ඇහැළියගොඩ, පරකඩුව ප්‍රදේශයේ දී ඥාති මුණුපුරකු විසින් තල්ලුකරන ලද සීයා කෙනකු තුවාල ලබා රෝහලට ඇතුළත් කළ පසු මියගොස් ඇතැයි පොලිසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 74ක් වූ පරකඩුව පදිංචිකරුවෙකි.
මියගිය පුද්ගලයා තම දියණිය සහ ඇගේ සැමියා සමඟ නිවසේ පදිංචිව සිට ඇති අතර දියණියගේ සැමියාගේ පළමු විවාහයේ දරුවකු ද එම නිවසේ වාසය කර ඇත. එම දරුවා විසින් නිවසේ අයිතිය ඉල්ලා පියා සමඟ ඇතිකරගත් ආරවුලක් අතරතුර එය බේරීමට සීයා මැදිහත් වූ අවස්ථාවේ දී මුණුපුරා විසින් සීයා තල්ලුකර ඇතැයි පොලිසිය පවසයි. බිම ඇද වැටී තුවාල ලැබූ සීයා රෝහල්ගත කිරීමෙන් පසු මියගොස් ඇත.
සැකකරු ප්‍රදේශයෙන් පළාගොස් ඇති අතර ඇහැළියගොඩ පොලිසිය මේ සම්බන්ධ වැඩිදුර පරීක්ෂණ පවත්වයි.