-1.1 C
New York

මහපොළ දීමනා, පෙර පාසල් දීමනා, මුල් ළමාවිය ආහාර වේලේ මුදල් වැඩි කරයි

Published:

පාසල් යටිතල පහසුකම් සංවර්ධනයට 2025 අයවැය මගින් රුපියල් මිලියන 1,000කට අධික මුදලක් වෙන් කිරීමට යෝජනා කර තිබේ.

විශ්වවිද්‍යාල පද්ධතියේ සංවර්ධනය සඳහා රුපියල් බිලියන 135ක් ද වෙන්කර අවසන් බව ජනාධිපතිවරයා සිය අයවැය කතාවේ දී කීවේය. එමෙන් ම මහපොළ ශිෂ්‍යාධාරය රුපියල් 5,000.00 සිට රුපියල් 7,500.00 දක්වා වැඩිකිරීමටත් ශිෂ්‍යාධාර දීමනා රුපියල් 4,000.00 සිට 6,500.00දක්වා වැඩි කිරීමටත් කටයුතු කරන බව කී ජනාධිපතිවරයා පැවසුවේ ඒ සඳහා රුපියල් මිලියන 4,600ක් වෙන්කර ඇති බවයි.

අයවැයෙන් වැඩිකර ඇති දීමනා ලබන අප්‍රේල් මාසයේ සිට ලබාදීමට කටයුතු කරන බව ද ජනාධිපතිවරයා කීවේය.

පෙරපාසල් දරුවන්ගේ උදෑසන එක් ආාහාර වේලක් සඳහා වෙන්කර තිබූ රුපියල් 60.00ක මුදල රුපියල් 100.00 දක්වා ඉහළ නැංවීමට කටයුතු කර ඇතැයි ද ඒ සඳහා රුපියල් මිලියන 1,000ක් වෙන්කරන බව ද ජනාධිපතිවරයා සිය කතාවේ දී ප්‍රකාශ කළේය. එමේන්ම රුපියල් මිලියන 80ක් වෙන්කර එමගින් තෝරාාගත් මුල් ළමාවිය මධ්‍යස්ථාන සංවර්ධනය කරන බව ද සඳහන් කළේය.

මීට අමතරව පෙර පාලස් සඳහා තවත් රුපියල් මිලියන 100ක මුදලක් වෙන්කර එම මුදල් පෙරපාසල් ගුරුවරු වෙනුවෙන් ලබාදෙන දීමනාව රුපියල් 1,000.00කින් වැඩිකිරීමට කටයුතු කරන බව ද අයවැය යෝජනාවල සඳහන් කර තිබේ.

Related articles

Recent articles

spot_img