spot_img
spot_imgspot_img

විදේශ සේවයට, දේශපාලන හෙන්චයියන් එපා

පුවත්

විදෙස්

රාජ්‍ය තාන්ත්‍රික ධූත මණ්ඩල සඳහා දේශපාලන පත්වීම් සිදු නොකරන ලෙසත් වෘත්තීයභාවය, කුසලතා සහ රාජ්‍යතාන්ත්‍රික විශේෂඥතාව පිළිබඳ ස්ථාපිත සම්මත නොසළකා හැර පත්කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විදේශ සේවා සංගමය (SLFSA) සිය විරෝධතාව පළකරයි.

එම සංගමය මේ කරුණු සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදනයක් ද නිකුත් කර ඇත.

“ශ්‍රී ලංකා විදේශ සේවය යනු රටේ විදේශ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට සහ එහි අන්තර්ජාතික අවශ්‍යතා ආරක්ෂා කිරීමට විශේෂයෙන් පුහුණු කරන ලද විශේෂිත සේවක පිරිසකි. දේශපාලන පත්වීම්ලාභීන් පත්කර වෘත්තීය රාජ්‍යතාන්ත්‍රිකයන් මඟහැරීම ආයතනික අඛණ්ඩතාව දුර්වල කරන අතර ශ්‍රී ලංකාවේ රාජ්‍යතාන්ත්‍රික තත්ත්වය අවදානමට ලක්කරයි. ශ්‍රී ලංකාවේ දූත මණ්ඩල ප්‍රධානීන් සඳහා පිරිසිදු වාර්තාවක් සහිත වෘත්තීය රාජ්‍යතාන්ත්‍රිකයින් පත්කිරීම සහ ඉහළම ප්‍රමිතීන්ගෙන් යුත් සදාචාරාත්මක හැසිරීම හා රාජ්‍යතාන්ත්‍රික අභිමතය පරිදි, කුසලතා පදනම මත විදේශ සේවය සඳහා සුදුසුකම් ලත් නිලධාරීන් පත්කිරීම” යන පොරොන්දුව මත ශ්‍රී ලංකා ආණ්ඩුවේ 2024 මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයට සෘජුව පටහැනි බැවින් මෙම තීරණය විශේෂයෙන් භයානක බව ශ්‍රී ලංකා විදේශ සේවා සංගමය තවදුරටත් සඳහන් කරයි.

එම සංගමය අවධාරණය කරන්නේ විදේශ සේවය සඳහා දේශපාලනික පත්වීම් නතර කළ යුතු බවයි. ඒ සඳහා වහාම නිවැරදි පුද්ගලයන් පත්කළ යුතු යැයි ද සංගමය පවසයි.

මෙම තත්වයන් නොතකා, දේශපාලනික වශයෙන් අභිප්‍රේරිත පත්වීම් දිගටම කරගෙන යෑම ශ්‍රී ලංකාවේ රාජ්‍යතාන්ත්‍රික සේවයේ අඛණ්ඩතාව අඩපණ කරන අතර, දැඩි පුහුණුවක් ලබා ඇති සහ පුළුල් අන්තර්ජාතික අත්දැකීම් ඇති වෘත්තීය රාජ්‍ය තාන්ත්‍රිකයින් පහත් කරන බව එම මාධ්‍ය නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

සියලුම ආණ්ඩු විසින් දේශපාලන අනුග්‍රහයන් ලෙස තානාපති සහ රාජ්‍යතාන්ත්‍රික තනතුරු ප්‍රදානය කිරීමේ දිගුකාලීන හා කණගාටුදායක පූර්වාදර්ශයක් තිබේ. දේශපාලන සම්බන්ධතාවලට වඩා ශ්‍රී ලංකාවේ යහපතට සේවය කරන ශක්තිමත්, වඩා ස්වාධීන විදේශ සේවාවක් සඳහා ඉඩ සලසමින් මෙම පුරුද්ද අවසන් වනු ඇතැයි සංගමය බලාපොරොත්තු වේ.

මෙම ගැටළුව සාකච්ඡා කිරීම සඳහා ජනාධිපතිවරයා සහ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යවරයා සමඟ සාකච්ඡාවක් සංගමය නැවත නැවතත් ඉල්ලා ඇති නමුත්, එම අවස්ථාව තවමත් ලබා දී නොමැති බවත් සංගමය වැඩිදුරටත් පෙන්වාදෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!