spot_img
spot_imgspot_img

සංක්‍රමණිකයාගේ පිහි ඇණුමෙන් දරුවකු මරුට

පුවත්

විදෙස්

ඔස්ට්‍රියාවේ දකුණු දිග විලාච් නගරයේ සිදු වූ පිහි ඇනුමකින් 14 හැවිරිදි පිරිමි ළමයෙකු මිය ගොස් පස් දෙනෙකු තුවාල ලබා තිබේ.

ඉතාලිය සහ ස්ලෝවේනියාව සමඟ දේශසීමාවට ආසන්න නගරයක් වන විලාච් හි සිද්ධිය වූ ස්ථානයේ රඳවා සිටි 23 හැවිරිදි සැකකරු සිරියානු සරණාගතයෙකු බව පොලිසිය පැවසීය.

පොලිසිය තවමත් සිද්ධියට සම්බන්ද හේතුවක් තහවුරු කරගෙන නොමැත.

මෙම සිදුවීම දේශීය වේලාවෙන් පස්වරු 4:00ට පමණ නගරයේ ප්‍රධාන චතුරශ්‍රය අසල සිදු විය. තුවාල ලැබූ පස් දෙනාගෙන් දෙදෙනෙකු සෙනසුරාදා සවස වන විට බරපතල තත්ත්වයේ පසුවිය.

ප්‍රහාරකයා පහරදෙනු දුටු බෙදාහැරීමේ සේවකයෙකු ඔහු වෙත වාහනය පදවමින් තවත් ප්‍රහාර වළක්වා ගැනීමට උපකාරී වූ බව පොලිසිය පැවසීය.

සිරියානු ජාතිකයෙකු වන රියදුරු පැවසුවේ තමා රිය පදවාගෙන යමින් සිටියදී ප්‍රහාරය දුටු බවත්, හිතාමතාම පිහි කරුවාට පහර දුන් බවත්ය.

සැකකරු ටික වේලාවකට පසු කාන්තා පොලිස් නිලධාරීන් දෙදෙනෙකු විසින් අත්අඩංගුවට ගන්නා ලදී. සෙනසුරාදා සවස වන විටත් ඔහුගෙන් ප්‍රශ්න කරමින් සිටි බව පොලිසිය පැවසීය.

ඔස්ට්‍රියානු නීතියට අනුව ප්‍රහාරකයාගේ අනන්‍යතාවය නිකුත් කර නොමැති නමුත් ඔහු එම ප්‍රදේශයේම ජීවත් වූ 23 හැවිරිදි සිරියානු ජාතිකයෙකු බව පොලිසිය තහවුරු කළේය.

ඔහුට තාවකාලික පදිංචිය සඳහා බලපත්‍රයක් තිබූ අතර ඔහුගේ සරණාගත අයදුම්පත සම්බන්ධයෙන් තීරණයක් ලැබෙන තෙක් බලා සිටියේය.

පොලිසිය මුලින් පැවසුවේ සිව් දෙනෙකු තුවාල ලැබූ බවයි, නමුත් පසුව පස්වන පුද්ගලයෙකු සුළු තුවාල සහිතව ඉදිරිපත් විය.

ඝාතනයට ලක් වූ යෞවනයාගේ අනන්‍යතාවය ද මෙතෙක් අනාවරණය වී නොමැත.

මෙම ප්‍රහාරය එල්ල වී ඇත්තේ, සරණාගත නීති පිළිබඳ ජාතික විවාද සහ පසුගිය වසරේ පැවති මැතිවරණයෙන් පසු ඇති වූ දේශපාලන අර්බුදය මධ්‍යයේ ය. එහිදී අන්ත දක්ෂිණාංශික නිදහස් පක්ෂය පළමු වරට ජයග්‍රහණය කළේය.

කෙසේවෙතත් එහිදී සභාග රජයක් පිහිටුවීමට අපොහොසත් වූ අතර ඔස්ට්‍රියාවේ ජනාධිපති ඇලෙක්සැන්ඩර් වැන් ඩර් බෙලන් හදිසි මැතිවරණයක් කැඳවනවාද, සුළුතර රජයක් පිහිටුවනවාද, නැතහොත් පරිපාලනයක් පිහිටුවීමට වෙනත් පක්ෂවලට හෝ විශේෂඥ කණ්ඩායමකට ආරාධනා කරනවාද යන්න ගැන සිතා බැලීමට සිදු විය.

නිදහස් පක්ෂයේ ප්‍රධානී හර්බට් කික්ල්, විලාච් ප්‍රහාරය අල්ලා ගනිමින්, ඔස්ට්‍රියාවට “සරණාගතභාවය සඳහා දැඩි මර්දනයක්” අවශ්‍ය බව ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේය.

විලාච් පිහිටා ඇති ප්‍රදේශය වන කැරින්ටියා හි ආණ්ඩුකාරවරයා වන මධ්‍යම-වාම සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ පීටර් කයිසර්, මෙම ප්‍රහාරය “සිතාගත නොහැකි සාහසික ක්‍රියාවක්” ලෙස විස්තර කළේය.

පිහි ඇනුම් “වෛරී” ප්‍රතික්‍රියා වලට තුඩු නොදිය යුතු බවත්, සරණාගත ප්‍රතිපත්තිය දැඩි කරන ලෙස රජයෙන් සහ යුරෝපා සංගමයෙන් ඉල්ලා සිටින බවත් ඔහු පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!