-2.1 C
New York

අදානි සමාගම සුළං බලාගාර ව්‍යාපෘතිය නවතා දමයි

Published:

අදානි ග්‍රීන් එනර්ජි සමාගම විසින් ශ්‍රී ලංකාවේ ස්ථාපිත කිරීමට සැළසුම් කර තිබූ ඇමෙරිකානු ඩොලර් බිලියන 01ක සුළං විදුලි බලාගාර ව්‍යාපෘතිය නවතා දැමීමට එම සමාගම තීරණය කර තිබේ.

මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත්කරන ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය ප්‍රකාශ කර ඇත්තේ මෙය ‍”ගෞරවාන්විත ලෙස ඉවත්වීමක්” බවයි.

කෙසේ වෙතත් වෙනත් ඉන්දියානු ව්‍යාපෘතිවලට මෙයින් බලපෑමක් නොමැති යැයි ද ඉදිරියේ දී අදානි සමාගම වෙනත් ‍ආයෝජන සඳහා විවෘතයැයි ද දන්වා ඇති බව එම නිවේදනයේ සඳහන් කර ඇත.

මෙම ව්‍යාපෘතියට අදාළ අනුමැතීන් බොහොමකක් මේ වනවිට ලබාගෙන තිබූ නමුත් පාරිසරක අධ්‍ය්‍යන වාර්තාව ප්‍රමාදවීම සහ හ්‍රේෂ්ඨාධිකරණයේ විභාගවන නඩුවක් පැවතීම යන කරුණු උපුටා දක්වමින් අදානි සමාගම ව්‍යපෘතියෙන් ඉවත්වන බව දන්වා තිබේ.

Related articles

Recent articles

spot_img