spot_img
spot_imgspot_img

“අලියා” පළාත් පාලන මැතිවරණයට එයි

පුවත්

විදෙස්

අප්‍රේල් මාසයේ පැවැත්වෙන බව කියන පළාත් පාලන මැතිවරණයේ දී මහ නගර සභා කිහිපයක් සඳහා එක්සත් ජාතික පක්ෂය අලියා ලකුණෙන් තරඟ කිරීමට තීරණය කර තිබේ.

මෙම තීරණය ගෙන ඇත්තේ එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය ඊයේ (14) සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී රැස්වූ අවස්ථවේ දී ය.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම පැවැත්විණි.

මෙහි දී ඉදිරි පළාත් පාලන මැතිවරණය සහ වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් කරුණු සාකච්ඡා වී ඇති අතර පත්වීම් කිහිපයක් ද සිදුකර තිබේ.

මහ නගර සභා 04කට එක්සත් ජාතික පක්ෂය අලියා ලකුණෙන් තරඟ කිරීමට නියමිත අතර එම යෝජනාව එහි දී ඒකමතිකව සම්මත වී ඇතැයි ද පැවසේ.

කොළඹ, මහනුවර, ගාල්ල, සහ නුවරඑළිය මහනගර සභා සඳහා “අලියා” ලකුණෙන් එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක කණ්ඩායම තරඟ කිරීමට නියමිතය.

ශ්‍රී ලංකාවේ අනෙකුත් පළාත් පාලන ආයතන සඳහා තවත් දේශපාලන පක්ෂ සමඟ සන්ධානගතව තරඟ කිරීමට අවධානය යොමුකර ඇති අතර එහි දී කවර ලකුණකින් තරඟ කරන්නේ ද යන්න පිළිබඳ ලබන 20 වැනි දා ට පෙර තීරණය කරන බව ද පැවසේ.

ඉදිරි පළාත් පාලන මැතිවරණයේ දී එක්ව තරඟ කිරීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය අතර සාකච්ඡා වට කිහිපයක් ම මේ වනවිට පවත්වා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!