spot_img

ඉන්දීය අයවැයෙන්, ශ්‍රී ලංකාවට කෝටි 1,032ක්

පුවත්

විදෙස්

ඉන්දියාවේ අයවැය ප්‍රකාශය මගින් ශ්‍රී ලංකාව වෙනුවෙන් රුපියල් කෝටි 1,032ක් හෙවත් ඉන්දීය රුපියල් කෝටි 300ක් වෙන්කර ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි.

පසුගිය 2024 වර්ෂයේ දී ඉන්දියාවේ අයවැයෙන් ශ්‍රී ලංකාව සඳහා රුපියල් කෝටි 245ක මුදලක් වෙන්කර තිබිණි.

ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ ශ්‍රී ලංකාවට ආර්ථික අර්බුදයෙන් මිදීම සඳහා මෙම මුදල වෙන්කරන බවයි.

ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් ඉයේ (01) ‍මෙවර අයවැයි ඉන්දීය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළාය.

ඉන්දීය රුපියල් කෝටි 20,516ක් එරට විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහා වෙන්කර ඇති අතර එම මුදලින් ඉන්දීය රුපියල් කෝටි 5,483ක් විදෙස් රටවල් සඳහා වෙන්කර ඇත. එම මුදලට ශ්‍රී ලංකාව වෙනුවෙන් වෙන් වූ ඉන්දීය රුපියල් කෝටි 300ද අන්තර්ගත වෙයි.

ඉන්දියාව වැඩිම මුදලක් වෙන්කර ඇත්තේ භූතානය වෙනුවෙනි. එම මුදල ඉන්දීය රුපියල් කෝටි 2,150කි. 2024 වර්ෂයේ දී භූතානය වෙනුවෙන් ඉන්දීය රුපියල් කේාටි 2,068ක මුදලක් වෙන්කර තිබිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles