-5.9 C
New York

වායු දූෂණය අඩු වෙලා

Published:

රට පුරා වායුගෝලයේ තිබූ දූෂිත අංශු මේ වනවිට පහව ‍ගොස් ඇතැයි මධ්‍යම පරිසර අධිකාරියේ මාධ්‍ය ප්‍රකාාශක ආචාර්ය අජිත් ගුණවර්ධන පවසයි.

අද (30) දිනයේ දී මෙරට වායුගෝලීය දර්ශකය සාමාන්‍ය තත්වයට පත්ව ඇතත් පසුගිය දින කිහිපයේ වායුගෝලීය දර්ශක අගය 150 ඉක්මවා වාර්තා වී තිබිණි. මේ වනවිට එම අගය දැක්වෙන්නේ ඒකක 50ක් ලෙසිනි.

ඉන්දියාවේ සංවර්ධනයත් සමඟ ඇති අහිතකර බලපෑමත් ශ්‍රී ලංකාවේ වායුගෝලයේ දූවිිලි සහ අහිතකර වායු එකතුවීමට බලපාන බව පරිසරවේදීන්ගේ මතයයි.

මේ හේතුවෙන් පසුගිය දිනවල කොළඹ, ගාල්ල, මාතර සහ යාපනය යන ප්‍රදේශවල දැඩි අඳුරු ස්වභාවයක් සහ මිහිදුම් පටලයක් සහිත ස්වභාවයක් දක්නට ලැබුණු අතර අනෙකුත් ප්‍රදේශවලට ද මේ බලපෑම එල්ල වී තිබිණි.

මධ්‍යම අධිකාරිය පවසන්නේ මේ අහිතකර තත්වය ඉක්මණින් පහව යාමට ඉඩ ඇති බවයි.

කෙසේවෙතත් ස්වසන අපහසුතා ඇති සංවේදී පුද්ගලයන්ට යම්කිසි අපහසුතායක් ඇති වන්නේ නම් අදාළ වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවන ලෙස වෛද්‍ය අංශ ඉල්ලීමක් කර තිබේ.

Related articles

Recent articles

spot_img