-5.9 C
New York

ඇමෙරිකා ගුවනේ දී සිදු වූ බිහිසුණු අනතුර

Published:

මගී ප්‍රවාහන යානයක් සහ යුද ගුවන් යානයක් උඩු ගුවනේ දි ගැටීමෙන් සිදු වූ අනතුරින් මියගිය පුද්ගලයන් 18 දෙනකුගේ මළ සිරුරු සොයාගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙලෙස අනතුරට පත්ව ඇත්තේ ඇමෙරිකාවේ මගී ප්‍රවාහන ගුවන් යානයක් හා ඇමෙරිකා ගුවන් හමුදාවේ බ්ලැක්හෝක් වර්ගයේ හෙලිකොප්ටර් යානයකි.

අනතුරට පත් වූ යානා දෙක ම වොෂින්ටන් හි පොටොමැක් ගංඟාවට ඇඳ වැටී ඇත. අනතුර සිදුවන අවස්ථාවේ දී මගී ප්‍රවාහන යානයේ මගීන් 60 දෙනකු සහ කාර්ය මණ්ඩලයේ 64 දෙනකු සිටි බව ද එරට මාධ්‍ය පවසයි.

කැන්සාස් හි සිට පැමිණෙමින් තිබූ මගී ගුවන් යානය වොෂිංටන් නගරයේ රේගන් ජාතික ගුවන්තොාටුපොළට ගොඩබාමින් සිටිය දී මෙම අනතුර සිදුව ඇත.

අනතුරින් එම යානය දෙකට කැඩී ගඟ මතට වැටී ඇති අතර හෙලිකොප්ටර් යානය ද උඩුකුරුව ජලය මතට වැටී තිබූ බව වාර්තා වේ.

රාත්‍රී අඳුර සහ කලාපයේ පවතින දැඩි ශීතල හේතුවෙන් මුදාගැනීමේ මෙහෙයුම් අසීරු වී ඇත. හදිසි අවදානම හේතුවෙන් රේගන් ජාතික ගුවන් තොටුපොළේ මෙහෙයුම් කටයුතු තාවකාලිකව නවතා දමා තිබේ.

Related articles

Recent articles

spot_img