-5.9 C
New York

ජනපතිට විරෝධය දක්වන්න, අධිකරණයෙන් අවසර ලැබෙයි

Published:

ජනාධිපති අනුර කුමාර දිසානායක යාපනයේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවට සහභාගීවන අතරතුර සාමකාමී විරෝධතාවක් පැවැත්වීම සඳහා අධිකරණයෙන් අවසර ලැබී තිබේ.

යාපනය මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම අවසරය දී ඇත්තේ උතුරු පළාතේ රැකියා විරහිත උපාධිධාරීන් පවත්වවන විරෝධතාවයකටය.

යාපනය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමට සහභාගීවන ජනාධිපතිවරය තවත් මහජන වැඩසටහන් කිහිපයකට ද සහභාගී වීමට නියමිතය.

උතුරු පළාතේ රැකියා විරහිත උපාධිධාරීන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ  විශ්වලිංගම් මනිවන්නන් මහේස්ත්‍රාත්වරයාගෙන් ඉල්ලා සිටියේ ඔවුන්ගේ ඉල්ලීම් වෙනුවෙන් සාමකාමීව උද්ඝෝෂණයේ නිරතවීමට ඉඩ ලබාදෙන ලෙසයි.

ඒ අනුව සාමකාමී උද්ඝෝෂණයක් පැවැත්වීමට අධිකරණය අවසර දුන් නමුත් අධි ආරක්‍ෂිත කලාපවලට ඇතුළුවීම තහනම් කර තිබේ.

Related articles

Recent articles

spot_img