-1.1 C
New York

සයිබර් අපරාධ කඳවුරුවල සිිටි ශ්‍රී ලාංකිකයන් පිරිසක් නිදහස්

Published:

සයිබර් අපරාධවලට සම්බන්ධයැයි පවසමින් මියන්මාරයේ කඳවුරුවල රඳවාගෙන සිටි ශ්‍රී ලාංකිකයන් 17 දෙනකු අතරින් 13 දෙනකු නිදහස් කර ඇතැයි වාර්තා වේ.

විදේශ කටයුතු ඇමති විජිත හේරත් කියා සිටියේ පසුගිය දිනක තායිලන්ත විදේශ කටයුතු අමාත්‍යවරයා සහ මිහන්මාර නියෝජ්‍ය අගමැතිවරයා සමඟ පැවැති සාකච්ඡාවල දී මෙම තරුණ තරුණියන් ‍නිදහස් කරගැනීමට සහය දෙන්න යැයි ඉල්ලා සිටි බවයි.

මෙලෙස නිදහස් කර ඇත්තේ තරුණියන් දෙදෙනකු සහ තරුණයන් 11 දෙනෙකි. ඔවුන් සියලු දෙනා වයස අවුරුදු 20-30 අත් අතර පසුවන බව ද දැනගන්නට ඇත.

එම 13 දෙනා තායිලන්ත දේශ සීමාවේ සිට බැංකොක් හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත රැගෙන ගොස් පසුව ශ්‍රී ලංකාවට එවීමට නියමිතය.

මියන්මාරයේ තවදුරටත් රඳවාගෙන සිටින හතර දෙනා සයිබර් අපරාධ සම්බන්ධ කඳවුරු 04ක වෙන් වෙන් වශයෙන් රඳවාගෙන සිටින බව ද වාර්තා වේ.

Related articles

Recent articles

spot_img