-5.9 C
New York

අරගලයේ දී ගිනි තැබූ නිවාසවලට කෝටි ගණන් වන්දි අරගෙන. ලැයිස්තුව මෙන්න

Published:

අරගල කාලයේ දී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ගිනිතැබූ නිවාස සඳහා ලබාදුන් වන්දි මුදල් ප්‍රමාණ දැක්වෙන ලේඛනයක් ජනමාධ්‍ය හා සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස විසින් අද (06) පාර්ල‍ිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.

ඒ අනුව මන්ත්‍රීවරු 43 දෙනකුගේ නිවාස සඳහා වන්දි වශයෙන් රුපියල් කේටි 122.41ක් ලබා දී ඇත.

ඒ අතරින් වැඩිම වන්දි මුදලක් හිමිව ඇත්තේ හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට ය. ඔහුට ලැබී ඇති වන්දි මුදල රුපියල් ලක්ෂ 959ක් හෙවත් කෝටි 9.59කි. ජොන්ස්ටන් ප්‍රනාන්දු හිටපු අමාත්‍යවරයාට ලැැබී ඇති වන්දි මුදල රුරපියල් ලක්ෂ 934වක් හෙවත් රුපියල් කෝටි 9.34කි. ගාමිණී ලොකුගේට රුපියල් ලක්ෂ 749ක් ද අලි සබ්රි රහීම්ට රුපියල් ලක්ෂ 709ක් ද ලැබී ඇත.

වන්දි ලබාගත් මන්ත්‍රීවරුන්ගේ ලේඛනය සහ එම වන්දි මුදල වෙන වෙන ම

කපිල නුවන් අතුකෝරළ – රුපියල් 504,000
විමලවීර දිසානායක – රුපියල් 550,000
ගීතා කුමාරසිංහ – රුපියල් 972,000 
ජනක තිස්සකුට්ටිආරච්චි  – රුපියල් 1,143,000
ගුණපාල රත්නසේකර – රුපියල් 1,412,780
ප්‍රේමනාත් සී දොලවත්ත – රුපියල් ලක්ෂ 23යි
ප්‍රියංකර ජයරත්න – රුපියල් 2,348,000
සම්පත් අතුකෝරළ – රුපියල්   2,540,610
ජයන්ත කැටගොඩ – රුපියල් 2,814,800
විමල් වීරවංශ  – රුපියල් 2,954,000
මහාචාර්ය චන්න ජයසුමන – රුපියල් 3,334,000
අකිල එල්ලාවල – රුපියල් 3,554,250
චමල් රාජපක්ෂ – රුපියල් 6,539,374
චන්දිම වීරක්කොඩි – රුපියල් 6,948,800
අශෝක ප්‍රියන්ත – රුපියල් 7,295,000
සමන් ප්‍රිය හේරත් – රුපියල් ලක්ෂ 105.2යි
ජනක බණ්ඩාර තෙන්නකෝන් – රුපියල් ලක්ෂ 105.5යි
රෝහිත අබේගුණවර්ධන – රුපියල් ලක්ෂ 116.4යි
විශේෂඥ වෛද්‍ය සීතා අරඹෙපොළ – රුපියල් ලක්ෂ 137.8යි
සහන් ප්‍රදීප් – රුපියල් ලක්ෂ 171.3යි
ශෙහාන් සේමසිංහ – රුපියල් ලක්ෂ 185.1යි
ඉන්දික අනුරුද්ධ – රුපියල් ලක්ෂ 195.5යි
මිලාන් ජයතිලක – රුපියල් ලක්ෂ 223යි
වෛද්‍ය රමේෂ් පතිරණ – රුපියල් ලක්ෂ 281යි
දුමින්ද දිසානායක – රුපියල් ලක්ෂ 288යි
කනක හේරත් රුපියල් ලක්ෂ 292යි
ඩී බී හේරත් – රුපියල් ලක්ෂ 321යි
ප්‍රසන්න රණවීර –  රුපියල් ලක්ෂ 327යි
ඩබ්ලිව් ඩී වීරසිංහ – රුපියල් ලක්ෂ 372යි
ශාන්ත බණ්ඩාර – රුපියල් ලක්ෂ 391යි
එස් එම් චන්ද්‍රසේන – රුපියල් ලක්ෂ 438යි
සනත් නිශාන්ත – රුපියල් ලක්ෂ 427යි
සිරිපාල ගම්ලත් – රුපියල් ලක්ෂ 509යි
අරුන්දික ප්‍රනාන්දු – රුපියල් ලක්ෂ 552යි
සුමිත් උඩුකුඹුර – රුපියල් ලක්ෂ 559යි
ප්‍රසන්න රණතුංග – රුපියල් ලක්ෂ 561යි
කෝකිලා ගුණවර්ධන – රුපියල් ලක්ෂ 587යි
මොහාන් පී ද සිල්වා – රුපියල් ලක්ෂ 601යි
නිමල් ලාන්සා රුපියල් ලක්ෂ – 692යි
අලි සබ්රි රහීම් – රුපියල් ලක්ෂ  709යි
ගාමිණි ලොකුගේ – රුපියල් ලක්ෂ 749යි
ජොන්ස්ටන් ප්‍රනාන්දු  – රුපියල් ලක්ෂ 934යි
කෙහෙළිය රඹුක්වැල්ල – රුපියල් ලක්ෂ 959යි

Related articles

Recent articles

spot_img