල් මිලියන 20,000 ක් වෙන් කිරීමට අප යෝජනා කරනවා.
- මාර්ග යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම
ශක්තිමත් මාර්ග ජාලයක් යනු පුරවැසියන්, වෙළෙඳපොළ සහ පොදු ජනතාව සේවය ලබාගන්නා ස්ථාන සමඟ සම්බන්ධ කිරීමට අවශ්‍ය යටිතල පහසුකම්වල තීරණාත්මක අංගයක්.
ඒ අනුව දිවයින පුරා ග්‍රාමීය මාර්ග සංවර්ධනය සඳහා දැනටමත් වෙන් කර ඇති රුපියල් මිලියන 26,680 ට අමතරව, ඌන සංවර්ධිත ග්‍රාමීය ගම්මාන, සංචාරක ගමනාන්ත, කර්මාන්තපුර සහ ආර්ථික වශයෙන් වැදගත් ස්ථාන/ප්‍රදේශ සම්බන්ධ කරන මාර්ග සඳහා ප්‍රමුඛත්වය දෙමින් ග්‍රාමීය මාර්ග වැඩිදියුණු කිරීම සහ ප්‍රතිසංස්කරණය කිරීම සඳහා රුපියල් මිලියන 3,000 ක් වෙන් කිරීමට අප යෝජනා කරනවා.
සියලුම ජනතාවට ආරක්ෂිත සහ විශ්වාසනීය ගමනාගමනයක් සහතික කිරීම අරමුණු කරගනිමින්, ග්‍රාමීය පාලම් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා රුපියල් මිලියන 1,000 ක් වෙන් කිරීමට අප යෝජනා කරනවා.
- උතුරු පළාතේ ග්‍රාමීය මාර්ග සහ පාලම්
උතුරු පළාත ප්‍රධාන සංවර්ධන ක්‍රියාවලියෙන් බොහෝ දුරට හුදකලා වී ඇති බව නිරීක්‍ෂණය වී තිබෙනවා. කෙසේ වෙතත්, එම පළාතෙත් අපගේ ආර්ථිකයට සැලකිය යුතු දායකත්වයක් ලබා දීමට විශාල හැකියාවක් පවතිනවා. ඒ නිසා මූලික යටිතල පහසුකම් ප්‍රතිසංස්කරණය කිරීම කෙරෙහි අවධානය යොමු කරමින් උතුරු පළාතේ ග්‍රාමීය මාර්ග සහ පාලම් ප්‍රතිසංස්කරණය හා වැඩිදියුණු කිරීම සඳහා රුපියල් මිලියන 5,000 ක් වෙන් කිරීමට අප යෝජනා කරනවා.
- මුලතිව් වඩ්ඩුවාකල් පාලම ඉදිකිරීම
වඩ්ඩුවාකල් මුහුදු මාර්ගය මුලතිව්, පුදුකුඩීරිප්පු සහ යාපනය යා කරන ප්‍රධාන මාර්ගය වන මුලතිව් නන්දිකඩාල් කලපුවේ ද්වාරය හරහා පටු පාලමක් තිබෙනවා. මෙම පාලම අබලන් තත්ත්වයක පවතින බැවින් මගී ජනතාව දැඩි අවදානමකට ලක්ව තිබෙනවා. ඒ නිසා මුලතිව් දිස්ත්‍රික්කයේ සංවර්ධන අවශ්‍යතාවලට සමගාමීව වඩ්ඩුවාකල් පාලම ඉදිකිරීමට අප යෝජනා කරනවා. ඒ අනුව, මේ සම්බන්ධ වැඩ ආරම්භ කිරීමට මෙවර අයවැය යටතේ රුපියල් මිලියන 1,000 ක් වෙන් කිරීමට අප යෝජනා කරනවා.
22. ප්‍රාදේශීය සංවර්ධනය
නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනැගීම කෙරෙහි අවධානය යොමු කරමින් විමධ්‍යගත අයවැය වැඩසටහන 2025 වසරේ ක්‍රියාත්මක කරනවා. ඒ සඳහා එක් මන්ත්‍රීවරයෙකුට 2025 වසර සඳහා රුපියල් මිලියන 10 ක් වෙන් කර ඇති අතර, ප්‍රාදේශීය විෂමතා අවම කිරීම සඳහා දැනටමත් වෙන් කර ඇති රුපියල් මිලියන 11,250 ක අයවැය ප්‍රතිපාදන වලින් රුපියල් මිලියන 2,250 ක් මේ සඳහා යොදා ගන්නවා. ඉතිරි අත්‍යවශ්‍ය සංවර්ධන කටයුතු සඳහා රුපියල් මිලියන 9,000 ක් වෙන් කරනු ලබනවා.
23. දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන
අප දන්නා පරිදි රජය විසින් වාර්ෂිකව අයවැය මගින් විවිධ වැඩසටහන් සඳහා විශාල ආයෝජනයක් සිදු කළ ද දිස්ත්‍රික්ක රැසක පිළිතුරු නොමැති ප්‍රශ්න තිබෙනවා. මෙම විශේෂිත ගැටළු යටිතල පහසුකම් සංවර්ධනය, දේශීය නිෂ්පාදන වැඩි දියුණු කිරීම, ඵලදායී සේවා සැපයීම, වෙළඳාම සහ අලෙවිකරණය, ආයතනික සංවර්ධනය කිරීම් යනාදිය සම්බන්ධව විය හැකිය. සියල්ල ඇතුළත් සහ තිරසාර සංවර්ධනයක් කරා ළඟා වීමට නම්, දිස්ත්‍රික්කවල අවධානය යොමු නොවූ සහ නැගී එන අවශ්‍යතාවලට විසඳුම් අවශ්‍ය වෙනවා. මෙමගින් පුද්ගලික අංශය ආර්ථික සංවර්ධනය සඳහා ආයෝජන ගෙන ඒම සඳහා උත්ප්‍රේරකයක් වන අතර මෙමගින් දේශීය ප්‍රජාවට ඔවුන්ගේ ජීවනෝපාය යහපත් ලෙස ඉහළ නැංවීමට ද හැකියාව ලැබේ. මෙම සන්දර්භය තුළ, දිස්ත්‍රික් මට්ටමින් මතුවන ගැටලු විසඳීම සඳහා 2025 වසරේ අයවැයෙන් රුපියල් මිලියන 2,000 ක් වෙන් කිරීමට අප යෝජනා කරනවා.
24. නැගෙනහිර පළාත සංවර්ධනය
නැගෙනහිර පළාත ආර්ථික සංවර්ධනය සඳහා විශාල විභවතාවයක් ඇති පළාත්වලින් එකකි. එබැවින්, අධ්‍යාපනය, සෞඛ්‍ය, කෘෂිකර්මය, ධීවර, සංචාරක සහ ප්‍රජා සවිබල ගැන්වීම් යන ක්‍ෂේත්‍ර කෙරෙහි ප්‍රධාන වශයෙන් අවධානය යොමු කරමින් යටිතල පහසුකම් සහ ජීවනෝපාය සංවර්ධනයට සහාය වීම සඳහා ඉන්දියානු බහු-ආංශික ප්‍රදාන ආධාර සමඟ නැගෙනහිර පළාතේ පුළුල් සංවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට අප යෝජනා කරනවා.
