සංගීත සංදර්ඔශන සහ සංගීත ප්‍රසංග රාත්‍රී කාලයේ පවත්වන කාල සීමාව සම්බන්ධයෙන් රජය තීරණයක් ගෙන නොමැති අතර අධිකරණය මගින් මෙතෙක් ලබා දී ඇති තීන්දුවලට අනුව පමණක් කටයුතු කරන බව නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා සඳහන් කළේය.
ඔහු මේ බව කියා සිටියේ අද (25) සවස රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ය.
2005/38 දරන අධිකරණ තීන්දුව මගින් ශබ්දය විකාශනය කිරීමේ යන්ත්‍ර භාවිතය සම්බන්ධයෙන් තීන්දුවක් ලබා දී ඇති අතර ඒ අනුව පොලිස්පතිවරයා විසින් අදාල චක්‍රලේඛ නිකුත්කර ඇති බව ද අමාත්‍යවරයා කීවේය. 2010 වසරේදී ශබ්දය සම්බන්ධ පොලිස්පති චක්‍රලේඛ සංශෝධනයට ලක් කර ඇති බවද පැවසීය.
සංචාරක ක්ෂේත්‍රයක කිසිදු ආකාරයක බලපෑමක් සිදු නොවන ආකාරයෙන් මෙම සංශෝධන සිදුකළ යුතුව ඇති බව සඳහන් කළ අමාත්‍යවරයා රජය මෙරටට සංචාරකයින් ගෙන්වා ගැනීම සඳහා වැඩසටහන් රැසක් දියත් කර ඇති බවද සඳහන් කළේය.
මෙම වසරේ ගතවූ දින 22ක කාලයක තුළ සංචාරකයින් එක්ලක්ෂ හැත්ත හත්දහස් හාරසිය තුන් දෙනෙකු මෙරටට පැමිණ ඇති බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවේය.
සංචාරක ක්ෂේත්‍රයේ නියැලෙන පිරිස් පවසන්නේ ශ්‍රී ලංකාවේ ආගමික ස්ථාන, පොදු ස්ථාන සහ සංගීත සංදර්ශන, ඩිස්කෝ සංදර්ශන හේතුවෙන් බොහෝ සංචාරකයන් තමන් විසින් ලබාගන්නා කාමර පහසුකම් පවා අවලංගුකර ආපසු හැරී යන බවයි.
අධිකරණ තීන්දුවලට සහ පොලිස්පති චක්‍රලේඛවලට පටහැනි ආකාරයෙන් මෙරට ශබ්ද විකාශන කටයුතු සිදුවන බැවින් මේ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමේ දැඩි අවශ්‍යතාවක් පවතින බව ද සංචාරක ක්ෂේත්‍රයේ නියැළි ව්‍යාපාරිකයෝ කියති.
මම අමෝර් බීච් විලා, උනවටුන, ගාල්ල හෝටලයේ කලමනාකරු නීල් රත්නායක. අපට යාබද හෝටලය වන ඒන්ජල් බීච් හෝටල නිරතුරුව රැය පහන් වනතුරු සිදුකරන අධි ඩ්වනි සංගීතය සමග කෙරෙන බීච් පාර්ටි නිසා අප හෝටලයේ විදේශීය සංචාරකයන් පත්වන්නේ අති මහත් පීඩාවකටයි. ඔවුන් නිරතුරුව කාමර වෙන්කරගැනීම් අතරමග අවලංගු කර පිටව යන අතර මේ බව පැමිනිලි කිරීම නිසා සංචාරක ඒජන්තවරුන් විශාල වශයෙන් අපගේ බුකිං අවලංගු කෙරෙමින් පවතී. මේ හේතුව නිසා අප සියලු දෙනාගේම රැකියා පවතින්නේ අවදානමකයි. අදාල සියලු බලදාරීන්ට පැමිනිලි කලද ඔවුන් ඉතා බලවත්ව එම කාරිය නිදැල්ලේ කරගෙන යයි. ඔවුන් සිටින්නේ නීතියට ඉහලිනි. දැන්වත් අපට සාධාරනයක් ඉටු කර දෙන මෙන් ඉල්ලමි.