-5.2 C
New York

යෝෂිත රිමාන්ඩ්

Published:

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ යෝෂිත රාජපක්ෂ ලබන 27 වැනි දා දක්වා රිමාන්ඩ් කරන්න යැයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී අද (25) නියෝග කළාය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ දෙවැනි පුතාවන යෝෂිත දක්ෂිණ අධිවේගී මාර්ගයේ බෙලිඅත්ත පිවිසුමේ දී අත්අඩංගුවට ගනු ලැබූ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. ඔහුගේ මිත්තණියක වන ඩේසි ෆොරස්ට් හා එක්ව රුපියල් ලක්ෂ 340ක මුදලකට රත්මලාන, සිරිමල් පෙදෙසේ ඉඩමක් සහ නිවසක් මිලදී ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට ඔහු අත්අඩංගුවට ගෙන තිබිණි.

එම නිවස මිලදී ගැනීම සඳහා මුදල් ලැබුණු ආකාරය පිළිබඳව 2006 අංක 5 දරන මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ සිදුකරන විමර්ශනයකට අදාළ උදෘත ගොනු නීතිපතිවරයා වෙත යොමු කළ බව පොලීසිය සඳහන් කළේය. ඒ අනුව අදාළ නඩුවේ සැකකරුවකු ලෙස යෝෂිත රාජපක්ෂ නම් කිරීමට තරම් ප්‍රමාණවත් සාක්ෂි පවතින බවද පොලීසිය පැවසීය.

අදාළ නඩුවේ ප්‍රධාන සැකකාරිය වන්නේ, යෝෂිත රාජපක්ෂගේ මිත්තණිය වන ඩේස් ෆොරස්ට් නම් කාන්තාවයි.

Related articles

Recent articles

spot_img