spot_img
spot_imgspot_img

පැය 24 ම පාස්පෝර්ට් දෙන්න යයි

පුවත්

විදෙස්

විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ සේවාව පැය 24ම සිදුකිරීම සඳහා වැඩපිළිවෙලක් ආරම්භ කරන බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල පවසයි. එම වැඩපිළිවෙල තවත් දින 10ක දී ආරම්භ කිරීමට නියමිතය.

එම සේවාව ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පුහුණු නිලධාරින් බදවාගැනීම වෙනුවෙන් ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ විශ්‍රාමික නිලධාරින්ගේ නාමලේඛනයක් රාජ්‍යසේවා කොමිෂන් සභාවේ අනුමැතිය සඳහා මේ වනවිට යොමුකර ඇති බවද අමාත්‍යවරයා කීවේය.

මෙම වැඩසටහන සඳහා කොමිෂන් සභාවේ අනුමැතිය ලැබුණු වහාම පැය 24ක් ක්‍රියාත්මක විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කිරීම සිදුවනු ඇත.

දැනට පැනනැගි ඇති අර්බුදයට විසඳුමක් ලෙස විද්වත් කමිටු නිර්දේශ පරිදි දෛනිකව නිකුත් කරන විදේශ ගමන් බලපත්‍ර ප්‍රමාණය වැඩි කිරීම හා යාපනයේ නව ආගමන හා විගමන කාර්යාලයක් ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් මෙම සාකච්ඡාවේදී අවධානය යොමු වූ බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!