25. “මලයගම්” දෙමළ ජනතාවගේ ජීවන තත්ත්වය නගා සිටුවීමේ වැඩසටහන්
“මලයගම්” ජනතාව ශ්‍රී ලාංකීය ජාතියේ කොටසක් වන අතර ඔවුන් දීර්ඝ කාලයක් තිස්සේ සැලකිය යුතු දුෂ්කරතා මැද ජීවත් වෙනවා. කෙසේ වෙතත්, මෙම ප්‍රජාවගේ ජීවනෝපාය තවමත් ගෞරවනීය ජීවිතයක් ගත කිරීම සඳහා අවශ්‍ය ප්‍රමිතීන්ට වඩා පහළින් පවතින්නේ. ඒ අනුව, පහත සඳහන් මුලපිරීම් සඳහා දැනටමත් රුපියල් මිලියන 7,583 ක් අයවැය තුළ වෙන් කර තිබෙනවා.
- වතු නිවාස සංවර්ධනය සහ යටිතල පහසුකම් සංවර්ධනය සඳහා රුපියල් මිලියන 4,267 ක් වෙන් කර තිබෙනවා.
- “මලයගම්” දෙමළ තරුණයින්ගේ වෘත්තීය පුහුණුව, ජීවනෝපාය සංවර්ධනය සහ යටිතල පහසුකම් සංවර්ධනය සඳහා රුපියල් මිලියන 2,450 ක් වෙන් කර තිබෙනවා.
- “මලයගම්” දෙමළ ප්‍රජාවේ පාසල් සඳහා නවීන/සුහුරු පන්ති කාමර සඳහා රුපියල් මිලියන 866 ක් කර තිබෙනවා.
26. කාර්මික සංවර්ධනය
ශ්‍රී ලංකාවේ කර්මාන්ත අංශය, රටෙහි ආර්ථිකයේ ප්‍රධාන වශයෙන් රැකියා අවස්ථා සැපයීම, ආදායම් වැඩි කිරීම, නවෝත්පාදනයන් ප්‍රවර්ධනය කිරීම සහ අපනයන ප්‍රවර්ධනය සඳහා තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරයි. ඒ අනුව, පහත යෝජනා ඉදිරිපත් කරනවා.
ශ්‍රී ලංකාවේ විශාල වශයෙන් ඇති ඛනිජ සම්පත්වල අගය එකතු කිරීම වැඩිදියුණු කිරීමට සහ දේශීය නිෂ්පාදන සඳහා අත්‍යවශ්‍ය කාර්මික යෙදවුම් සැපයීමේ අරමුණින්, අම්ල සහ ක්ෂාර ඇතුළු රසායනික නිෂ්පාදන සඳහා වෙන් වූ කාර්මික කලාපයක් පරන්තන් හි පිහිටුවීමට යෝජනා කරනවා. තවද, කන්කසන්තුරේ, මාන්කුලම්, ඉරණවිල, ත්‍රිකුණාමලය සහ කුරුණෑගල සහ ගාල්ල යන ප්‍රදේශ වල ආරම්භකර අඩාල වී ඇති කාර්මික කලාප, කාර්මික උද්‍යාන (techno park) සංවර්ධනය කරනු ලැබේ. මේ සඳහා, රුපියල් මිලියන 500 ක් වෙන් කිරීමට අප යෝජනා කරනවා.
මෝටර් රථ සහ රබර් නිෂ්පාදනය සඳහාම වෙන් වූ කාර්මික කලාපය
උපාංග නිෂ්පාදන කර්මාන්තයට අවශ්‍ය ඉල්ලුම සපුරාලීම සඳහා දේශීය වශයෙන් අගය එකතු කළ මෝටර් රථ නිෂ්පාදන/එකලස් කිරීමේ කර්මාන්තය සහ රබර් නිෂ්පාදනය සඳහා සැලකිය යුතු මට්ටමේ ආයෝජනයක් අපනයන වෙළඳපොළේ තරඟකාරී වීම සඳහා අවශ්‍ය වනවා.
මෙම අරමුණින්, මෝටර් රථ උපාංග සහ රබර් නිෂ්පාදනය සඳහා කැප වූ කාර්මික ජනපදයක් ස්ථාපිත කිරීමට අප යෝජනා කරනවා. කර්මාන්ත අමාත්‍යාංශය යටතේ දැනටමත් වෙන් කර ඇති රුපියල් මිලියන 1,500 ක අයවැය ප්‍රතිපාදන තුළ මෙම අවශ්‍යතාවය කළමනාකරණය කිරීමට අප යෝජනා කරනවා.
27. ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන
ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන ශ්‍රී ලංකාව සහ සමස්ථ ශ්‍රී ලාංකීය සමාජය ඉහළ මට්ටමකට තිරසාරව ඔසවා තැබීම සඳහා සමාජීය සංවර්ධනය, පාරිසරික සංවර්ධනය සහ ආචාර ධර්ම සංවර්ධනය යන ප්‍රධාන කුළුණු තුන ඔස්සේ ක්‍රියාත්මක කරන දැවැන්ත වැඩසටහනකි. මේ සඳහා සමස්ත මහජනතාව, රාජ්‍ය යාන්ත්‍රණය, ව්‍යවසායකයින්, ව්‍යාපාරිකයින් ඇතුළු පෞද්ගලික අංශය, ජාතික සහ ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන, විදේශගත ශ්‍රී ලාංකික ප්‍රජාව, ජාත්‍යන්තර ආධාර දෙන ආයතන, විවිධ වෘත්තිකයින් විශේෂඥයන් ඇතුළු සියළු දෙනාගේ සහයෝගය ලබා ගැනීමට සැලසුම් කර ක්‍රියාත්මක කරමින් පවතී.
