-5.9 C
New York

හිනිදුම, ත්‍රිත්ව ඝාතනයක්

Published:

හිනිදුම, පනංගල ප්‍රදේශයේ දී ඊයේ (30) රාත්‍රී වෙඩිතබා පුද්ගලයන් තිදෙනකු ඝාතනය කර ඇතැයි පොලිසිය පවසයි.

මෙලෙස ඝාතනයට ලක්ව ඇති පුද්ගලයන් දෙදෙනකු වයස අවුරුදු 29 හා 54 වියැති බව හඳුනාගෙන ඇති අතර අනෙක් පුද්ගලයාගේ වයස මෙතෙක් තහවරු කරගෙන නැත.

පොලිසිය පවසන්නේ ඔවුන් තිදෙනා මත්පැන් පානය කරමින් සිටිය දී යතුරුපැදියකින් දෙදෙනකු ටී 56 වර්ගයේ ගිනි අවියකින්  වෙඩි තබා පළාගොස් ඇති බවයි.

මෙම වෙඩි තැබීම රාත්‍රී 11.15ට පමණ සිදුව ඇතැයි ද පොලිසිය කියයි.

වෙඩි වැදුණු පුද්ගයන් තිදෙනා ම එම ස්ථානයේ මියගොස් ඇති අතර අද (31) ඝාතන සම්බන්ධ මහේස්ත්‍රාත් පරීක්ෂණ සිදුකිරීමට නියමිතය.

Related articles

Recent articles

spot_img