-5.2 C
New York

යෝෂිත රාජපක්ෂ අත්අඩංගුවට

Published:

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුතකු වන යෝෂිත රාජපක්ෂ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (25) උදෑසන බෙලිඅත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග කීවේය.

මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත්තේ, 2006 අංක 05 දරණ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතට වැටෙන වැරදි යෝෂිත රාජපක්ෂ විසින් සිදුකර ඇති බවට ප්‍රමාණවත් සාක්ෂි ඇති බවට නීතිපතිවරයා විසින් දැනුම් දීම අනුවය.

යෝෂිත රාජපක්ෂ සම්බන්ධයෙන් අපරාධ නඩු විධාන සංග්‍රහය පනත ප්‍රකාරව ඉදිරි කටයුතු සිදුකිරීම සඳහා මෙම අත්අඩංගුවට ගැනීම සිදුකළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.

ඉඩමක් සහ නිවසක් මිල දී ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා යෝෂිත පසුගිය ජනවාරි 03 වැනි දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොස් තිබිණි.

Related articles

Recent articles

spot_img