මේ යටතේ, ශ්‍රී ලාංකික සමාජයේ විවිධ ජාතීන් අතර, විවිධ ආගම් අතර, විවිධ වූ ජන කොටස් අතර සබැඳියාව, අන්නෝන්‍ය අවබෝධය සහ සහයෝගීතාවය ප්‍රවර්ධනය කරමින් සියළු ජන කොටස්වලට එක්ව සතුටු විය හැකි සංස්කෘතික උළෙලක් පැවැත්වීම, අප රටේ ජනගහනයෙන් සැලකිය යුතු ප්‍රතිශතයක් වන වෙනස් හැකියාවන් පවතින කොටස් සඳහා පහසුකම් නිර්මාණය කිරීම, සංචාරක ව්‍යාපාරය සඳහා ත්‍රීවීල්, ටැක්සි රියදුරන් සහ සංචාරක මග පෙන්වන්නන් වැනි පහසුකම් සපයන්නන්ගේ ආචාරධර්ම ප්‍රවර්ධනය සහ ධාරිතා වර්ධනය, පෞරාණික උරුමයන් සහිත තෝරාගත් නගර කිහිපයක් පෞරාණික අනන්‍යතාවය සහිතව ප්‍රතිනිර්මාණය කිරීම, අඩු පහසුකම් සහිත තොරාගත් පළාත් පාසල් සඳහා ගොඩනැගිලි අළුත්වැඩියාව, පාසල් උපකරණ අළුත්වැඩියාව, සහ සනීපාරක්ෂක පහසුකම් වැඩි දියුණු කිරීම, පූර්ව ළමාවිය සංවර්ධනය සඳහා පෞද්ගලික අංශයේද දායකත්වයෙන් ඉහළ ප්‍රමිතියෙන් යුතු අධ්‍යයන පරිසරයක් ගොඩනැගීම, නාගරික ප්‍රදේශවල සනීපාරක්ෂක පහසුකම් ප්‍රවර්ධනය, ආහාරපානවල පිරිසිදුභාවය තහවුරු කිරීම, මාර්ග ආරක්ෂාව ප්‍රවර්ධනය, මත් ද්‍රව්‍ය නිවාරණය, අයාලේ යන වීදි සතුන් කළමනාකරණය, ඝන අපද්‍රව්‍ය කළමනාකරණය, වෙරළ තීරය ආකර්ෂණීය සහ පාරිසරිකව තිරසාර ලෙස නිර්මාණය කිරීම, ජල පෝෂක ප්‍රදේශ සංරක්ෂණය සහ ගංගාවල ජලයේ ගුණාත්මකභාවය ප්‍රවර්ධනය කිරීම, රාජ්‍ය සේවය කාර්යක්ෂම කිරීම, ඉහළ සම්පත් උපයෝගීතාවයක් ඇති කිරීම සහ සුපිළිපන් රාජ්‍ය සේවයක් ගොඩනැගීම, සහ ක්ලීන් ශ්‍රී ලංකා සංකල්පය ප්‍රවර්ධනය සහ ප්‍රචාරණය සිදු කිරීමට අපේක්ෂිතය.
මේ සඳහා සහායෝගය ලබා දෙන්නන්ගේ මූල්‍යමය දායකත්වයට අමතර වශයෙන් 2025 වර්ෂයේ රාජ්‍ය අයවැය මගින් රුපියල් මිලියන 5000 ක් වෙන් කිරීමට යෝජනා කරනවා.
28. ඝන අපද්‍රව්‍ය කළමනාකරණය
රටේ බොහෝ ප්‍රදේශවල ඝන අපද්‍රව්‍ය කළමනාකරණය ඉහළ යමින් පවතින ගැටලුවක්. සැලකිය යුතු ඓතිහාසික හා සංස්කෘතික වටිනාකමක් ඇති නගරයක් වන අනුරාධපුරයේ පවත්නා ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ගැටලුව එවැනි එක් උදාහරණයකි. වැඩිවන ජනගහනයත් සමඟ අනුරාධපුර ශික්ෂණ රෝහලේ සහ සාමාන්‍ය රෝහල් අපද්‍රව්‍ය කළමනාකරණය කිරීම අභියෝගයක් වී ඇති අතර එය මහජන සෞඛ්‍යයට සහ පරිසරයට ද තර්ජනයක් වී ඇත. මෙයට මුහුණ දීම සඳහා, අපද්‍රව්‍ය බැහැර කිරීමේ පහසුකම් සඳහා රුපියල් මිලියන 750 ක් වෙන් කිරීමට අප යෝජනා කරනවා. මෙම මූලාරම්භයන් අනුරාධපුර නගරයේ පවිත්‍රතාව ඉහළ නැංවීම, පරිසරය ආරක්ෂා කිරීම සහ තිරසාර සංවර්ධනය ප්‍රවර්ධනය කිරීමට ඉවහල් වනු ඇති.
29. අලි-මිනිස් ගැටුම් අවම කිරීම සහ වන සංරක්ෂණය
වන අලින්ගෙන් සිදුවන බෝග හානි, දේපළ විනාශය සහ ජීවිත හානි අවම කිරීම සඳහා පියවර කිහිපයක් ක්‍රියාත්මක කර ඇත. මේ සඳහා කිලෝමීටර් 5,611 ක පමණ විදුලි වැටවල් වැඩිදියුණු කිරීම ඇතුළත් වන අතර, ප්‍රතිසංස්කරණය සඳහා කිලෝමීටර් 1,456 ක් හඳුනාගෙන ඇත. මීට අමතරව, වැට දිගේ ආරක්ෂක කණු ඉදිකර අවශ්‍ය උපකරණ මිලදී ගනු ලැබේ. මීට අමතරව ආක්‍රමණශීලී ශාක ඉවත් කිරීම, වඩා හොඳ තණබිම් කළමනාකරණය සහ වැඩිදියුණු කළ ජල මූලාශ්‍ර හරහා අලි වාසස්ථාන වැඩිදියුණු කරනු ලැබේ. මෙම උත්සාහයන් සඳහා රුපියල් මිලියන 300 ක් දැනටමත් අයවැය තුළ වෙන්කර තිබෙනවා.
තවද, වනජීවී කලාප කාර්යාල, ආරක්ෂක කාර්යාල සහ බීට්ටු නිලධාරීන් ඇතුළු කාර්යාල 270 ක ධාරිතාව වැඩි දියුණු කිරීම සඳහා රුපියල් මිලියන 100 ක් වෙන් කර තිබෙනවා. මෙම අරමුදල් විදුලි වැට නඩත්තු කිරීම, වාහන සහ බෝට්ටු නඩත්තු කිරීම, වනජීවී අපරාධ වැළැක්වීම සහ අලි-මිනිස් ගැටුම අවම කිරීම සඳහා වන සමස්ත උත්සාහයන් සඳහා සහාය වනු ඇත. එවැනි ගැටුම්වලට ගොදුරු වූවන් සඳහා වන්දි වශයෙන් අතිරේක රුපියල් මිලියන 240 ක් වෙන් කර ඇති අතර, අලි-මිනිස් ගැටුම අවම කිරීම සඳහා වන මුළු අයවැය රුපියල් මිලියන 640 දක්වා වැඩි කර තිබෙනවා. එපමණක් නොව, ස්වභාවික පුනර්ජනනය ප්‍රවර්ධනය කිරීම සහ වන විනාශය ආමන්ත්‍රණය කිරීම සඳහා රුපියල් මිලියන 1,050 ක් වෙන් කර තිබෙනවා. මෙම අරමුදල් නැවත වන වගා ප්‍රයත්න, වන සංරක්ෂණ මුලපිරීම්, වාණිජ වන වගා ව්‍යාප්තිය, පාරිසරික ආරක්ෂාව සහ කඩොලාන කළමනාකරණයට සහාය වනු ඇත. එය පරිසර හිතකාමී සංචාරක ව්‍යාපාරයට පහසුකම් සැලසීම, වන ආවරණය වැඩි කිරීම, ලැව් ගිනි අවම කිරීම සහ වනාන්තර ආශ්‍රිත අපරාධ වැළැක්වීම සඳහා ද කටයුතු කිරීමට අපේක්ෂා කරනවා.
