-2.1 C
New York

ඇල්ල රක්ෂිතයේ ගින්න තවමත්, ගින්න නිවීමට ගුවන් සහාය නෑ

Published:

ඇල්ල රොක් කඳු වැටියේ ඇති වූ ගින්න මේ වනවිට පාලනය කර ඇති බව බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධයස්ථානය පවසයි.

එහි සහකාර අධ්‍යක්ෂ ඒ.එල්.එම්.උදය කුමාර පවසන්නේ 13 වැනි දා සවස 4.00ට පමණ හටගත් මේ ගින්න හේතුවෙන් ඇල්ල රොක් කඳු පන්තියේ පර්වත අධික ලෙස රත් වී ඒවා පුපුරා යාමේ අවදානමක් ද හටගෙන ඇති බවයි. එම ගල් පුපුරා පහළට පෙරැළීමෙන් ද අනතුරු සිදුවිය හැකි බව ද ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. එබැවින් ඇල්ල – වැල්ලවාය මාර්ගයේ ගමන් ගන්නා රථ ධාවනය කිරීමේ දී දැඩි විමසිල්ලෙන් පසුවන ලෙස රියදුරන්ගෙන් ඉල්ලා සිටිියි.

ගින්න හටගත් ප්‍රදේශ‍ය රාවණා ඇල්ල රක්ෂිතයට අයත් අධි සංවේදී කලාපයකි.

දැඩි වියළි කාලගුණික තත්වය සහ අධික සුළං හේතුවෙන් ගින්න සීඝ්‍රයෙන් පැතිරෙන බැවින් ගින්න පාලනය කිරීම අසීරු වූ බව ද අපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

මීට පෙර මෙම රක්ෂිතයේ ගිනි හටගත් අවස්ථාවල දී ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් යානා ද ගිනි නිවීමට යොදාගෙන ඇති නමුත් මෙවර හෙලිකොප්ටර් යානා ඒ සඳහා යොදවා නැත. දින තුනක කාලයක් පුරා ගින්න පාලනය කිරීමට අපහසු වූයේ හෙලිකොප්ටර් යානා නොමැති වීම හේතුවෙන් යැයි ප්‍රදේශවාසීහු චෝදනා කරති.

ජාතික ආපදා කළමනාකරණ මධයස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජනරාල් උදය හේරත් පවසන්නේ ගින්න නිවීම සඳහා හෙලිකොප්ටර් යානා සහය අවශ්‍ය බවට ඉල්ලීමක් ඉදිරිපත් නොවූ බවයි. එමෙන්ම ගින්න පැතිරගිය ප්‍රදේශයේ ඇති අවදානම හේතුවෙන් හෙලිකොප්ටර් යානයක් ඒ සඳහා යෙදවිය නොහැකියැයි ද හෙතෙම වැඩිදුරටත් කීවේය.

Related articles

Recent articles

spot_img