-5.9 C
New York

දරුවන්ට සහ දිළිදුන්ට නොමිළේ බෙදන්න ගෙනා ආහාර ගබඩාවල ම කල් ඉකුත්වෙයි

Published:

දිළිඳු ජනතාවට සහ පාසල් සිසුන් සඳහා නොමිළයේ බෙදා හැරීමට තිබූ සහල්, පරිප්පු සහ රටඉඳි කිලෝ ග්‍රෑම් ලක්ෂ 15කට වැඩි ප්‍රමාණයක් රජයේ ගබඩාවලම කල් ඉකුත් වී ඇතැයි අනාවරණය වෙයි.

2023 වර්ෂයේ දී ලෝක ආහාර වැඩසටහන යටතේ ඕස්ට්‍රේලියාව සහ කසකස්තානය ඇතුළු රටවල් කිහිපයකින් මෙම ආහාර තොග ලැබී තිබිණි.

ඒවා ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුවේ වේයන්ගොඩ ගබඩා සංකීර්ණයේ ගබඩා කර තිබී ඇත. එම ගබඩා සංකීර්ණයේ වර්ග අඩි 28,000කින් යුතු ගබඩා 16ක් ඇති අතර ඉන් ගබඩා 10ක් ආහාර ගබඩා කිරීමට යොදාගෙන තිබිණි. මෙම කල් ඉකුත් වූ ආහාර තොගය ඉන් ගබඩා 03ක ඇති බව ද අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි.

Related articles

Recent articles

spot_img