30. තිරසාර මූල්‍යකරණය
පාරිසරික, සමාජ සහ පාලන යන ක්ෂේත්‍ර මත පදනම් වූ මූල්‍යකරණයේ සමෘද්ධිමත් පරිසර පද්ධතියක් පෝෂණය කිරීම සඳහා රජය තිරසාර මූල්‍යකරණයේ අවස්ථා ප්‍රයෝජනයට ගනු ඇත. දේශගුණික විපර්යාස සඳහා වන මූලික ක්‍රියාමාර්ගයන් සහ ඒ ආශ්‍රිත ප්‍රයත්නවලට සම්බන්ධ ගෝලීය වශයෙන් පවතින තිරසාර මූල්‍ය සංචිත වෙත ප්‍රවේශ වීමට පරිසර අමාත්‍යාංශය, මුදල් අමාත්‍යාංශය සහ මහ බැංකුව සමඟ එකිනෙක සම්බන්ධීකරණයෙන් යුතුව කටයුතු කරනු ඇත.
31. මූල්‍ය වෙලඳපොල සංවර්ධනය
ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයෙන් ක්‍රමයෙන් මිදීමත් සමඟ, මූල්‍ය අංශයේ ක්‍රියාකාරිත්වයද පැවති පීඩාකාරී තත්වයෙන් මිදී සාමාන්‍ය තත්වයට පත් වෙමින් සිටී. මූර්ත ආර්ථිකයේ වර්ධනය සඳහා උපකාරී විය හැකි ලෙස ස්ථානගත වන ආකාරයට මූල්‍ය වෙළෙඳපොළ සංවර්ධනය කිරීම සඳහා දැන් කාලය එලැඹ ඇත. ප්‍රාග්ධන වෙළෙඳපොළ උචිත පරිදි නව අංගයන් හා උපකරණ සහිතව තාක්ෂණය මුසුකර ගනිමින් සංවර්ධනය කිරීම සහ පුලුල් කිරීම අවශ්‍ය වී තිබේ. රජය පෞද්ගලික අංශයේ සහ රාජ්‍ය ආයතන සඳහා අවශ්‍ය හිමිකාරීත්ව ප්‍රාග්ධනය සහ ණය ප්‍රාග්ධනය සම්පාදනය කරගැනීමට ආයතන උනන්දු කරවීම සඳහා රජය ක්‍රියාකාරීව අවශ්‍ය කටයුතු සූදානම් කරනු ඇත.
බැංකු පොලී අනුපාතික පහත වැටෙන විට, සුලු පරිමාණ ආයෝජකයන්ට සාධාරණ ප්‍රතිලාභයක් ලැබෙන සුදුසු නිසි ලෙස නියාමනයට ලක් වූ මූල්‍ය උපකරණ තුළ ආයෝජනය කිරීමේ ප්‍රවේශය තිබීම වැදගත් වේ. භාර අරමුදල්, ආයෝජන අරමුදල් සහ අනෙක් සමූහ ආයෝජන ක්‍රමවේද මේ වෙනුවෙන් භාවිතා කිරීම පහසු කරවීම තුලින් මූල්‍ය වෙළෙඳපොළේ ඇති හිඩැස් පිරවිය හැක. මේ සඳහා නවෝත්පාදන ක්‍රමවේද සහ සංකීර්ණ ගනුදෙනු කල හැකි ක්‍රමවේද නිසි සුපරික්ෂාවෙන් යුක්තව සහ අදාල ආරක්ෂණ ක්‍රමවේදවලට අනුකූලව, ඵලදායී නියාමන පරිසරයක් තුල සිදුකිරීමට අවශ්‍ය ප්‍රතිපාදන සපයනු ලැබේ.
32. පාලන ප්‍රතිසංස්කරණ
ආර්ථික ප්‍රගතියට ප්‍රධාන බාධාවක් වන්නේ දූෂණයයි. එබැවින්, සාමූහික උත්සාහයක් ලෙස රටේ තිරසාර ආර්ථික සංවර්ධනයට බාධා කරන ලෙස ව්‍යාප්තවන දූෂණයට විසඳුම් සෙවීමේ හදිසි අවශ්‍යතාවයක් පවතී. මෙම සන්දර්භය තුළ, රජයේ නිලධාරීන් පමණක් නොව, පෞද්ගලික අංශයේ පුද්ගලයින් සහ සෑම පුරවැසියෙකුම දූෂණය පැවතීමට අදාලව ඔවුන්ගේ දයකත්වයක් ඇත්නම් එය පිළිගත යුතුය. දූෂණය පිටුදැකීම සඳහා අවශ්‍ය නීතිමය රාමුව තවදුරටත් ශක්තිමත් කරනු ලැබේ. ශ්‍රී ලංකාවේ පාලනය, විනිවිදභාවය සහ වගවීම ශක්තිමත් කිරීම සඳහා දූෂණ විරෝධී මුලපිරීම් මෙහෙයවීම සඳහා ජාත්‍යන්තර ආයතනවල සහාය ද ඇතිව ප්‍රසාරණය වන මූල්‍ය සහ අනෙකුත් සහයෝගය සමඟ අපරාධ ආදායම පිළිබඳ පනත් කෙටුම්පත බලාත්මක කිරීම සහ අල්ලස් හා දූෂණ චෝදනා විමර්ශන කොමිසම (CIABOC) තවදුරටත් ශක්තිමත් කිරීම කඩිනම් කරනු ලැබේ. එපමණක් නොව, සහයෝගී කෙටුම්පත් කිරීමේ ක්‍රියාවලියකින් පසු දැනට කෙටුම්පත් අදියරේ පවතින අපරාධ ආදායම පිළිබඳ නීති සමාලෝචනය කර ක්‍රියාත්මක කිරීමට අප අපේක්ෂා කරනවා.
33. ශ්‍රී ලාංකික දිනය
“පොහොසත් රටක්- ලස්සන ජීවිතයක්” යන රජයේ ප්‍රතිපත්ති රාමුව, ප්‍රජාවන් අතර පරතරයන් පියවීමට කැපවී, සංහිඳියාවෙන් යුත් ශ්‍රී ලංකාවක් සඳහා දැක්මක් ඉදිරිපත් කරයි. එබැවින්, “ශ්‍රී ලාංකික දිනය” ජාතික උත්සවය පැවැත්වීමට මා යෝජනා කරනවා. මෙම උත්සවය පෞද්ගලික අංශයේ ද සහභාගීත්වයෙන් සංවිධානය කෙරේ. මේ සඳහා රුපියල් මිලියන 300 ක් වෙන් කිරීමට අප යෝජනා කරනවා.
