spot_img
spot_imgspot_img

රජයේ වැටුප් අදියර තුනකකින් වැඩි කරයි.

පුවත්

විදෙස්

රාජ්‍ය අංශයේ මූලික වැටුප 2027 ජනවාරි වනවිට අදියර තුනක් යටතේ, රුපියල් 15,750.00කින් ඉහළ නැංවීමටට මෙවර අයවැයෙන් යෝජනා කර තිබේ.

ඒ අනුව රාජ්‍ය සේවයේ අවම මූලික වැටුප රුපියල් 15,750.00 සිට රුපියල් 40,000.00ක් දක්වා ඉහළ යනු ඇත.

අයවැය යෝජනා ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා සඳහන් කළේ, දැනට පවතින තාවකාලික අතුරු දීමනාව සහ විශේෂ දීමනාව මුලික වැටුපට ඒකාබද්ධ කරන අතර රුපියල් 8,250ක ශුද්ධ වැඩිවීමක් මුලික අවම වැටුපට අදාළ සිදුකිරීමට ද යෝජනා කරන බවයි.

මීට සමගාමීව අධිකරණ සේවා, රාජ්‍ය සංස්ථා, ව්‍යස්ථාපිත මණ්ඩල, විශ්වවිද්‍යාල කාර්ය මණ්ඩල සහ ත්‍රිවිධ හමුදා නිලධාරීන්ගේ වැටුප් සඳහා ද මෙය ඇතුළත් වේ.

රුපියල් 15,750කින් අවම වැටුප වැඩිකිරීමට අමතරව, වාර්ෂික වැටුප් වර්ධකයේ වටිනාකම 80%කින් වැඩි කරන බව ද ජනාධිපතිවරයා පැවසීය.

ඒ අනුව රුපියල් 250.00ක අවම වාර්ෂික වැටුප් වර්ධකය රුපියල් 450.00 දක්වා ඉහළ යනු ඇති බවත් රුපියල් 500.00ක වැටුප් වර්ධකය රුපියල් 900.00ක් දක්වා වැඩි කරන බවටත් යෝජනා විය. 

මෙම වැටුප් වැඩිකිරීමේ සමස්ත ඇස්තමේන්තුව වියදම රුපියල් බිලියන 325ක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මෙම වැටුප් වැඩිවීම අදියර කිහිපයක් යටතේ සිදුකිරීමට නියමිත බවත් ඒ අනුව මුල් ශුද්ධ වැටුප රුපියල් 5,000.00ක් සහ ඉතිරි  මුදල 30%ක් 2025 අප්‍රේල් මාසයේ සිට ක්‍රියාත්මක කරන අතර, ඉතිරි 70% 2026 සහ 2027 වසරේ ජනවාරි මාසයේ දී සමාන කොටස්වලින් ලබාදීමට නියමිත බවත් ජනාධිපතිවරයා පැවසීය. 

එබැවින් 2025 වසරේ යෝජිත වැටුප් වැඩිකිරීමට රු බිලියන 110ක් වෙන්කිරීමට නියමිතය.

මේ අතර, රාජ්‍ය අංශයේ අත්‍යාවශ්‍ය පුරප්පාඩු පිරවීමට 30,000ක් බඳවා ගැනීමට සැලසුම් කර තිබේ.

ඒ අනුව 2025 වසරේ දී රුපියල් මිලියන 10,000ක් වෙන් කිරීමට නියමිත බව ද අයවැය යෝජනා ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!