-1.1 C
New York

සැප වාහන වෙන්දේසියේ, මන්ත්‍රීවරුනගේ දීමනා කප්පාදුවක්

Published:

රාජ්‍ය වියදම් කළමනාකරණය සඳහා රජය අඛණ්ඩ උත්සායහයක යෙදී සිටින අතර මහජන නියෝජිතයන්ට ලබාදෙන දීමනා සහ ප්‍රතිලාභ සම්බන්ධයෙන් සමස්ත පද්ධතිය ම සමාලෝචනය කරන බව ද මංගල අයවැය ඉදිරිපත් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක කීවේය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ ලක්ෂ 10ක් ලෙස පැවැති රක්ෂණය රුපියල් ලක්ෂ 2.5ක් දක්වා අඩු කරන බව ද හෙතෙම කීය.

දේශපාලන නායකයින් වියදම් කළමනාකරණයේ දී ආදර්ශයක් ලබාදීමට ඇමති මණ්ඩලය, අමාත්‍යවරු 21කට සීමා කළ බවත්, රජයේ වියදම් අඩු කරමින් අමාත්‍යවරුන්ගේ හා නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ වියදම් තාර්කීකරණය කර ඇතැයි ද කියා සිටියේය.

ජනාධිපති, අගමැති සහ මැති ඇමතිවරු සම්බන්ධයෙන් වෙන් කළ පොදු සම්පත් ඵලදායි ලෙස මහජන සංචිතයට යොමු කිරීමට කමිටුවක් දැනටමත් පත්කර ඇතැයි ද ජනාධිපතිවරයා පැවසීය.

අධික නඩත්තු වියදම් දැරීමට සිදුවන රජයේ සියලු සුඛෝපභෝගි වාහන මාර්තු මාසයේ වෙන්දේසි කරන බව ද ජනාධිපතිවරයා කියා සිටියේය.

තෝරාගත් රජයේ නිලධාරීන්ට සුදුසු මුල්‍ය ප්‍රතිපාදන ලබාදීම හරහා වාහන සඳහා වු අධික වියදම් අවම කරන බව ද ජනාධිපතිවරයා පැවසීය.

Related articles

Recent articles

spot_img