spot_img
spot_imgspot_img

මහාචාර්ය නීලිකා මලවිගේට ජාත්‍යන්තර තනතුරක්

පුවත්

විදෙස්

ශ්‍රී ලාංකික මහාචාර්ය නීලිකා මලවිගේ ජාත්‍යන්තර බෝවන රෝග සංගමයේ සභාපති ලෙස පත් වී තිබේ. ඇය එම තනතුරට දැන් පත්ව සිටිය ද ඇගේ රාජකාරී ආරම්භවීමට නියමිත 2027 වර්ෂයේ සිට ය.

මහාචාර්ය මලවිගේ බෝනොවන රෝග ක්ෂේත්‍රයේ දිගුකාලීන පර්යේෂකයකු ලෙස ලබා දී ඇති දායකත්වය සැළකිල්ලට ගනිමින් මෙම තෝරාගැනීම සිදුකර ඇත.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප්‍රතිශක්තිකරණය හා අනුක වෛද්‍ය විද්‍යා දෙපාර්තමේන්තුවේ මහාචාර්යවරියක් ලෙස කටයුතු කරන ඇය කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය උපාධිධාරිනියකි. ඇය සිය ආචාර්ය උපාධිය ලබා ඇත්තේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයෙනි.

සාර්ස් සහ කො‍විඩ් -19 වයිරස සම්බන්ධයෙන් ඇය සිදුකර ඇති පර්යේෂණ ජාත්‍යන්තර ඇගයීමට ද ලක්ව තිබිණි. ලෝකයේ වඩාත් බලපෑම් සහගත පර්යේෂණ අගය කිරීමේ එල්.සේවිය ස්ටෑන්ඩර්ඩ් ශ්‍රේණිගත කිරීම් අනුව මහාචාර්ය නීලිකා මලවිගේ ඉහළ ඇගයීමක් හිමිකරගත් පර්යේෂිකාවකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!