-1.1 C
New York

සෞඛ්‍ය්‍යට බිලියන 604ක් වෙන් කරයි

Published:

මෙවර අයවැයෙන් සෞඛ්‍ය අංශයේ ප්‍රතිපාදන සඳහා රුපියල් බිලියන 604ක් වෙන්කර ඇතැයි අයවැය ඉදිරිපත් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක කීවේය.

ස්නායු ආබාධිත දරුවන් සඳහා ප්‍රතිකාර ලෙස ප්‍රථිකාර මධ්‍යස්ථානයක් රිජ්වේ ආර්යා ළමා රෝහලේ ඇති කිරීමට රුපියල් මිලියන 200ක් වෙන් කිරීමට ද මෙම අයවැයෙන් යටයුතු කර ඇත.

ඖෂධ සැපයුම සහතික කිරීම සඳහා 2025 අයවැයෙන් රුපියල් බිලියන 185ක් වෙන් කර ඇති ඇති අතර ජාතික ඖෂධ නියාමන අධිකාරිය සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ඩිජිටල්කරණය කිරීමට කඩිනම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව ද ජනාධිපතිවරයා කීවේය.

Related articles

Recent articles

spot_img