spot_img
spot_imgspot_img

සජිත් ප්‍රේමදාස සහ ඇමෙරිකා තානාපති අතර එකඟතා රැසක්

පුවත්

විදෙස්

ශ්‍රී ලංකා – ඇමරිකානු පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය පිහිටුවීම පසුගියදා පාර්ලිමේන්තු සංකීරණයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනි ජූලි චන්ග් දෙදෙනාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

එහිදී මෙරට ඉදිරි සංවර්ධන කටයුතු සඳහා අඛණ්ඩ සහයෝගය ලබාදෙන ලෙස විපක්ෂ නායකවරයා සිදුකළ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් තානාපතිනී ජූලි චුන්ග් පවසා ඇත්තේ, ඒ සඳහා තමන් සහ ඇමරිකා එක්සත් ජනපදය අඛණ්ඩව කටයුතු කරන බවයි.

එමෙන්ම විපක්ෂයේ නායකයා ලෙස පටු දේශපාලන අරමුණුවලින් බැහැරව රට වෙනුවෙන් සිදුකරන ක්‍රියාවලියද තානාපතිවරියගේ ඇගයීමට ලක්විය.

ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී සහ ආර්ථික සංවර්ධනය සඳහා එක්සත් ජනපදයේ දායකත්වය මෙහිදී සිහිපත් කළ සජිත් ප්‍රේමදාස මෙරට මානව සංවර්ධනයේදීත්, ආර්ථික වර්ධනයේදී සහ ත්‍රස්තවාදයට එරෙහි කටයුතු වලදීත්, ඇමරිකාව ලබාදුන් සහය ඇගයීමට ලක් කළේය.

පාස්කු ප්‍රහාර, COVID-19 වසංගතය සහ ආර්ථික පසුබෑම ඇතුළු බහු අර්බුදවලින් ශ්‍රී ලංකාවට යළි නැගී සිටීමට දායකත්වය ලබාදුන් අයුරින්ම, ඉදිරියේදීත් එක්සත් ජනපදයේ අඛණ්ඩව සහාය ශ්‍රී ලංකාවට ලබාදෙන ලෙස විපක්ෂ නායකවරයා එක්සත් ජනපදයෙන් ඉල්ලා සිටියේ ය.

එක්සත් ජනපද සෙනෙට් සභාවේ හිටපු සීමාවාසිකයෙකු ලෙස තමන් ලද අත්දැකීම්ද සිහිපත් කළ සජිත් ප්‍රේමදාස ඇමරිකානු ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයේ වගවීම සහ විනිවිදභාවය තුළින් ප්‍රජාතන්ත්‍රවාදයන් ක්‍රමයේ ගැඹුර පිළිබඳ පාඩම් රැසක් කියාදෙන බවද අවධාරණය ‍කළේ ය.

මේ අවස්ථාවට පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් රැසක්ද එක්ව සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!