spot_img
spot_imgspot_img

ලසන්ත‍ගේ ඝාතකයන් කවුද ? රජය වහා අනාවරණය කළ යුතුයි

පුවත්

විදෙස්

ලසන්ත වික්‍රමතුංගගේ ඝාතකයන් කවුද කියා රජය කඩිනමින් අනාවරණය කළ යුතුයි – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා

ලසන්ත වික්‍රමතුංග ඝාතනය ගැන ගන්නා ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් පසුගිය ජනවාරි 08 වැනිදාත් තමා අගමැතිවරියගෙන් ප්‍රශ්න කළ බවත් එවන් මොහොතක මෑතකදී රජය ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අධිකරණ කටයුතුවලට බලපෑමක් වන නිසා විග්‍රහයක් නොකළත් ලසන්ත වික්‍රමතුංග ඝාතනය ගැන රජය මැදිහත් වී විනිවිදභාවයෙන් යුත් පරීක්ෂණයක් පැවැත්විය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේ දී පැවසීය.

මේ සම්බන්ධයෙන් විනිවිදභාවයෙන් යුත් පරීක්ෂණයක් පවත්වා ඔවුන්ගේ පවුලේ අයටත්, ජනමාධ්‍යවේදීන්ටත් නිසි සාධාරණයක් ඉටු කර ඔහුගේ ඝාතකයන් නීතියේ රැහැනට ගෙන ඒමට කටයුතු කළ යුතු බවත් ඔහුගේ ඝාතකයන් සොයා බලන්න රජය කටයුතු කළ යුතු බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!