-2.1 C
New York

යෝෂිතටයි, ඩේසි ආච්චිටයි අධිචෝදනා

Published:

යෝෂිත රාජපක්ෂට සහ ඔහුගේ මිත්තණියක වන ඩේසි ෆොරස්ට් වික්‍රමසිංහ යන දෙදෙනාටට මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ඉදිරිපත් කර තිබේ.

රුපියල් ලක්ෂ 800කට වැඩි මුදලක් වැය කරමින් රත්මලාන සිරිමල්වත්ත උයන සහ දෙහිවල ප්‍රදේශයේ ඉඩම් සහ දේපළ ලබාගත් ආකාරය හෙළිදරව් කිරීමට අපොහොසත් වීම හේතුවෙන් මෙම චෝදනා ඉදිරිපත් කර ඇත.

දේපළ මිල දී ගැනීමේ දී ඒ සඳහා අවශ්‍ය මුදල් උපයාගත් ආකාරය හෙළිදරව් කිරීමට නොහැකිවීමෙන් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකර ඇතැයිි එහි සඳහන් වේ.

මෙම සිදුවීම සම්බන්ධයෙන් මීට පෙර යෝෂිත රාජපක්ෂ අත්අඩංගුවට ගත් අතර කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඔහු ඇප මත මුදාහැර තිබිණි.

Related articles

Recent articles

spot_img