34. අභ්‍යන්තරව අවතැන් වූවන් සඳහා නිවාස
සංහිඳියා මුලපිරීම් සහ ඉඩම් නිදහස් කිරීමත් සමඟ, අභ්‍යන්තරව අවතැන් වූ ජනතාව (අභ්‍යන්තරව අවතැන් වූවන්) නැවත පදිංචි කරවනු ලබන අතර, ගැටුමෙන් පසු නැවත පදිංචි කිරීම සඳහා සරණාගතයින් උතුරු සහ නැගෙනහිර පළාත්වලට නැවත පැමිණෙමින් සිටිනවා. කෙසේ වෙතත්, නැවත පදිංචි කරන ලද පවුල්වල මූලික යටිතල පහසුකම් සහ උපයෝගිතා තවමත් ඉටු කර නැහැ.
ඒ අනුව, උතුරු සහ නැගෙනහිර ජනතාව මුහුණ දෙන ප්‍රධාන ගැටළු විසඳීම සඳහා බහුවිධ උපාය මාර්ගයක් ආරම්භ කිරීමට අප යෝජනා කරනවා. 2025 අයවැයෙන්, මෙම ජනතාව නැවත පදිංචි කිරීමේ අවශ්‍යතා සපුරාලීමට සහ නිවාස වැඩසටහන වේගවත් කිරීමට සහ වර්තමාන අවශ්‍යතාවය මත පදනම්ව නිවාස නොමැති පවුල්වලට අත්‍යවශ්‍ය සහන ලබා දීමට රුපියල් මිලියන 1,500 ක් වෙන් කර තිබෙනවා.
35. රජය විසින් ඉදිකරන ලද මහල් නිවාස සඳහා අත්‍යවශ්‍ය නඩත්තු
නඩත්තු නොමැතිකම සහ අවභාවිතය හේතුවෙන් මහල් නිවාසවල භෞතික තත්ත්වය දුර්වල වී තිබෙනවා. මෙම සියලු ගොඩනැඟිලිවල බාහිර මුහුණතේ ඉරිතැලීම්, විඛාදන සහ ජලය කාන්දු වැනි බොහෝ භෞතික දෝෂ තිබෙනවා. මධ්‍යම රජය විසින් ඉදිකරන ලද මහල් නිවාස සංකීර්ණවල අත්‍යවශ්‍ය නඩත්තුව සඳහා රුපියල් මිලියන 1,000 ක් වෙන් කිරීමට අප යෝජනා කරනවා.
36. කලාකරුවන් / මාධ්‍යවේදීන් සඳහා නිවාස
මහජන චීන සමූහාණ්ඩුවේ ආධාර ඇතිව නිවාස ඒකක 1,996 ක් ඉදිකරමින් පවතී. මේ තුළ අප සමාජයේ සංස්කෘතික සුපෝෂණයට විශේෂ දායකත්වයක් සපයන කලාකරුවන් සහ මාධ්‍යවේදීන් සඳහා නිවාස ඒකක 108 කින් සමන්විත මහල් නිවාස සංකීර්ණයක් කොට්ටාව, පලතුරුවත්ත ප්‍රදේශයෙන් වෙන් කෙරේ.
37. පානීය ජල අංශය
- දැනට ක්‍රියාත්මක වන මහා පරිමාණ ජල යෝජනා ක්‍රම සහ ප්‍රජා ජල ව්‍යාපෘති කඩිනමින් නිම කිරීම.
ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සහ ප්‍රජා ජල සැපයුම් දෙපාර්තමේන්තුව විසින් සපයනු ලබන නල මාර්ග පානීය ජල ආවරණය රටේ ජනගහනයෙන් සියයට 62 ක් පමණ ප්‍රමාණයක් ආවරණය කරයි. ආරක්ෂිත ජල සැපයුම සහතික කිරීමේ ජාතික වැදගත්කම හඳුනා ගනිමින්, ගම්පහ, අත්තනගල්ල සහ මිනුවන්ගොඩ ඒකාබද්ධ ජල සැපයුම් ව්‍යාපෘතිය, අලුත්ගම, මතුගම සහ අගලවත්ත ඒකාබද්ධ ජල සැපයුම් ව්‍යාපෘතිය, පොල්ගහවෙල, අලව්ව සහ පොතුහැර ඒකාබද්ධ ජල සැපයුම් ව්‍යාපෘතිය සහ ආර්ථික අර්බුදය සහ අදාළ ණය දෙන්නන් විසින් ණය පහසුකම් අත්හිටුවීම හේතුවෙන් නිම කිරීම ප්‍රමාද වී ඇති තඹුත්තේගම ජල සැපයුම් ව්‍යාපෘතිය කඩිනමින් නිම කිරීම සඳහා අයවැය ප්‍රතිපාදන ලබාදෙනු ලැබේ. පවත්නා මූල්‍ය අවකාශය තුළ හිදිමින් වසර දෙකක කාලයක් තුළ රුපියල් මිලියන 41,234 ක් වූ අරමුදල් අවශ්‍යතාවය රජය විසින් සපයනු ඇත. ඒ අනුව, ඉහත ප්‍රමුඛතා ව්‍යාපෘති නිම කිරීම සඳහා 2025 වර්ෂය සඳහා වන ජාතික අයවැයට රුපියල් මිලියන 20,000 ක් දැනටමත් ඇතුළත් කර ඇත.
- ප්‍රජා ජලසම්පාදන යෝජනා ක්‍රමය දීර්ඝ කිරීම
විශේෂයෙන්ම නල ජල ආවරණය සීමා සහිත ග්‍රාමීය ප්‍රදේශවල ප්‍රජා මූලික ජල සම්පාදන යෝජනා ක්‍රම ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවය අප අවබෝධ කරගෙන තිබෙනවා. උතුරු ප්‍රදේශය සහ නිදන්ගත වකුගඩු රෝගයේ බලපෑමට ලක් වූ ප්‍රදේශ ඇතුළුව ජලය හිඟකමින් දුෂ්කරතා ඇති ප්‍රදේශවල අවදානම් තුරන් කිරීම මගින් ග්‍රාමීය ජීවිතයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම සඳහා, සම්පුර්ණයෙන්ම පිරිපහදු කළ පානීය ජලය සැපයීම සඳහා ප්‍රජා මූලික ග්‍රාමීය ජල සම්පාදන යෝජනා ක්‍රම එවැනි ප්‍රදේශවල ව්‍යාප්ත කිරීමේ වැදගත්කම අප හඳුනාගෙන තියෙනවා.
ඒ අනුව, 2025 වසර සඳහා ප්‍රජා ජල සම්පාදන දෙපාර්තමේන්තුව යටතේ අයවැය ඇස්තමේන්තුවලින් වෙන් කර ඇති රුපියල් මිලියන 2,000 දැනටමත් ආරම්භ කර ඇති ප්‍රජා ජල සම්පාදන යෝජනා ක්‍රම අවසන් කිරීමටත්, නව ප්‍රජා ජල යෝජනාක්‍රම ආරම්භ කිරීමටත් යෙදවීමට අප යෝජනා කරනවා.
