පළාත් සභා වඩාත් කාර්යක්ෂම කර ජනතාවට වඩාත් ඵලදායී සේවාවක් සැළසීමට අවශ්‍ය මූලික නීති ප්‍රතිපාදන සැළසීම සඳහා වූ පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පත් තුනක් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර විසින් අද (22) පාර්ලිමේන්තු මහලේකම්වරියට භාර දී තිබේ.
1987 අංක 42 දරන බලතල පැවරීමේ (ප්‍රාදේශීය ලේකම්වරයන්) පනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පතක්, 1989 අංක 12 දරන පළාත් සභා (ආනුෂංගික විධිවිධාන) පනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පතක් සහ 1992 අංක 58 දරන බලතල පැවරීමේ (ප්‍රාදේශීය ලේකම්වරයන්) පනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පතක් මෙලෙස භාරදුන් බව දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා කීවේය.
ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනය යටතේ පළාත් සභා පිහිටුවා ඇති අතර මන්ත්‍රීවරයාගේ මෙම නව පනත් කෙටුම්පත් කිසිදු ව්‍යවස්ථා සංශෝධනයක් හෝ ජනමත විචාරණයක් අවශ්‍ය නොවන පරිදි පාර්ලිමේන්තුවේ සාමාන්‍ය බහුතරයකින් සම්මත කරගත හැකි පරිදි කෙටුම්පත් කර ඇති බව ද හෙතෙම කීවේය.
මෙම නව පනත් කෙටුම්පත්වල අරමුණ වන්නේ, පළාත් සභාවල මූල්‍ය තීරණ ගැනීමේ වපසරිය වඩාත් සුමට කිරීමටත්, රාජ්‍ය ආයතනික රාමුව තුළ පළාත් සභාවල ස්ථානගත වීම වඩාත් තාර්කික සහ කාර්යක්ෂම කිරීමයි.