ඕස්ට්‍රේලියාවේ යුනයිටඩ් පෙට්‍රෝලියම් සමාගම ශ්‍රී ලංකාව තුළ මෙහෙයුම් කටයුතු නවතා දමා ඇතැයි වාර්තා වේ. කලින් පැවති රජය විදේශීය සමාගම්වලට මෙරට ඉන්ධන මෙහෙයුම් කටයුතු සඳහා අවසර ලබා දී තිබිණි.
චීනයේ සයිනොපෙක් සමාගම, ඇමෙරිකාවේ ආර්.එම්.පාක්ස් සහ ඕස්ට්‍රේලියාවේ යුනයිටඩ් පෙට්‍රෝලියම් සමාගම් එලෙස අළෙවි කටයුතු මෙරට ආරම්භ කරන ලදී. එම සමාගම් සඳහා ඉන්ධන පිරවුම් හල් 450ක් ලබා දී තිබූ අතර එක් සමාගමක් සඳහා ලබා දී තිබුණේ පිරවුම්හල් 150කි.
සයිනොපෙක් සමාගම සහ ආර්.එම් පාක්ස් සමාගම තවමත් ගැටලුවකින් තොරව සිය ඉන්ධන මෙහෙයුම් කටයුතු සිදුකරයි. එම සමාගම සමඟ පැවැති ගිවිසුමේ ගැටලුකාරී තත්වයක් හේතුවෙන් ඔවුන් මෙහෙයුම් නවතා ඇතැයි ද වාර්තා වේ.
වසර 20කට ආසන්න කාලයක් යුනයිටඩ් පෙට්‍රෝලියම් සමාගමට මෙරට තුළ ඉන්ධන අලෙවි කටයුතු සිදුකළ හැකි වුවද ඔවුන් වසරක් ගතවීමට ප්‍රථම මෙරට මෙහෙයුම් කටයුතු නතර කිරීම ද විශේෂත්වයකි.