- ගිරිබාව – එප්පාවල ජල යෝජනා ක්‍රමය නැවත ආරම්භ කිරීම
උතුරුමැද පළාතට අයත් ගිරිබාව සහ එප්පාවල ප්‍රදේශ වියළි කලාපයක පැවතීම නිසා ගුණාත්මක පානීය ජලය ලබාගැනීමේ දුෂ්කරතාවන්ට මුහුණදීමට සිදුව ඇති අතර එමඟින් එම ප්‍රදේශයේ ජනතාවට විවිධ අවදානම් තත්ත්වයන්ට මුහුණ දීමට සිදුව තිබේ. කලාඔය හරහා කලාවැවෙන් පෝෂණය වන රාජාංගනය වැවෙන් ගිරිබාව සහ එප්පාවල ප්‍රදේශයට මතුපිට ජල මූලාශ්‍රවලින් පානීය ජලය ලබාදීමේ වැදගත්කම අප හඳුනා ගෙන තියෙනවා. ඒ සඳහා ප්‍රදේශයට නළ ජලය සැපයීම පිණිස ගිරිබාව – එප්පාවල ජල සම්පාදන යෝජනා ක්‍රමයේ මූලික කටයුතු නැවත ආරම්භ කිරීම සඳහා රුපියල් මිලියන 1,000 ක් වෙන් කිරීමට අප යෝජනා කරනවා.
38. රාජ්‍ය සේවයේ අත්‍යවශ්‍ය පුරප්පාඩු පිරවීම
රාජ්‍ය අංශය දේශපාලඥයින්ගේ ආධාරකරුවන්ගෙන් පුරවා ගැනීමේ අතීත පුරුද්ද අප නතර කර තිබෙනවා. රජයේ දැක්මට අනුකූලව රාජ්‍ය අංශයේ බඳවා ගැනීම්, උසස්වීම් සහ ස්ථාන මාරුවීම් දේශපාලන බලපෑම්වලින් තොර සුදුසුකම් සහ කුසලතා මත පදනම්ව සිදු කිරීමට කටයුතු කරනවා.
කොවිඩ්-19 වසංගතය, ආර්ථික පසුබෑම සහ දේශපාලන අස්ථාවරත්වය විසින් එල්ල කරන ලද අභියෝග හේතුවෙන් විශාල රැකියා විරහිත උපාධිධාරී හා තරුණ පිරිසක් බිහි වී සිටී. රාජ්‍ය අංශයේ අත්‍යවශ්‍ය පුරප්පාඩු සඳහා 30,000 ක් බඳවා ගැනීමේ සැලැස්මක් ක්‍රියාත්මක කරනවා. ඒ අනුව, 2025 වසරේ දී මේ සඳහා රුපියල් මිලියන 10,000 ක් වෙන් කිරීමට අප යෝජනා කරනවා.
39. රාජ්‍ය අංශයේ වැටුප් වැඩිවීම
රාජ්‍ය සේවයේ මූලික වැටුප් සංශෝධනයක් සිදු කොට දශකයකට ආසන්න කාලයක් ගතවී ඇති හෙයින්, සියලු සාධක සමස්තයක් ලෙස තක්සේරු කර, වැටුප් ව්‍යුහය සංශෝධනය කිරීමට දැන් කාලය පැමිණ තිබේ. රාජ්‍ය අංශයේ සේවකයන්ට යහපත් ජීවන තත්ත්වයක් ලබාදීම අවශ්‍ය වන අතර, රජයට දක්‍ෂ හා පුහුණු ශ්‍රමිකයන් ආකර්ශනය කර ගැනීමට හැකිවන අතරම අයවැය මත අධික බරක් පැටවීම වළක්වා ගත යුතුය.
ඒ අනුව, අවම මාසික මූලික වැටුප රුපියල් 24,250 සිට රුපියල් 40,000 දක්වා රුපියල් 15,750 කින් වැඩි කිරීමට අප යෝජනා කරනවා. දැනට පවතින තාවකාලික අතුරු දීමනාව සහ විශේෂ දීමනාව මූලික වැටුපට ඒකාබද්ධ කරන අතර රුපියල් 8,250 ක ශුද්ධ වැඩිවීමක් මූලික අවම වැටුපට අදාලව සිදු කිරීමට යෝජනා කරනවා.
රාජ්‍ය අංශයේ සේවකයන්ගේ වැටුප් වැඩිවීමට සමගාමීව අධිකරණ සේවා, රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල, විශ්වවිද්‍යාල කාර්ය මණ්ඩල සහ ත්‍රිවිධ හමුදා නිලධාරීන් සඳහා ද මෙය අදාළ වේ.
රුපියල් 15,750 ක අවම මාසික මූලික වැටුප් වැඩිවීමට අමතරව වාර්ෂික වැටුප් වර්ධකයේ වටිනාකම සියයට 80 කින් ඉහළ නැංවීමට යෝජිතය. ඒ අනුව, රුපියල් 250 ක අවම වාර්ෂික වැටුප් වර්ධකය රුපියල් 450 දක්වා ඉහළ යනු ඇත. රාජ්‍ය අංශයේ සියලුම සේවකයන්ගේ වාර්ෂික වැටුප් වර්ධකය එම ප්‍රතිශතයට ගැලපීමට ද යෝජිතය.
මෙම වැටුප් වැඩිවීමේ සමස්ත ඇස්තමේන්තුගත වියදම රුපියල් බිලියන 325 ක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ. පවතින රාජ්‍ය මූල්‍ය බාධාවන් සැලකිල්ලට ගනිමින් මෙම වැටුප් වැඩිවීම අදියර වශයෙන් ක්‍රියාත්මක කිරීමට යෝජනා කරනවා. මුළු ශුද්ධ වැටුප් වැඩිවීමෙන් රුපියල් 5,000ක් සහ ඉතිරි මුදලින් සියයට 30 ක් 2025 වසරේ අප්‍රේල් මාසයේ සිට ගෙවනු ලබන අතර, ඉතිරි සියයට 70, 2026 වසරේ ජනවාරි සහ 2027 වසරේ ජනවාරි මාසවලදී සමාන කොටස් වශයෙන් ගෙවනවා.
එබැවින්, 2025 වසරේ දී යෝජිත වැටුප් වැඩිවීම සඳහා රුපියල් බිලියන 110 ක් වෙන් කිරීමට යෝජනා කරනවා.
මෙම වැටුප් වැඩිවීමේ කොටසක් ලෙස, යෝජිත 2025 වැටුප් ක්‍රමය යටතේ විශ්‍රාම ප්‍රතිලාභ ලැබෙන බව සහතික කරමින්, 2025 ජනවාරි මස 1 වැනිදා හෝ ඉන් පසුව විශ්‍රාම යන නිලධාරීන්ගේ විශ්‍රාම ප්‍රතිලාභ නව වැටුප් ව්‍යුහය මත ගණනය කිරීමට යෝජනා කරනවා.
