-5.9 C
New York

වරායේ කන්ටේනරයක ගින්නක්

Published:

කොළඹ වරායේ තිබූ බහාලුමක ඊයේ (30) රාත්‍රී ඇති වූ ගින්නකින් එම බහාලුමේ අඩංගු ද්‍රව්‍ය සියල්ල ගිනිගෙන විනාශ වී ඇතැයි වරාය අධිකාරිය පවසයි.

වරායේ බණ්ඩාරනායක තටාකය අසළ ගබඩා කර තිබූ මෙම බහාලුමෙන් භාණ්ඩ ඉවත් කරමින් සිටිය දී මෙලෙස ගිනිගෙන ඇති බව ද වාර්තා වේ.

රාත්‍රී 7.30ට පමණ ගින්න හටගෙන ඇති අතර වරාය ගිනි නිවන ඒකකය ගින්න මැඩ පැවැත්වීමට උත්සාහ ගත්ත ද රාත්‍රී 10.00 පමණ වනතුරුත් ගින්න නිවා දැමීමට නොහැකි වී තිබේ.

වරාය අධිකාරිය පවසන්නේ මෙම බහාලුමේ අන්තරායකර ද්‍රව්‍ය කිසිවක් අඩංගු බවට තොරතුරු නෙ‍ාමැති බවයි. කෙසේ වෙතත් මෙම ගින්න ඇති වූ ආකාරය සහ එයින් සිදු වූ හානිය පිළිබඳ විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

Related articles

Recent articles

spot_img