spot_img
spot_imgspot_img

පෙම්වතිය හමු වී, විිභාගයට ගිය තරුණයා අතරමඟ දී මරුට

පුවත්

විදෙස්

බණ්ඩාරගම වැව අසළ දී මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන විදුලි කණුවකට ද හානි සිදුකර ප්‍රපාතයකට පෙරැළීමෙන් එම රථය පැද වූ තරුණයකු මියගොස් ඇතැයි බණ්ඩාරගම පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ බණ්ඩාරගම අදුන්වැන්න ප්‍රදේශයේ පදිංචි අකිල සංදීප නමැති 26 හැවිරිදි තරුණයෙකි. වෙළෙඳ නාවිකයකු ලෙස සේවය කරන ඔහු නිවාඩු ලබා නිවසට පැමිණ සිටි බවත් හෙට (17) දිනයේ පුද්ගලික විශ්වවිද්‍යාලයක විභාගයකට මුහුණ දීමට සූධානමින් සිටි ඔහු පෙම්වතියයගේ නිවසට ගොස් ආපසු එමින් සිටිය දී මේ අනතුර සිදුව ඇති බවත් පොලිසිය පවසයි.

බණ්ඩාරගම වෑවිට ප්‍රදේශයේ සිටින පෙම්වතිය හමු වී ආපසු යමින් සිටි ඔහුගේ රථය ගම්මන්පිළ වැව අසළ දී පාරෙන් ඉවතට පැන ප්‍රපාතයට පෙරැළෙනු දුටු මාර්ගයේ ගිය අනෙක් රථවල සිටි පුද්ගලයන් ගම්වාසීන් සමඟ එක්ව ඔහු වාහනයෙන් ඉවතට ගෙන රෝහල්ගත කර තිබේ. රෝහල්ගත කරන අවස්ථාව වනවිටත් ඔහු මියගොස් සිටි බව වෛද්‍යවරු කියති.

රිය පදවන අවස්ථාවේ ඔහුට නින්ද යාම නිසා මේ අනතුර සිදුවන්නට ඇතැයි පොලිසිය සැකකරයි.

අනතුර සිදුවීමත් සමඟ බණ්ඩාරගම ප්‍රදේශයේ ස්ථාන රැසකට පැය කිහිපයක් විදුලිය ද අහිමි වී තිබිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!