-4.8 C
New York

ලුණු මිල වැඩි කරයි

Published:

ලුණු මිල ඉහළ දැමීමට ලංකා ලුණු සමාගම තීරණය කර තිබේ. ඒ අනුව ග්‍රෑම් 400 ලුණු කුඩු පැකට්ටුවක මිල රුපියල් 20.00කින් වැඩිකර ඇත. ඒ අනුව එම පැකට්ටුවක මිල රුපියල් 120.00ක් වෙයි.  ලුණු කැට කිලෝග්‍රෑම් 01ක පැකට්ටුවක මිල රුපියල් 60.00කින් වැඩිකරන බැවින් එම පැකට්ටුවක මිල රුපියල් 180.00ක් බවට පත්වෙයි.

හම්බන්තොට පිහිටි ලංකා ලුණු සංස්ථාව පවසන්නේ ආනයනික ලුණු සඳහා වැඩි පිරිවැයක් දැරීමට සිදුවන බැවින් මෙලෙස ලුණු මිල වැඩිකිරීමට සිදු වූ බවයි.

ශ්‍රී ලංකාවේ ලුණු පරිභෝජනය වාර්ෂිකව මෙට්‍රික් ටොන් ලක්ෂ 02ක් පමණ වේ. ලුණු සමාගම පවසන්නේ මෙලෙස මිල වැඩකර ඇත්තේ තාවකාලිකව බවයි.

සංස්ථාව පවසන්නේ පසුගිය වසරේ අවසන් කාර්තුවේ පැවැති අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් මෙරට ලුණු නිෂ්පාදනය අඩු වූ බවයි. මේ නිසා ඉන්දියාවෙන් ලුණු මෙට්‍රික්ටොන් 12,000ක් ආනයනය කළ බව රජය පවසයි.

ලබන මාර්තු මාසයේ සිට හම්බන්තොට ලේවායේ ලුණු නිෂ්පාදනය සාමාන්‍ය පරිදි සිදුවනු ඇතැයි අපේක්ෂා කරන බැවින් නැවත ලුණු ආනයනයේ අවශ්‍යතාවක් පැන නගින්නේ නැතැයි ද එවිටට යළි ලුණු මිල අඩුකළ හැකිවේයැයි ද ලුණු සමාගම පවසයි.

මෙරට ලුණු අවශ්‍යතාවයෙන් 50%ක් ම නිපදවන්නේ හම්බන්තොට ලුණු ලේවාය මගිනි. පරන්තන් සහ පුත්තලමේ ද ලුණු ලේවාය පිහිටා ඇත.

Related articles

Recent articles

spot_img