-1.1 C
New York

මාලිමාවේ මන්ත්‍රී රිය අනතුරකින් රෝහලට

Published:

පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.ඉලංකුමාරන් ගමන් කරමින් සිටි මෝටර් රථය චාවකච්චේරි ප්‍රදේශයේ දී අනතුරට ලක්ව යාපනය ‍ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බව චාවකච්චේරි  පොලිසිය පවසයි.

ඉලංකුමාරන් යාපනය දිස්ත්‍රික්කයේ ජාතික ජනබලවේගයේ මන්ත්‍රීවරයෙකි. මන්ත්‍රීවරයා කිලිනොච්චිය සිට යාපනය දක්වා ගමන්කරමින් සිටිය දී කුඩා ලොරි රථයක ගැටීමෙන් මේ අනතුර සිදුව ඇත. අනතුරින් මන්ත්‍රීවරයාට අමතරව රථයේ රියිදුරා සහ මන්ත්‍රීවරයාගේ සහායකයකු තුවාල ලබා රෝහල්ගත කර ඇත.

Related articles

Recent articles

spot_img