spot_img
spot_imgspot_img

වියලි කාළගුණය තව සති දෙකක්?

පුවත්

විදෙස්

දැනට පවතින වියලි කාළගුණික තත්ත්වය ඉදිරි සති දෙක සඳහා පවතිනු ඇතැයි අපේක්ෂා කරන බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. කෙසේවුවද ඉන් පසුව තරමක වර්ෂාපතනයක් අපේක්ෂා කරන බවත් මේ වසරේ මාර්තු සහ අප්‍රේල් මාසවල උෂ්ණත්වය පෙර වසරට වඩා ඉහළ යාමේ හැකියාවක් පවතින බවත් සඳහන් වේ.

ඉදිරි මාසවලදී තාප තරංග වැඩි වීමේ අවස්ථාවක් ද ඇති විය හැකි අතර දැනට පවතින වියළි තත්ත්වය සෘතුමය තත්ත්වයක් වන අතර එය සති කිහිපයක් පවතිනු ඇත. මෙම කාලය තුළ රටේ සාමාන්‍ය වර්ෂාපතනය අඩු බව ද පැවසේ.

දේශගුණික විපර්යාසවල බලපෑම හේතුවෙන් සෑම වසරකම මාර්තු සිට අප්‍රේල් දක්වා උෂ්ණත්වය සුළු ප්‍රමාණයකින් ඉහළ යන බවත්, මෙම වසරේ ද ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන බවත්, කෙසේ වෙතත්, කාලගුණික රටා පිළිබඳ නිල වාර්තාවක් තවමත් සිදු කර නොමැති බවත් කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!