රාජ්‍ය සේවකයින්ගේ අවම මූලික වැටුප වැඩි කිරීම සලකා බැලීමේදී රාජ්‍ය සේවකයින්ගේ ආපදා ණය සීමාව දැනට පවතින රුපියල් 250,000 සිට රුපියල් 400,000 දක්වා ඉහළ නංවනවා. වැටුප් වැඩිවීම පිළිබඳ වැඩිදුර විස්තර ඇමුණුම V තාක්ෂණික සටහනෙහි දක්වා තිබෙනවා.
40. පුද්ගලික අංශයේ වැටුප් වැඩි කිරීම
පුද්ගලික අංශයේ සේවකයන්ගේ දැනට පවතින අවම මාසික වැටුප රුපියල් 21,000 සිට 2025 වසරේ අප්‍රේල් මස රුපියල් 27,000 ක් ලෙස සහ 2026 වසරේ සිට රුපියල් 30,000 ලෙස ඉහළ නැංවීමට සේවායෝජකයන්ගේ සංගමය (Employers’ Association) එකඟ වෙලා තිබෙනවා.
41. වතු කම්කරුවන්ගේ වැටුප් නැවත සලකා බැලීම
ප්‍රධාන වශයෙන් තේ, රබර් සහ පොල් යන ක්ෂේත්‍රයේ නියැලෙන වතු කම්කරුවන් මිලියන 1.5 කට ආසන්න සංඛ්‍යාවක් සිටිනවා. ඔවුන්ගේ ජීවන තත්ත්වය උසස් කළ යුතු බව රජයේ අදහසයි. වතුකරයේ සංවර්ධනය කෙරෙහි අවධානය යොමු කර ඇති වැඩසටහන්වලට අමතරව, දැනට යෝජිත රුපියල් 1,700 ක වැටුප ලබාදීම සඳහා රජය මැදිහත් වේ.
42. රාජ්‍ය අංශයේ විශ්‍රාම වැටුප්
විශ්‍රාමිකයන්ගේ විශ්‍රාම වැටුප මේ වනවිටත් රුපියල් 3,000 ක් අප විසින් ජනාධිපතිවරණය ජයගත් විගසම වැඩි කොට තිබෙනවා. 2017.12.31 දක්වා විශ්‍රාම ගිය සියලුම විශ්‍රාමිකයන් එකම වැටුප් පරිමාණයක සිටින බැවින්, 2016 – 2020 දක්වා විශ්‍රාම ගිය රජයේ සේවකයින්ගේ විශ්‍රාම වැටුප් පමණක් සංශෝධනය කිරීම තුළින් වැටුප් විෂමතාවයක් ඇති වන බව අප නිරීක්ෂණය කරනවා.
මෙම ගැටළුව දිගු කලක් තිස්සේ නොවිසඳී පවතින බැවින්, පවතින සීමිත මූල්‍ය අවකාශය තුළ එය අදියර වශයෙන් විසඳා ගත යුතු බව අප විශ්වාස කරනවා. එනිසා, 2020.01.01 දිනට පෙර විශ්‍රාම ගිය සියලුම විශ්‍රාමිකයන්ගේ විශ්‍රාම වැටුප්, රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 03/2016 අනුව 2020 වසරට අදාළ වැටුප් පරිමාණයන්ට අනුරූපව අදියර තුනකින් සංශෝධනය කිරීමට අප යෝජනා කරනවා.
පළමු අදියර ලෙස, 2018.01.01 දිනට පෙර විශ්‍රාම ගිය සියලුම විශ්‍රාමිකයන්ගේ විශ්‍රාම වැටුප්, රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 03/2016 හි 2018 වසරට අදාළ තුන්වන අදියර වැටුප් පරිමාණයන්ට අනුකූලව සංශෝධනය කරනු ලබන අතර එය 2025 ජූලි මාසයේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතයි. මෙම අදියර සඳහා, 2025 අයවැය හරහා රුපියල් මිලියන 10,000 ක් වෙන් කිරීමට අප යෝජනා කරනවා.
තවද, වැටුප් පරිවර්තනයේ සිව්වන සහ පස්වන අදියරවලට අදාළ විශ්‍රාම වැටුප් පරිවර්තනයන් පිළිවෙළින් 2026 ජූලි සහ 2027 ජූලි මාසවල සිට ක්‍රියාත්මක කිරීමට ද අප යෝජනා කරනවා.
43. නීති ප්‍රතිසංස්කරණ
ඉදිරි වසර තුළ රජය විසින්, වේගවත් ආර්ථික සංවර්ධනය, යහපත් ආණ්ඩුකරණය සහ ඵලදායී රාජ්‍ය සේවා සැපයීම ප්‍රවර්ධනය කිරීම අරමුණු කරගත් ශක්තිමත් නීතිමය විධිවිධාන ස්ථාපිත කිරීම සඳහා නීති ප්‍රතිසංස්කරණ ගණනාවක් හඳුන්වා දීමට අපේක්ෂා කරනවා. මෙම නීති අතරට, රාජ්‍ය ව්‍යවසායන්හි පාලනය වැඩිදියුණු කිරීම, රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්වයන් සඳහා නීතිමය රාමුවක් නිර්මාණය කිරීම, ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් වූ පාලනය වැඩි දියුණු කිරීම, රාජ්‍ය වත්කම් කළමනාකරණය, සංඛ්‍යාලේඛන, දත්ත හුවමාරුව, තක්සේරු කිරීම, වත්කම් කළමනාකරණය, ක්ෂුද්‍ර මූල්‍ය සහ ණය සහ මුදල් විශුද්ධිකරණයට එරෙහි වීම සහ ත්‍රස්තවාදී මූල්‍යකරණය යනාදිය ඇතුළත් වේ. මෙම නීති පිළිබඳ වැඩි විස්තර අයවැයෙහි ඇමුණුම VIII මගින් දක්වා ඇත.
44. ආදායම් ක්‍රියාමාර්ග
ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනට පදනම වී ඇත්තේ, ආදායම මූලික කරගත් රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතාවයයි. ආර්ථික අර්බුදයට මග පාදා දෙමින්, රජයේ බදු ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 7.3 ක් වූ ලෝකයේ අඩුම මට්ටමක් 2022 වසරේ දී ශ්‍රී ලංකාවේ වාර්තා වුණා.
