ඇමෙරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් සියලුම ආකාරයේ විදේශ ආධාර අත්හිටුවීමට ගත් තීරණය හේතුවෙන් ශ්‍රී ලංකාව ඇතුළු රටවල් රැසකට අහිතකර බලපෑම් එල්ලවනු ඇතැයි විශ්ලේෂකයෝ කියති.
විදේශ මාධ්‍ය සඳහන් කරන්නේ එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ, සියලු ම එක්සත් ජනපද රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩල වෙත පණිවිඩයක් යොමුකරමින් මේ සම්බන්ධයෙන් දැනුම්වත් කර ඇති බවයි.
මෙම තීරණය හේතුවෙන් ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවෙන් සහ අන්තර්ජාතික සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද ඒජන්සිය (USAID) ලොව පුරා වැඩසටහන් සඳහා යොමුකර ඇති ඩොලර් බිලියන ගණනක අරමුදල් අහිමි වීමට ඉඩ ඇති බවයි.
කොළඹ එක්සත් ජනපද තානාපති කාර්යාලයට අනුව, 1956 සිට එක්සත් ජනපදය ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 02කට වඩා (රුපියල් බිලියන 720කට ආසන්න) ආධාර ලබා දී ඇති බවයි.
මෙම අරමුදල් රජය, රාජ්‍ය නොවන සංවිධාන සහ සිවිල් සමාජය හරහා බෙදා හරිනු ලැබ තිබිණි.
රාජ්‍ය ලේකම්වරයාගේ සංදේශයේ සඳහන් වන්නේ “යෝජිත සෑම නව පිරිනැමීමක්ම හෝ දිගුවක්ම සමාලෝචනය කර අනුමත කරන තුරු නව පිරිනැමීම් හෝ ක්‍රියාත්මක පිරිනැමීම් දීර්ඝ කිරීම සඳහා නව අරමුදල් නොලැබෙනු ඇත” යනුවෙනි.
සංවර්ධන ආධාරවල සිට හමුදා ආරක්ෂක ආධාර දක්වා සියල්ලටම මෙම පුළුල් නියෝගය බලපානු ඇතැයි කියයි.