මන්නාරම සහ පුනරීන් ප්‍රදේශවල, අදානි සමාගම මගින් ක්‍රියාත්මක කිරීමට යෝජිත මෙගාවොට් 484ක් සුළංබල ව්‍යාපෘති අවලංගු කර ඇති බවට ශ්‍රී ලංකාවේ පළවන වාර්තා අසත්‍යයක් බව අදානි සමාගම නිවේදනයක් නිකුත්කරමින් කියා සිටියි.
එම නිවේදනයේ දැක්වෙන්නේ එම වාර්තා අසත්‍ය සහ නොමඟ යවන සුළු ඒවා බවයි.
2025 ජනවාරි 02 වන දින ශ්‍රී ලංකාවේ අමාත්‍ය මණ්ඩලය විසින් 2024 මැයි මාසයේදී අනුමත කරන ලද ගාස්තු, නැවත ඇගයීමට ගත් තීරණය නව රජය විසින් සිදු කරන ලද සම්මත සමාලෝචන ක්‍රියාවලියක් බවත්, සමාලෝචනය රටේ යාවත්කාලීන කරන ලද බලශක්ති ප්‍රතිපත්ති සහ ප්‍රමුඛතා සමග පෙළගැස්වීම සහතික කිරීම අරමුණු කර ගෙන ඇති බවත් ඔවුන් විසින් නිකුත් කරන ලද නිවේදනයේ සඳහන් වේ.
මෙම ව්‍යාපෘති අවංලගු කර නොමැති බව අවධාරණය කරනු ලබන අදානි සමූහය පවසන්නේ, ශ්‍රී ලංකාවේ හරිත බලශක්ති අංශයේ ඩොලර් බිලියන 01ක ආයෝජනයක් වෙනුවෙන් සිය කැපවීම අවධාරණය කරනු ලබන බවයි.
අද (24) දෙස් විදෙස් මාධ්‍ය ගණනාවක්ම, ශ්‍රී ලංකාවේ මෙම අදානි ව්‍යාපෘති අවලංගු කර ඇති බවට වාර්තා පළ කර තිබුණි.