2025 වර්ෂය සඳහා, ආදායම් උත්පාදනයෙන් වැඩි ප්‍රමාණයක් 2025 පෙබරවාරි 1 වන දින සිදු වූ මෝටර් රථ ආනයන ලිහිල්කරණය මගින් ලබා දෙනු ඇතැයි අපේක්ෂා කරනවා. වාහන ආනයනය විදේශ අංශයේ ස්ථාවරත්වයට අනවශ්‍ය ඍණාත්මක බලපෑම් ඇති නොවන බව සහතික කිරීම සඳහා මෙම ක්‍රියාවලිය සැලකිලිමත් ලෙස අධීක්ෂණය කිරීම අවශ්‍ය වනවා. 2024 දෙසැම්බර් මාසයේ දී පාර්ලිමේන්තුවේ දී දැනටමත් ප්‍රකාශයට පත් කර ඇති අනෙකුත් ප්‍රධාන ආදායම් පියවර අතරට, පුද්ගලික ආදායම් බද්ද සඳහා බදු රහිත සීමාව වැඩි කිරීම, දෙවන ආදායම් බදු ස්ථරයට තවදුරටත් ගැලපීම් සිදුකිරීම, නැවුම් කිරි සහ යෝගට් සඳහා වැට් බද්ද ඉවත් කිරීම යනාදිය ඇතුළත් වේ. පෙර ආණ්ඩුව විසින් එකඟ වූ අය කරන ලද කුලී ආදායම් බද්ද මෙම වසරේ ක්‍රියාත්මක නොකිරීමට ද රජය තීරණය කර තිබෙනවා. මෙම අහිමිවන ආදායම් නැවත ලබා ගැනීම සඳහා ඩිජිටල් සේවා සඳහා වැට් බද්ද හඳුන්වාදීම, සේවා අපනයනය සඳහා සංස්ථාපිත ආදායම් බද්ද පැනවීම සහ සිගරට්/මත්පැන් සහ ක්‍රීඩා සඳහා සංස්ථාපිත බද්ද වැඩි කිරීම ඇතුළු පියවරයන් රජය දැනටමත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට තිබෙනවා.
මෙහි දක්වා ඇති බදු ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග මඟින් ශ්‍රී ලංකාවට, 2025 දී දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 15.1 ක ආදායම් ඉලක්ක සපුරා ගැනීමට හැකි වන පරිදි, අවශ්‍ය කරන ආදායම ලබා දෙනු ඇතැයි අපේක්ෂා කරනවා. කෙසේ වෙතත්, ඊට සමගාමීව, රජය බදු පරිපාලනය සහ අනුකූලතාව වැඩිදියුණු කිරීම සඳහා ඒකාබද්ධ උත්සාහයන් ගනිමින් සිටී. ඇත්ත වශයෙන්ම, ඉදිරි අයවැය සඳහා ශ්‍රී ලංකාවේ ආදායම් උපායමාර්ගය තුලින් බදු පරිපාලනය ශක්තිමත් කිරීම, අනුකූලතාව වැඩිදියුණු කිරීම, වැඩිදියුණු කළ ඩිජිටල්කරණය සහ දැඩි අධීක්ෂණ යාන්ත්‍රණ හරහා ආයතනික ශක්තිය වැඩිදියුණු කිරීම මගින් රාජ්‍ය මූල්‍ය තිරසාරභාවය වැඩි දියුණු කිරීම අරමුණු කරගනු ලබනවා. ඒ සමඟම, සමාජයේ වඩාත්ම අවදානමට ලක්විය හැකි කණ්ඩායම්වලට සහන ලබා දීම ද අපේක්ෂා කරනවා. බදු පරිපාලනයේ මානව අන්තර්ක්‍රියා අවම කරන අතරම, කාන්දුවීම් අඩු කිරීම සහ විනිවිදභාවය වැඩි දියුණු කිරීම සඳහා බදු පද්ධති ඩිජිටල්කරණය කිරීම කෙරෙහි උත්සාහයන් යොමු කිරීමට අපේක්ෂා කරනවා.
ආර්ථිකය විධිමත් කිරීම සහ ආදායම් එකතු කිරීම වැඩිදියුණු කිරීම සඳහා වන පුළුල් ඩිජිටල්කරණ න්‍යාය පත්‍රයේ කොටසක් ලෙස, ශ්‍රී ලංකාව කාසි සහ නෝට්ටු රහිත ආර්ථිකයක් කරා ගමන් කරමින් සිටී. ඩිජිටල් ගනුදෙනු සඳහා පහසුකම් සැලසීම සහ මුදල් මත යැපීම අඩු කිරීම සඳහා ප්‍රධාන මුලපිරීමක් ලෙස, විශේෂයෙන් වැට් බදු ලියාපදිංචි ව්‍යවසායන් තුළ, ව්‍යාපාර පුරා පොයින්ට්-ඔෆ්-සේල් (PoS) යන්ත්‍ර (POS Machines) භාවිතය ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරනවා. කාසි සහ නෝට්ටු රහිත ආර්ථිකයක්, බදු පැහැර හැරීම් සහ නීති විරෝධී මූල්‍ය ක්‍රියාකාරකම් මැඩ පවත්වනවා පමණක් නොව, ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය සහ වර්ධනයට දායක වන මූල්‍ය කාර්යක්ෂමතාව ද වැඩි දියුණු කරනු ඇත.
රාජ්‍ය ආදායම් උත්පාදනය කරන ආයතන ඩිජිටල්කරණය කිරීම සහ සමස්ත ඩිජිටල් ආර්ථිකය, ආදායම් වැඩි දියුණු කිරීමේ උත්සාහයන් සඳහා සැලකිය යුතු ශක්තියක් ලබා දෙනු ඇතැයි අපේක්ෂා කරනවා. කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් වගකීමක් ඇත්තේ බදු එකතු කිරීමේ බලධාරීන්ට පමණක් නොවේ. විගණන සමාගම් සහ බදු ගණකාධිකාරීවරුන් ඇතුළු තවත් පාර්ශවකරුවන්, රජයට නිසි බදු ආදායම අහිමි නොවන පරිදි සමාජීය වශයෙන් වගකිවයුතු ආකාරයකින් තම රාජකාරි ඉටු කිරීමේ වගකීමක් ඇත. මේ සම්බන්ධයෙන්, නියාමන සහ නීතිමය රාමුවට අනුකූල වීම සහතික කිරීම සඳහා සුදුසු පියවර ගැනීමට අප අපේක්ෂා කරනවා.
මෙම බදු පරිපාලනය සහ බදු අනුකූලතා වැඩිදියුණු කිරීමේ පියවරයන් තුලින් 2025 න් ඔබ්බට ශ්‍රී ලංකාවට ආදායම් ඉලක්ක ඉක්මවා යාමට හැකි වනු ඇතැයි අප විශ්වාස කරනවා. එම අවස්ථාවේදී, ආදායම් ඉලක්ක සපුරා ගැනීමට හානියක් නොවන ආකාරයෙන් සහ රටේ රාජ්‍ය මූල්‍ය හා ආර්ථික ස්ථාවරත්වය සහතික කරන ආකාරයෙන් මහජනතාවට තවදුරටත් සහන සැලසීමට හැකි වනු ඇත.
45. ණය ගැනීමේ සීමාව
2025 මූල්‍ය වර්ෂය සඳහා විසර්ජන පනත් කෙටුම්පත සඳහා ණය ගැනීමේ සීමාව ඇමුණුම II හි ඉදිරිපත් කර තිබෙනවා. අදාළ වියදම් සහ ආදායම් පියවර පිළිබඳ තාක්ෂණික සටහන ඇමුණුම III සහ ඇමුණුම IV හි පිළිවෙළින් දක්වා තිබෙනවා. තවද, 2024 අංක 44 දරන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත යටතේ අයවැය දෙවන වර කියවීම සමඟ ඉදිරිපත් කළ යුතු ලේඛන ද සභාගත කර තිබෙනවා.