-5.9 C
New York

මන්ත්‍රී අර්චුනා අත්අඩංගුවට ගනී

Published:

විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් අද (28) සවස යාපනයේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්චුනා රාමනාදන් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකාර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග සඳහන් කළේය.

පොලිසිය සඳහන් කරන්නේ මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගනු ලැබුවේ පසුගිය ජනවාරි 20 වැනි දා රාත්‍රියේ අනුරාධපුර තලාව ප්‍රදේශයේ දී රථවාහන රාජකාරීවල නිරතව සිටි පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් සාපරාධී බලහත්කාරය පෑම හේතුවෙන් බවයි.

අනුරාධපුර මූලස්ථාන පොලිසිය මේ සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසු මන්ත්‍රීවරයා මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

Related articles

Recent articles

spot_img