-2.1 C
New York

ඉඩම් බෙදා දීමට අලුත් ක්‍රමයක් හදන බව ලාල්කාන්ත කියයි

Published:

රජයේ ඉඩම් ප්‍රතිලාභ ලබාදීමේ දී එම ඉඩම් කැබලි කර විකිණීම වැළැක්වීමටත්, පවුලේ අනෙකුත් සාමාජික සාමාජිකාවන්ටත් ප්‍රතිලාභ ලබාගත හැකි ක්‍රමයක් සකස් කරන බවත් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී.ලාල්කාන්ත අද (14) මහනුවර දී කීවේය.

ඔහු මේ බව කියා සිටියේ විසල් මහනුවර සංවර්ධන වැඩසටහන සම්බන්ධයෙන් දැනුම්වත් කිරීමේ සාකච්ඡාවකට එක්වෙමිනි.

පසුගිය රජය විසින් ලබාදුන් ඉඩම් කොටස්වලට කඩා අළෙවි කිරීමට හැකි ආකාරයෙන් ලබාදීමෙන් පවුලේ අනෙකුත් සාමාජිකයන්ට අගතියක් සිදු වූ බැවින් එම ක්‍රමය වෙනස් කරන බවත් පවුලේ සාමාජිකයන්ගේ කැමැත්ත නොවිමසා ඉඩම් කැබලි කිරීම වැළැක්වීමේ ක්‍රමයක් සකස්කරන බවත් හෙතෙම වැඩිදුරටත් කීවේය.

Related articles

Recent articles

spot_img